SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ
මෙම වෙබ් අඩවිය පවත්වා ගැනීම සදහා ගණ දෙවි බැතිමතුන් වශයෙන් ඔබගේ සහය අවශ්‍ය වෙනවා.

වෙබ් අඩවිය ගැන.


ගණ දෙවියන්ගේ බැතිමතෙකු වශයෙන් ගණ දෙවියන් පිළිබදව සිංහලෙන්ම අන්තර්ජාල ප්‍රජාව තවත් දැනුවත් කිරිමේ අරමුණින් 2015 ඔක්තෝබර් 19 වැනි දින www.sriganesha.net නමැති මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කරනු ලැබුවෙමි.
ගණ දෙවියන් පිළිබදව මා සතු අත්දැකීම් , දන්නාදේ , ගණ දෙවියන්ගේ ලස්සන ඡායාරූප , විඩියෝ පළ කිරිමට මෙන්ම බැතිමතුන් වශයෙන් ඔබ විසින් සිදුකරනු ලබන ගණ දෙවි පූජා , අත්දැකිම් ආදිය පළ කිරිමටද මෙම වෙබ් අඩවිය විවෘත ව ඇත. මෙය පෞද්ගලික වෙබ් අඩවියක් නොවන අතර ගණ දෙවියන් පිළිබදව ඉගෙන ගැනීමට කැමති , භක්තිය ඇති නව බැතිමතුන් ට ගණ දෙවියන් පිළිබදව සිංහලෙන්ම අන්තර්ජාලයේන් දැනගැනිමට ඉඩ ප්‍රස්ථාව සලසන්නකි.

මෙම වෙබ් අඩවිය කිසිදු ආකාරයෙන් මුදල් හෙවිම සදහා ආරම්භ කරන ලද්දක් නොවන අතර විශේෂයෙන්ම අලුත් ගණ දෙවි බැතිමතුන්ට සිංහලෙන් අන්තර්ජාලයේ තොරතුරු ලබාදිමට කරන එක් ප්‍රයත්නයක් වගේම දැනටමත් සිටින ගණ දෙවි බැතිමතුන්ට ඔවුන්ගේ අදහස් , පූජා ඡායාරූප ,අත්දැකිම් ආදිය අන්තර්ජාල ප්‍රජාව වෙත ළගාකරන වේදිකාවකි.

මෙම වෙබ් අඩවිය සදහා ඔබට දායක විය හැකි ආකාරය.


  • ඔබ විසින් සිදුකරනු ලබන පූජාවන්හි ඡායාරූප අප Facebook පිටුවට upload කරන්න.
    https://www.facebook.com/LordGaneshaDevotees
  • ඔබ දැනටමත් ගණ දෙවියන්ගේ බැතිමතෙකු නම් ඔබ ගණ දෙවියන් ගැන දන්න දේවල් නව බැතිමතුන් උදෙසා ලිපියක් ලෙස ලියා අපිට එවන්න.
    E-mail : sriganeshaweb@gmail.com
  • මෙම වෙබ් අඩවියෙහි පළ වෙන ලිපි කියවා , ලිපිය අවසානයේ ඇති 'මිතුරන් අතර SHARE කරන්න' යන කොටසින් පහත ඇති බොත්තම් ක්ලික් කොට Facebook ඇතුලු ඕනෑම සමාජ ජාලයකට මෙම ලිපි SHARE කළ හැකියි.
  • මෙම වෙබ් අඩවිය පිළිබදව ඔබගේ මිතුරන් , නව ගණ දෙවි බැතිමතුන් දැනුවත් කරන්න.
  • මෙම වෙබ් අඩවිය වර්ධනය කිරිමට එකතු කළ යුතු නව අංග පිළිබදව මාව දැනුවත් කරන්න.

ඉහත සදහන් සියලු කරුණු කිරිම සදහා ඔබට රුපියලක මුදලක් හෝ වැය වන්නේ නැහැ. ගණ දෙවියන්ගේ සැබැ බැතිමතෙකු නම් පුංචි වේලාවක් අරන් ඉහත ඒවායින් එකක් හෝ ඔබ කරාවි යැයි විශ්වාස කරමි.










ගණ දෙවියන් කියන්නේ හරිම විනෝදයෙන් ඉන්න කැමති දෙවි කෙනෙක් විදියටය සලකනු ලබන්නේ. ගණ දෙවියන් වන්දනාමාන කරන බැතිමතෙකු වශයෙන් ඔබ දැනගත යුතුයි ගණදෙවියන් වැඩියෙන් කැමති මොන විදියේ දේවල් වලට ද කියලා.

මම ගණ දෙවියන් වන්දනාමාන කරන්නේ මිට වසර 3කට විතර කලින් ඉදන්. දිනපතාම පාහේ ගණදෙවියන් වන්දනා කරමින් වැඩකටයුතු අරඹන මට බොහෝ ප්‍රශ්න වලට විසදුම් වගේම ජිවිතය සතුටින් ගතකරන්න ගණදෙවියන්ගෙන් ලැබුණු දේ අපමණයි.

මාගේ පෞද්ගලික අත්දැකීම් හා ගණදෙවියන් පිළිබදව මෙතෙක් ඉගෙන ගත් දේවල් අනුව මෙම ලිපිය ලියන්න මා කල්පනා කළා.

ගණ දෙවියන්ගේ උප්පත්තිය පිළිබදව විවිධ කතා පවතින අතර මේ කියන්න යන්නේ ඒ වගේ තියෙන ප්‍රසිද්ධ කතාවක් පිළිබදව.

Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET