SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ

Popular Posts

ගණ දෙවියන් නිවැරදිව වන්දනාමාන කිරිම අරඹමු.

මොකද්ද මේ ගනේෂ් චතුර්ති උත්සවය? එය සමරන්නේ කොහොමද?

ගණ දෙවියන්ගේ උපන්දිනය නිවසේදි සමරන අයුරු

ගණ දෙවි බැතිමතුන් නිතර අහන ප්‍රශ්න.

ගොඩ දෙනෙක් අපේ Facebook පිටුවට පණිවිඩ එවල අහල තිබ්බා ගණ දෙවි පූජාවක් නිවසේදි පවත්වන්නේ කොහොමද කියල. තවත් සමහරු අහල තිබ්බා 108 පූජාව කියන්නේ මොකද්ද කියල. ඒ නිසා මම හිතුවා මගේ අත්දැකීම් එක්කම ලිපියක් ඔයාලා වෙනුවෙන් ලියන්න. ගණ දෙවි පූජාව පවත්වන්නේ කවදටද? අලුත් ව්‍යාපාරයක් ආරම්භයේදි , එහෙම නැත්නම් සෑම සුබ කාර්යයකම ආරම්භයේදිම වගේ ගණ දෙවියන් වන්දනාමාන කරන එක හින්දු ජනයාගේ පුරුද්දක්. ඒකට හේතුව තමයි ගණ දෙවියන් කියන්නේ දේව මණ්ඩලේ ප්‍රධානියා. ගණ දෙවියන්ට පූජාවක් කරමින් සාර්ථකත්වය ඉල්ලා සිටින අතර බාධා දුරුකරල දෙන මෙන් ඉල්ලා සිටිනවා. එයට හේතුව ගණ දෙවියන් කියන්නේ බැතිමතුන්ගේ බාධා දුරුකරල දෙන දෙවි කෙනෙක් නිසා. ගණ දෙවි පූජාවක් තියන්න හොද දවසක් තමයි සදුදා , ඒ වගේම ගණ දෙවියන්ගේ උපන්දිනය සමරන චතුර්ති දවසත් ගොඩක් වැදගත්. කෙසේ වෙතත් විශේෂම දවසක් කියල නෑ , ඔබට හැකි සෑම අවස්ථාවකම වගේම ඔබ කරන සෑම අලුත් වැඩකටම කලින් ගණ දෙවියන්ට පූජාවක් තියලා ආශිර්වාදය ඉල්ලන එක හොද දෙයක්.

ගණ දෙවි පූජාව තියන්න කලින්.

නිර්මාංශ වීම.

 ඔබ පූජාව තියෙන දවස පුරාම නිර්මාංශ විම ගොඩක් වැදගත්. ඔබට පුලුවන් නම් ඊට පෙර දවස පුරාම ත් නිරමාංශ ව සිටින්න , ඒක ගොඩක් වැදගත් දෙයක්.

පිරිසිදුකම.

පිරිසිදුකම ගොඩක් වැදගත් දෙයක්. දෙවියන්ට පූජාවක් පවත්වන්න කලින් හොදින් ස්නානාය කර හොදට පිරිසිදු වෙන්න. ඒ විතරක් නෙමේ ඔබේ ගණ දෙවි පූජාසනය හොදට පිරිසිදු කරන්න.

ගණ දෙවි පූජාවකට වැදගත් වෙන දේවල්.

ගණ දෙවි පූජාව ඔබ නිවසේ තියෙනවනම් ඔබට පුලුවන් පහත දේවල් ලෑස්ති කරගන්න. ගණ දෙවියන් ගොඩක්ම කැමති ආහාර වලින් එකක් හෝ පූජා කරන්න උත්සාහ කරන්න. පහතින් සදහන් වෙන්නේ ආහාර කිහිපයක්
  • උක් 
  • හකුරු මිශ්‍ර කිරිබත්. 
  • ලඩ්ඩු. 
  • දෙලුම්. 
  • වඩේ. 
  • පැණිරස ආහාර (බිත්තර අඩංගු නොවන)
  • රතු මල්.
මොකද්ද මේ 108 පූජාව  හා සහස්‍රනාම් පූජාව කියන්නේ?

 108 පූජාව හෝ සහස්‍රනාම් පූජාව අපි මෙහිදි සිදුකරනුයේ ගණ දෙවියන්ට නම් 108 ක් ගායනා කරමින් උන්වහන්සේව වර්නනා කිරිමක්. සහස්‍රනාම් පූජාවේදි සිදුකරන්නේ ගණ දෙවියන්ට නම් 1000 ක් කියමින් උන්වහන්සේ ප්‍රශංසා කිරිමක්.

108 පූජාව පවත්වන්නේ කොහොමද? 

  • මේ සදහා ඔබට මල් හෝ පැණිරස (බිත්තර රහිත) 108ක් තබාගත යුතුයි. 
  • පහනක්. 
  • හදුන්කූරු. 
  • ගණ දෙවි ප්‍රතිමාවක්. 
  • ගණ දෙවියන් වෙනුවෙන් පූජා කළ හැකි උන්වහන්සේ කැමතිම ආහාරයක් හෝ ආහාර කිහිපයක් (ඉහත ආහාර සදහන් කළ ඇත) 
  • පොල් ගෙඩියක්. 
  • ඔබට පළතුරු පූජා කිරිමට හැකිනම් පළතුරු. (කෙසෙල් ,අඹ, දෙලුම්, ඇපල්, මිදි, දොඩම් ,අන්නාසි ) පියවර.
  • මල්.
මුලින්ම ගණ දෙවියන් සදහා වන මූල මන්ත්‍රයි තුන්වරක් කියන්න. පසුව ගණ දෙවියන් සදහා පහන් , හදුන්කූරු පත්තු කරන්න. පසුව ගණ දෙවියන් දිහා හොදින් බලාගෙන මෙහෙම කියන්න.

 ‘ආදරණීය ගණ දෙවියනි , අපි ඔබ වහන්සේට වන්දනාමා කරන්නයි සූදානම් වන්නේ , ඔබ කැමතිම ආහාර පූජා කරන්නයි සූදානමින් ඉන්නේ. මෙම ස්ථානයට වැඩම කරන්න ආදරණීය ගණ දෙවියනි. ඒ වගේම ඔබ වහන්සේව ප්‍රශංසා කරන්නයි සූදානම් වන්නේ , ආදරණීය ගණ දෙවියනි මෙම ස්ථානයට වැඩම කරන්න. කියල ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලන්න.

මේ වචනම වෙන්න ඕන නෑ. පසුව ඔබට තියෙන්නේ මුලින්ම එක් මලක් හෝ පූජා කිරිමට ගත් පැණිරස 108 න් 1ක් ගන්න. ගණ දෙවියන්ට ප්‍රශංසා කරන පළමු මන්ත්‍රය කියන්න. පසුව එය පූජා කරන්න. මේ විදියට 108 මන්ත්‍ර කියන්න.

කොහෙන්ද මේ 108 හෝ 1000 ක් නම් සහිත මන්ත්‍ර හොයාගන්නේ?

වෙළදපොලෙහි තියෙනවා ගණ දෙවියන්ගේ 108 පූජාව සහිත පොතක්. එහි කතෘවරයා ගොඩක් මහන්සිවෙලා සිංහල බසින් තේරුම සහිතව නම් 108 ද සහිත පොතක් මුද්‍රණය කර තිබෙනවා. අපි ඒව scan කරල මෙහි පළ කරන එක හොද දෙයක් නෙමේ. ඔබට පුලුවන් ගණ දෙවියන් වෙනුවෙන් පුංචි මුදලක් වියදම් කරල පොතක් ගන්න. නැත්නම් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලගන්න. අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.

පසුව.

ඔබ 108 මන්ත්‍ර කිමෙන් පසුව ඔබට පුලුවන් ගණ දෙවියන් සදහා කියන අනෙක් ගාථා / මන්ත්‍ර කියන්න. පසුව විනාඩි 20කින් වගේ පසුව ඔබට පුලුවන් ඔබ පූජා කරපු ආහාර ඔබගේ අසල්වැසියන් සමග බෙදාගෙන ආහාරයට ගන්න







ගණ දෙවියෝ කියන්නේ ජිවමාන දෙවි කෙනෙක්. ඒ බව ගණ දෙවියන්ට නිවැරදිව වන්දනාමාන කරන , භක්තියෙන් යුතුව වැදුම් පිදුම් කරන අය දන්නව ඇති. ගණ දෙවියන්ගේ පිහිට ලැබුනු වාර අනන්තයි. මම මේ ඔබ සමග බෙදාගන්න යන්නේ 2019 වසරේ මම ලබපු මුල්ම අත්දැකිම පිළිබදව. මුලින්ම කියන්න ඕන මෙහි එක කොටසක් හෝ ගොතපු කතාවක් නොවේ. එහෙම කරන්න කිසිම උවමනාවක් නෑ , මොකද මේ වෙබ් අඩවිය හෝ පේජ් එක හෝ කිසිම දෙයකින් මම ව්‍යාපාර කටයුත්තක් කරන්නේ නෑ.

මම ගැන.

මම වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඔබට මෙම www.sriganesha.net වෙබ් අඩවිය, ඇප් එක, ගණ දෙවිදුන් - Lord Ganesha පිටුව හා ගෘප් එක අවුරුදු 5ක කාලයක පටන් ගෙන එන්නේ කිසිම මුදලක් හෝ මේවාගෙන් හොයන්නේ නැතිව. ගණ දෙවියන්ට ආදරය කරන ගණ දෙවියන්ගේ බැතිමතෙක් විදියට තව එක බැතිමතෙකු හෝ ගොඩ නැගිමේ අරමුණින්. මේ සිද්ධිය මම අත්වින්දේ ගිය සතියේ. මම වැඩ කරන ආයතනය තුල මම නියැලි ඉන්න ව්‍යාපෘතිය විදේශිය රටකට සම්බන්ධ ව්‍යාපෘතියක්. මෙහිදි අපි සතිපතා ඔවුන්ට අප සිදුකරන ව්‍යාපෘතියේ progress එක (දැනට තියෙන තත්ත්වය) පෙන්නුම් කළ යුතුයි. මේ කටයුත්ත සතිපතා දැන් මාස 3ක විතර ඉදන් නොකඩවාම සිදුවුනා. ගිය සතියේ මට සිදුකරන්න තිබුනු කොටස සිදුකරන්න මට ටිකක් අමාරු වුනා. මම උත්සාහය අතහැරියේ නෑ. කොපමණ උත්සාහ කළත් මට සම්පූර්ණ කරගන්න අමාරු වුනා. ඒ වගේම ඒ කොටස මට පෙන්වන්න තිබ්බා මම කිව විදේශිකයන්ට ගිය සතියේ මුල. ඉතින් මම ගොඩක් අපහසුතාවයට පත්වෙලා හිටියේ. ඒක කරල නෑ කිවොතින් මට වගේම මම වැඩකරන ආයාතනයටත් හරි නෑ. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ , මම කලේ මම ගොඩක්ම විශ්වාස කරන ගණ දෙවියන්ට මේ ගැන කිව. වෙලාවත් මදි නිසා මේ දේ සාර්ථක කරගන්න වගේම , මම ඉල්ලුව ඔබ වහන්සේට හැකි නම් මේ සතියේ පැවැත්විමට තියෙන meeting එක cancel කරන්න කියල මගේ පූජාසනය ළගට ගිහින් ගණ දෙවියන්ගේ හොඩ වැල අතගාමින් මම ඉල්ලුවා. කෙනෙක්ට මේක විහිලුවක් වෙන්න පුලුවන් , ගණ දෙවියන් ගැන අවබෝධයක් නැති කෙනෙක්ට. හැබැයි ඔබ විශ්වාස කරන්නේ නැතිවෙයි , ඒ meeting එක තියන්න තිබ්බ දවසේ උදෑසන ඒ විදේශික කණ්ඩායමම ඉල්ල තිබ්බ ඒක වෙන දවසකට දැමිය යුතුබවට. මාස 3කට ආසන්නව එකම දවසක්වත් එහෙම වෙලා නෑ. ඒක නිසා ඒක කොහොමවත් වෙන්නම බැරි දෙයක්. ඒ වගේම ඒ meeting එක බැරිවෙලාවත් තිබුන නම් මගේ වෘත්තිය ජිවතේට ගොඩක් එය බලපාන දෙයක්. මොකද වැඩකටයුත්ත ඉවරකරන්න බැරිවුන නිසා.

ගණ දෙවියන්ගේ පිහිට ලැබුනු පළමු අත්දැකීම තමයි ඒක. ඒ වගේම එ් වැඩකටයුත්ත සාර්ථකව මට කරගන්න පසුව සහය ලැබුනා.

 මට උදව් කරන්න ඇත්තේ මෙන්න මේ කරුණු නිසා කියල මට හිතෙනවා.

1. මම මුකුත් නොකර ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලුවේ නැ. උත්සාහ කරල , එය සාර්ථක නොවුනු තැනයි මම ගණ දෙවියන්ගෙන් උදව්ව ඉල්ලුවේ. දෙවියෝ කියන්නේ මැජික් කරන පිරිසක් නෙමේ කියල බහුතර සිංහල බෞද්ධ අය දන්නේ නෑ. ගණ දෙවියන් ට දැනෙන්න ඇති මම උත්සාහ කරල බැරිම තැන තමයි මේ ඉල්ලිම සිදුකරන්නේ කියල.

2. විශ්වාසය හා භක්තිය - මම අවුරුද 6 කට ආසන්නව ගණ දෙවියන් වදිනවා , පිලිපදිනවා. කවදාවත්ම උදව් ගන්න බලාගෙන වදින්නේ නෑ. ඇත්තටම කිවොත් මම ඒක කරන්නේ පුදුම ආසාවකින්. ඒ නිසා දෙවිවරුන්ගේ ආශිර්වාදය මට ලැබෙන්න ඇති.

3. පිං දහම් කරන එක - මම සෑම විටම පුලුවන් විදියට පිං කටයුතු කරල ගණ දෙවියන්ට වගේම අනිකුත් දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවිවරු කැමති පිං දහම් කරන අයට , නැතිව පුලුවන් තරම් අයහපත් වැඩ කරල කරදරයක් වුනාම පූජා වට්ටියක් උස්සන් යන අයට නෙමේ.

 මම මේ අත්දැකීම ලියන්න හිතුවේ ගණ දෙවියන් ජිවමානයි කියන එක බැතිමතුන්ට පෙන්වා දෙන්න. මිට වඩා බොහෝමයක් අත්දැකීම් මා සතුයි. ඔබ සතු අත්දැකීමුත් බෙදාගන්න. නිවාරුදව ගණ දෙවියන් වදින්න. පිං දහම් කරන්නත.




අපි ගොඩක් ආදරය කරන දෙවි කෙනෙක් තමයි ගණ දෙවියන් කියන්නේ. ඔයා මේ ලිපිය කියවන්න ආරම්භ කරල කියන්නේ ඔයත් මේ වෙද්දි ගණ දෙවියන් වදින කෙනෙක් වෙන නිසා. සමහර විට ඔයා ගණ දෙවියන් වදින්න අලුත් වෙන්න පුලුවන්, එහෙම නැත්නම් පැරණි බැතිමතෙක් වෙන්නත් පුලුවන්. ඒ කොහොම වෙතත් අපි හැමෝටම වැදගත්ම දිනයක් තමයි ගණ දෙවියන්ගේ උපන්දිනය කියන එක.

 ගණ දෙවියන්ගේ උපන්දිනය පාදක කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය ගනේෂ් චතුර්ති උත්සවය කියල තමයි හදුන්වන්නේ. ඉන්දියාවේ මෙය ඉතාමත්ම ඉහලින් සමරනවා. මෙම ගනේෂ් චතුර්ති උත්සවය පිළිබදව මම කලින් ලියපු දිර්ඝ ලිපිය මේ වන විටත් ඔයා කියවල නැත්නම් පහත ලින්ක් එකෙන් ගිහින් කියවන්න.

http://www.sriganesha.net/2016/09/what-is-ganesh-chaturthi-and-how-it-is.html

ගනේෂ් චතුර්ති හෙවත් ගණ දෙවියන්ගේ උපන්දිනය ගනේෂ් චතුර්ති දිනය. ගොඩක් දෙනෙක් අහනවා කොහොමද මෙය සැමරිය යුත්තේ කියල. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? හිතන්න කොහොමද ඔයා ආදරය කරන කෙනෙක්ගේ උපන්දින උත්සවය සංවිධානය කරන්න ලැබුනොතින් ඔයා එය කරන්නේ. උදාහරණයක් විදියට ඔයාගේ දෙමව්පියන්ගේ , නැත්නම් දුවගේ පුතාගේ එහෙම නැත්නම් සැමියාගේ / බිරිදගේ. ඒවගේ උපන්දින උත්සවයක් සංවිධානය කරද්දි පුලුවන් උපරිමෙන්ම ඔයා සංවිධානය කරනව නේද? ඉතින් එහෙමනම් ගණදෙවියන්ගේ උපන්දිනය කියන්නේ අපි ඊටත් වඩා උපරිමෙන් ආදරෙන් සැමරිය යුතු එකක්. ගණ දෙවියන්ගේ කියන්නේ මේ ලෝකේ සියලුම දෙවිවරුන්ගේ (ඔයා දන්න කතරගම , විෂ්ණු , ලක්ෂ්මි ඇතුලු නම සදහන් කර නැති සියලුම දෙවි දේවතාවන්) ප්‍රධානියා තමයි ගණ දෙවියන්. ඉතින් හිතන්නකෝ ගණ දෙවියන්ට තියෙන තැන. ඒ වගේ කෙනෙක්ගේ උපන්දිනය සමරන්න ඔයාට ලැබෙනව කියන්නේ ඉතාමත්ම වටින දෙයක්. ඒ වගේම දෙව්ලොව සෑම කෙනෙක්ගේම ආදරයට පාත්‍රවුනු දෙවි කෙනෙක් තමයි අපේ ආදරණීය ගණ දෙවියන්.


 නිවසේදි පූජාව සිදුකරන අයුරු. 



රොෂානා ගෝමස් බැතිමතිය ගියවර සිදුකළ පූජාවේ ඡායාරූපයක්. 


 ගණ දෙවියන්ගේ උපන්දිනය සමරන  දවසේ ඔයා නිර්මාංශ වි සිටිම ගොඩක් වැදගත්. ඔයාට පුලුවන් නම් ඊට පෙර දිනයේ හෝ ඒ සතියම වුනත් නිර්මාංශ වෙලා ඉන්න ඒක ගොඩක් ම වැදගත් දෙයක්.  උදෑසනම අවදි වෙලා , (ඔයා බෞද්ධ කෙනෙක් නම් බුදු පහන තියලා ඒ වතාවත් කරල) ගණ දෙවියන්ගේ උපන්දිනය සමරන්න සූදානම් වෙන්න.




නිවසේ දී පූජාවට අවශ්‍ය දේ.


  • ගණ දෙවියන් කැමතිම ආහාර - මෝදක, ලඩ්ඩු , කඩල , වඩේ
  • (මීට අමතරව ඔබ කැමති ආහාරයක් තියන්න පුලුවන්. හැබැයි ඒ සියල්ල නිර්මාංශ විය යුතුයි. බිත්තර අඩංගු වුනු කිසිම දෙයක් තියන්න එපා)
  • ගණ දෙවියන් ප්‍රිය කරන පළතුරු - කෙසෙල් , අඹ , දෙලුම් මිට අමතරව තවත් කැමති පළතුරු තියන්න.
  • රතු පාට මල්.
  • ස්නාන පූජාව සදහා ද්‍රව්‍ය.
  • පහනක්.
  • සුවද දුම්.
  • පැන්.
  • පොල් ගෙඩියක්.
  • 108 හෝ 1000 පූජාව සදහා පැණිරස හෝ මල් හෝ ඔබ පූජාකරන දේවල්.


නිවසේ දී පූජාව සිදු කරන අයුරු.

මුලින්ම ගණ දෙවියන් උදෙසා ස්නාන පූජාව සිදුකරන එක ගොඩක්ම වැදගත් දෙයක්. මෙය ආරම්බ කිරිමට පෙර ඔබ ස්නානය කරගෙන පිරිසිදුව ඉන්න. කොහොමද ඒක කරන්නේ.

ස්නාන පූජාවට අවශ්‍ය දෑ.

 ඔබ නිතරම වන්දනාමාන කරන ගණ දෙවි ප්‍රතිමාව. (නෑවිමට සුදුසු ගණ දෙවි ප්‍රතිමාවක්)

පෙරාගත් ජලය , කිරි, කහ වතුර , මුදවපු කිරි , දෙහි යුෂ , සහල් පිටි දිය කල ජලය , ගිතෙල් , සුවද පැන් (මෙයින් සියල්ලම ගන්න අපහසු නම් ඔබට හැකි පරිදි ලබාගන්න. හැබැයි සියල්ලම පිරිසිදු ඒවා විම වැදගත්) පූජාසනය ළගට යන්න.

ස්නාන පූජාව සිදුකරන අයුරු.

  • මූල මන්ත්‍රය තුන්වතාවක් කියන්න. පසුව ඔයා මේ කරන්න යන ස්නාන පූජාව ගැන ආදරණීය ගණ දෙවියන්ට ඔයාගේ වචන වලින් කියන්න. මෙන්න මේ වගේ.
    මගේ ආදරණීය ගණ දෙවියනි අද ඔබේ උපන්දිනය. මුලින්ම ස්නාන පූජාව සිදුකරන්නයි මම සූදානම් වන්නේ. මෙම ස්ථානයට වඩින්න ආදරණිය ගණ දෙවියනි .
  •  පසුව ඔබ සූදානම් කරගත් ඉහත දෑ අඩංගු භාජන සහිත තැනට ගණ දෙවි ප්‍රතිමාව රැගෙන යන්න. එහෙම නැත්නම් පූජාසනයේදි සිදුකළ හැකි නම් එතැනදි මෙම ස්නාන පූජාව කරන්නත් පුලුවන්.
  • ගණ දෙවි පිළිමය බේසම තුල තබන්න.
  • පසුව මුලින්ම පෙරාගත් වතුරින් ප්‍රතිමාව ස්නානය කරන්න. (ඒ කරන ගමන් ඔයාට පුලුවන් ආදරණීය ගණ දෙවියන්ට කතාකරන්න. ) හැම තැනටම වතුර වැටෙන පිරිදි ප්‍රතිමාව පිරිමදිමින් ස්නානය කරවිම සිදුකරන්න.
  • පසුව කහ වතුරින් ප්‍රතිමාව ස්නානය කරවන්න. ඊළගට සහල් පිටි දිය කළ ජලයෙන් ප්‍රතිමාව ස්නානය කරවන්න.
  • පසුව කිරි වලින් ප්‍රතිමාව ස්නානය කරවන්න.
  • පසුව දෙහි යුෂ වලින් ප්‍රතිමාව ස්නානය කරවන්න.
  • ඊළගට මුදවපු කිරි වලින් ස්නානය කරවන්න. දැන් වතුර වලින් නැවත ස්නානය කරවන්න.
  • ඊළගට මිපැණි වලින් ස්නානය කරවන්න.
  • ගනේෂ් චතුර්ති දවසේදි ඉන්දියාවේ නම් පංචමිත්‍ර කියල දෙයක් සාදනවා (කිරි ,මුදවපු කිරි, මිපැණි , ගිතෙල් හා සීනි එකතු කරලා හදපු මිශ්‍රණයක්). එයිනුත් ස්නානය කරවන්න ඔබට පුලුවන්.
  • පසුව වතුරින් නැවත් ස්නානය කරවන්න. මේ සියල්ල කරන අතරතුර අනවශ්‍ය ජලය / යුෂ ආදිය බේසමෙන් ඉවත්කරමින් පිරිසිදු බව රැකගනිමින් මෙය සිදුකිරිම වැදගත්.
  • පසුව බේසමෙන් ප්‍රතිමාව එළියට රැගෙන ඉතාමත් පිරිසිදු තුවායකින් හෝ ටිෂු එකකින් තෙත මාත්තු කරන්න.


  • පසුව ඔබගේ පූජාසනයට ගණ දෙවි ප්‍රතිමාව වැඩමකරන්න.


මෙම පූජාව සිදුකරන අතරතුර ගණ දෙවියන්ගේ මන්ත්‍ර ඇතුලත් ස්තෝත්‍ර පසුබිමින් වාදනය කරන්නත් ඔබට පුලුවන්.


නිමේෂ් ප්‍රනාන්දු බැතිමති විසින් ගියවර කළ පූජාවේ ඡායාරූපයක්. 


දැන් ස්නාන පූජාව අවසන්.
  • ඊළගට ඔබ කළ යුත්තේ ගණ දෙවියන් සදහා පහන පත්තු කරන්න.
  • සුවද දුම් පූජා කරන්න. මල් පූජා කරන්න.
  • ඊළගට ගණ දෙවියන් කැමතිම ආහාරයක් තමයි මෝදක කියන්නේ. මෝදක නිවසේදිම හදන්න ඔබට පුලුවන්. මෝදක පූජා කරන්න.
  • පසුව ඔයා විසින් හදපු තවත් ආහාර (ලඩ්ඩු ., කඩල ආදිය) පූජා කරන්න. පළතුරු පූජා කරන්න.
  • පොල් ගෙඩියක් දෙකට කපල දෙබෑ දෙක ගණ දෙවි ප්‍රතිමාව දෙපස තියන්න.
  • දැන් ගණ දෙවියන්ට කියන්න. ආදරණිය ගණ දෙවියනි අද ඔයාගේ උපන්දිනය. ඒක සමරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ වහන්සේ මෙම පූජාසනයට වඩින්න කියල ගෞරවයෙන් ආරාධනා කරන්න. පසුව 108 හෝ 1000 පූජාව සිදුකරන්න.


මෙම ලිපියෙන් මම බලාපොරොත්තු  වුනේ නිවසේදි ගණ දෙවියන්ගේ උපන්දිනය මෙවර සැමරිය යුත්තේ කොහොමද කියල අලුත් බැතිමතුන්ට අදහසක් දෙන එක.

ගනේෂ් චතුර්ති පිලිබදව මම ලියපු දිර්ඝ ලිපිය  අනිවාර්යෙන්ම කියවන්න පහතින් ලින්ක් එකට ගිහින්.

http://www.sriganesha.net/2016/09/what-is-ganesh-chaturthi-and-how-it-is.html

ඒ වගේම  මෙම ලිපිය අවසානයේ ඔයාට දකින්න ලැබෙන 'F' අකුර ඔබලා ඔයාගේ Facebook ඒකේ මිතුරන්ටත් මෙම ලිපිය SHARE කරන්න. ගණ දෙවියන් ගැන අනික් අයට කියන එක ගොඩක් වැදගත්. නොසලකා හරින්න එපා. මොකද මෙහෙම share කරන්න ඔයාට වියදමක් යන්නේ නැ.

ගණ දෙවි බැතිමතුන් නිතර අහන ප්‍රශ්න.




ගොඩ කාලෙකින් අලුත් ලිපියක් ලියන්න හිතුවා. කාල වේලාව මදිකම නිසා පසුගිය කාලය තුල ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. Facebook page එකට ගොඩ දෙනෙක් අලුත් බැතිමතුන් විවිධ ප්‍රශ්න අහල එවනවා. ඉතින් මේ ඉදිරියේදිත් ඒ වගේ ප්‍රශ්න තියෙන වගේම අලුතින් ගණ දෙවියන් වන්දනාමාන කරන්න ඉන්න බැතිමතුන් උදෙසාම ලියනු ලබන ලිපියක්.

1. ගණ දෙවියන් යනු කවුරුන්ද?

ගණ දෙවියන්ව ඔබ පොඩි කාලේ ඉදන් අහල තියෙන දෙවි කෙනෙක්. විශේෂයෙන්ම නුවණට අධිපති කියල ගණ දෙවියන් හදුන්වන බව ඔබ පුංචි කාලේ ඉදන්ම දන්නවනේ. ගණ දෙවියන් කියන්නේ දේවතා මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් ලෙස හදුන්වන දෙවියන්. ඒ වගේම හින්දු ආගමේදි මුලින්ම වන්දනාමාන කරන්නෙත් ගණ දෙවියන්ට. ඔබ දැනටමත්  වෙනත් දෙවි කෙනෙක් වන්දනාමාන කරනවනම් ගණ දෙවියන් වන්දනාමාන කරන එකත් අරඹන්න. මිනිස්සුන්ගේ වගේ දෙවියන් අතර තරගයක් නැහැ. ගණ දෙවියන්ට හැම දෙවි කෙනෙක්ම ආදරෙයි.

වැඩි විස්තර දැනගන්න අපි විසින් පළ කරනු ලිපියක් පහත ලින්ක් එක ඔබලා ඔබට දැනගන්න පුලුවන්.

කියවන්න - උතුම් ශ්‍රී ගණ දෙවියන්

2. ගණ දෙවියන් වන්දනාමාන කරන්නේ කොහොමද?

මේක නිතරම අහන ප්‍රශ්නයක්. ගණ දෙවියන් වදින්න කලින් ඇත්තටම ඔබේ චේතනාව මොකද්ද කියන එක ඔබම කල්පනා කරල බලන්න. ඔබට ඕන සල්ලි නම්, උදව් ගන්න නම් ඒ දේ බලාගෙන දෙවියන් වදින්න එපා. බහුතර සිංහල  මිනිස්සු (99 %ක්ම) දෙවියන් වදින්නේ උදව්වක් ගන්න. මතක තියාගන්න දෙවියන් කියන්නේ මැජික් කරන අයට නෙමේ. ඒ නිසා ඔබ ඇත්තටම ගණ දෙවියන් වදින හේතුව කල්පනා කරල බලන්න. ළග ගෙදර අය වදින්න පටන් ගත්තු නිසාද? නැත්නම් කාටහරි හරි ගියපු නිසාද කියල.

ඔබ තුල ඇත්ත වශයෙන්ම භක්තියක් ආදරයක් ඇතිවෙලා දෙවියන් වදින්න අරඹනවනම් විතරයි ඔබට ඕනැම දෙවි කෙනෙකුගෙන් පිහිට ලැබෙන්නේ.

මේ ගැන මම ලියපු දීර්ඝ සටහනක් තියෙනවා. ඒක කියවන්න පහත ලින්ක් එක ඔබලා.

කියවන්න - ගණ දෙවියන් වන්දනාමාන කිරිම ආරම්භ කරන්නේ කෙසේද?

3. ගණ දෙවියන් වදින්න කලින් ඔබ අනුගමනය කළ යුතු පිලිවෙත්  මොනවාද?

ඕනෑම දෙවි කෙනෙක් පිහිට වෙන්නේ හොද ගුණ ධර්ම , ගතිගුණ තියෙන අයට. ඔබ අනුන්ට කරදරයක් වෙන, සමාජයට අයහපතක් වෙන දෙයක් කරනවනම් , දෙවියන්ගේ පිහිට ලැබීම ගැන හිතින් අත් ඇර ගන්න. මුලින්ම ඔබ හොද ගුණ ධර්ම වලින් හෙබි කෙනෙක් විය යුතුයි. මේකෙන් අදහස් කරන්නේ නෑ 100 % පව් වලින් වැලකෙන්න කියන එක. පුංචි හෝ නොදැනුවත් ව දේවල් අපි අතින් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඔබ හිතාමතා නරක වැඩ , පව් වැඩ කරන එක නැවැත්විය යුතුයි.

ඔබ බෞද්ධ කෙනෙක් නම් , බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරිම අවශ්‍යයි. මුලින්ම මුල් තැන දිය යුත්තේ බුදුදහමට. ඒත් ගොඩක් බෞද්ධ අය කරන්නේ බුදුදහම අමතක කරල දෙවියන් වදින වැඩේ විතරක් කරන එක. ඔබ දන්නවනේ , දෙවියන් පවා බුදුන්වහන්සේ ට වන්දනාමාන කර ඇති බවට පොත්පත් වල සදහන් වෙනවා. ඒ නිසා ඔබ මුලින්ම ගෙදර බුදුපහණ තියන එක කරන්න. පසුව ගණ දෙවියන්ට පහන පත්තු කරන්න පුලුවන්. ඒ වගේම මතක තියාගන්න බුදුපහණ තියෙන ආසනය , ගණ දෙවි පූජාසනයට වඩා උඩින් තිබිම අනිවාර්යයි.

පිරිසිදුකම - ගොඩක්ම වැදගත්. දෙවියන්ට වැදගත්ම දෙයක් තමයි පිරිසිදුකම. පූජාසනය පිරිසිදු තැනක තියන්න. ඒ වගේම ඔබත් වන්දනාමාන කරන්න කලින් පිරිසිදු වී ඉන්න ඕන.

4. ගණ දෙවියන් වදින වෙලාව කීයද?

මේක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. මගේ පෞද්ගලික අදහස නම් ගණ දෙවියන් සෑම මොහොතේම අපිත් එක්ක ඉන්න දෙවි කෙනෙක්. නිශ්චිත වෙලාවකට විතරක් පෙනි ඉන්න දෙවි කෙනෙක් නෙමේ. ඒ නිසා නිශ්චිතම වෙලාවක් කියන එක නම් මම අනුමත කරන්නේ නැහැ. කෙසේ නමුත් පාන්දර 4 වගේ ඉදන් උදෑසන 9 වගේ කාලය තුල ඔබට හැකි වෙලාවක වන්දනාමාන කරන එක සුදුසුයි. ඒ වගේම සවස් වරුවේ වන්දනාමාන කරන කෙනෙක් නම් හවස 6 ඉදන් 8 වගේ කාලය තුල සුදුසුයි යන්නයි මගේ අදහස.

5. ගණ දෙවියන් වදින්න දිශාවක් තියෙනවද?
නැගෙනහිර දිශාවට මුහුණ හැරවීම වඩාත් සුභයි.

6. මට මල් තියන්න වෙන්නේ නැහැ. ඒක කමක් නැද්ද?

ඔබ ඉන්නේ ඔබේම නිවහනක නම් මල් පැලයක් හදාගන්න එක අපහසු නෑනේ. ඇත්තටම ඔබ තුල භක්තිය තියෙනවම් ඔබට පුලුවන් මල් පැලයක් හදාගෙන සාත්තු කරන්න. ඒ මල් ආදරණීය ගණ දෙවියන්ට තියන්න. හැබැයි ඔබ ඉන්නේ බෝඩිමක වගේනම් සමහරවිට මල් හොයන්න අපහසු වේවි. ගැටලුවක් නෑ.

7. මොකද්ද මේ  ගණ දෙවි 108 පූජාව කියන්නේ ?

අපි ඕනෑම කෙනෙක් කැමති අපිව ප්‍රශංසා කරනවනම්. ඒ වගේමයි දෙවියනුත්. ආදරණීය ගණදෙවියන්ව ප්‍රශංසා කරන්න අපිට පුලුවන්. ගණ දෙවියන්ට කියන නම් 108ක් වගේම 1000 කුත් තියෙනවා. 108 පූජාවේදි අපි කරන්නේ ගණ දෙවියන්ට උන්වහන්සේගේ උතුම් ගුණ 108 කියමින් ප්‍රශංසා කරන එක.

කොහොමද ඒක කරන්නේ?

ඔබ ගණ දෙවි 108 පූජාව කරන්න නම් අවම වශයෙන් හොදින් ගණදෙවියන්ව මාස 03ක් හෝ වන්දනාමාන කිරිම වැදගත්. මෙහිදි අපි කරන්නේ 108ක් වෙන්න පැණිරස ආහාරයක් (බිත්තර වලින් තොරවිය යුතුයි) , එහෙමත් නැත්නම් පෑන් පොත් වගේ දේවල් වලින් 108ක් මිලදිගෙන. එක් එක් ප්‍රශංසා ගාථාව කියමින් ඒ එක එකක් දෙවියන්ට පූජා කිරිම. පසුව ඔබ ඒ පූජා කළ දේ අනිත් අය අතර බෙදාදිලා ගණ දෙවියන්ට පිං පමුනුවන්න පුලුවන්. එහෙම නැත්නම් ඔබට මල් 108 ක් වුනත් පූජා කළ හැකියි. මේ මන්ත්‍ර 108  අඩංගු පොත් වෙලද පොලේ තියෙනවා. හෙයාල බලන්න. මේ පිළිබදව දිර්ඝ ලිපියක් ඉදිරියේදි ලියන්නම්.

8. ගණ දෙවියන් ට හැමදාම වදින්න ඕනද ?

මේ ප්‍රශ්නය ගොඩක් දෙනෙක් අහන දෙයක්. ඇත්තටම ඔබ භක්තියකින් වදින කෙනෙක් නම් ඔබට මෙහෙම ප්‍රශ්නයක් එන්න බෑ. මොකද ඔබ ආදරයෙන් භක්තියෙන් වදිනවනම් ඔබ කොහොමරි හැමදාම වදිනවා.

9. මට හැමදාම වදින්න වෙලාවක් නෑනේ. මොකද කරන්නේ ?

මේකත් හුගක් දෙනෙක් අහන දෙයක්. ඇත්තටම වෙලාවක් නෑ කියල දෙයක් නෑ. මොහොතක් හිතන්න ඔබට කොච්චර වැඩ රාජකාර තිබ්බත් ඔබ දවල් ට ,උදේට හෝ රෑට නොකා ඉන්නවද? නෑනේ. අනිවාර්යෙයන්ම එ් සදහා කාලය යොදවනවා. ඒ නිසා ඔබට මොන වැඩේ තිබ්බත් උනන්දුව ආසාව තියෙනවනම් ඒ සදහා කාලය වෙන් කරගත හැකි. උදාහරණයක් විදියට මේ සටහන ලියන මම සදුද දවසේදි නිවසින් යන්නේ පාන්දර 4-5 අතර. හැබැයි මම දෙවියන් වදින්න ටිකක් කලින් නැගිටල ලෑස්තිවෙනවා.

10. ගණ දෙවියන් ට වැඩියෙන් පූජා කළ යුතු ආහාර මොනවාද ?

ගණ දෙවියන් ගොඩක් ම කැමති දෙලුම් වලට. ඔබට පුලුවන් පිරිසිදු දෙලුම් ගෙඩියක් වෙළදසැලකින් ලබාගන්න. එ් වගේමයි හකුරු මිශ්‍ර කිරිබත් ගණ දෙවියන් කැමතිම දෙයක්.  ඒ වගේම ලඩ්ඩු , මෝදක වගේ පැණරස දේවල් වඩාත් කැමැතියි. YouTube එකට ගිහින් ඔබට පුලුවන් මේ කෑම වලට අදාල කෑම වට්ටෝරු නොමිලේම බලාගන්න. මීට අමතරව කෙසෙල් , පොල් වගේ දේවලුත් පූජා කරන්න.ඒ වගේම  බිත්තර අඩංගු නොවන පැණිරස දේවල් ද ඔබට ගණ දෙවියන් වෙනුවෙන් පූජාකළ හැකියි.

11. මට ගණ දෙවි පිළිමයක් නැහැ . කාඩ් එකකට තමයි වදින්නේ. කමක් නැද්ද?

ඔබට ගණ දෙවි පිළිමයක් ගන්න මුදල් අපහසුකම් තියෙනවනම් ගැටලුවක් නැහැ. දිනපතාම ගණ දෙවියන්ට ආදරෙන් වදින්න. පසුව ගණ දෙවියන්ට කියන්න ඔබට පිළිමයක් ගන්න අවශ්‍ය මුදල් ටිකක් ලබාදෙන්න කියල. එහෙම කියල නිකන් ඉදල හරියන්නේ නෑ. මහන්සිවෙන්න. ඔබ නිවැරදි නම් දෙවියන් ඔබට අවශ්‍ය මුදල ඉක්මණින්ම හිතන්නේ වත් නැතිවිදියට ලබාදේවි.

12. කෝ ගණදෙවියන්ගෙන් දේවල් ඉල්ලුවට මුකුත් තාම ලැබුනේ නෑනේ. ඇයි ඒ?

අපේ සිංහල මිනිස්සු කියන්නේ හරිම කම්මැලි ජාතියක්. සමාවෙන්න කණගාටුවෙන් හරි කියන්න ඕන. දෙවියන්ගෙන් දේවල් ඉල්ලුව පලියට , දේවාලේට ගිහින් පළතුරු වට්ටියක් පූජාකරපු පලියට හෝ කපු මහත්තයට රුපියල් 1000 දුන්න කියල දෙවියෝ පිහිට වෙනවා කියල හිතාගෙන ඉන්න ජාතියක්. මේකට මුලික හේතුව දෙවියන් වදින්නේ උදව් ගන්න. එහෙම නැත්නම් කරදරයක් වුනාම විතරයි.

ඔබ නිවැරදිව භක්තියෙන් වදිනවනම් ඔබට ඉල්ලන්න කලින් දෙවියන් අවශ්‍ය දේ ලබාදෙනවා. මම ඒක අත්දැකපුම දෙයක්. ඒ වගේම අවශ්‍යම දෙයක් විතරයි දෙවියන්ගෙන් ඉල්ලිය යුත්තේ. එහෙම කියල ගෙදරට වෙලා කම්මැලිකමේ ඉදලා හරියන්නේ නෑ. ඒ සදහා මහන්සිවෙන්න.

ඊට පස්සේ ගණ දෙවියන්ටයි දෙවිවරුන්ටයි Facebook එකේ බැනලා දාන්න එපා.

13. ඔයාට ඒ වගේ අත්දැකිම් තියෙනවද ?

මම දැනට අවුරුදු 5ක් වෙනවා ගණ දෙවියන් වදින්න අරගෙන. මට ලැබුනු පිහිට අත්දැකීම් ගැන නම් කියන්න වචන නෑ. මේ වෙබ් පිටුව , පේජ් එක,ගෘප් එක ඇප් එක මේ හැම දේම ඔබට මම සතයක්වත් ගන්නේ නැතිව දැනුම ලබල දෙන්නේ දෙවියන්ට මම විසින් කළ හැකි ප්‍රශංසාවක් ලෙස. ඒතරමට මට දේවල් ගණ දෙවියන්ගෙන් ලැබිල තියෙනවා. ආරක්ෂාව පිහිට. ඒ වගේම කොහොමවත් වෙන්නේ නැති දේවල් පවා වෙනස් වුනු අවස්ථා තියෙනවා.

මම කියන්නේ ඔබ තව කෙනෙක් කියන පලියට දෙවියන් වදින්න එපා. ඔබම අත්දැකල බලන්න. මම උසස්පෙළට ගණිත අංශය හදාරලා දැන් ඉංජිනේරුවරයෙක් විදියට සේවය කරන කෙනෙක්.කෙනෙක් කීව පලියට දේවල් විශ්වාස කරන්නවත් , මිථ්‍ය  දේවල් විශ්වාස කරන්නවත් මම පුරුදුවුනු කෙනෙක් නෙමේ. මම අත්දැකීම් තුලිනුයි අත්වින්දේ ගණ දෙවියන් ඉන්නවා කියන එක.

14. ගණ දෙවියන්ට කියන ගාථා මොනවද?

ගණ දෙවියන් වන්දනාමාන කිරිම ඇරඹිය යුත්තේ මූල මන්ත්‍රය කියල. පසුව අනිත් ගාථා කිව හැකියි. ඔබ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් භාවිත කරනවනම් මේ ඇප් එක නොමිලේම ගන්න. මෙහි ගාථා අඩංගුයි.

http://bit.ly/ganadevidunapp

15. මොකද්ද ගනේෂ් චතුර්ති කියන්නේ ?

ගනේෂ් චතුර්ති කියන්නේ ගණ දෙවියන්ගේ උපන්දිනය දවස සැමරිම. මෙය ඉන්දියාවේ සෑම වසරකම සිදුකරනවා. 2018 වසරේ මෙය යෙදි තිබෙන්නේ සැප්තැම්බර් 12 වෙනිදා. ඒ දවසට පුලුවන් ඔබට ගණ දෙවියන් වෙනුවෙන් වෙනදටත් වැඩිය පුද පූජා , ප්‍රශංසා කරන්න.  වැඩි විස්තර පහතින් කියවන්න පුලුවන්

කියවන්න - ගනේෂ් චතුර්ති යනු කුමක්ද ?

දිනපතාම ගණ දෙවියන්ට මේ විදියට වන්දනාමාන කටයුතු සිදුකරන්න. ගණ දෙවියන් පිළිබදව වෙළද පොල තුල අන්තර්ජාලයේ බොහෝ ලිපි පොත්පත් තියෙනවා. ඒවා කියවන්න. ඔබට පුලුවන් ඔබේ ෆේස්බුක් ගිණුමට ඇතුලත් වි පහත ලින්ක් එක ක්ලික් කරන්න පසුව එම ගෘප් එකට සම්බන්ධ වි ඔබට ඇති අනෙකුත් ගැටලු විසදාගන්න පුලුවන්
https://www.facebook.com/groups/SriGanesha.net/

ඉදිරියේදි තවත් බොහෝ වැදගත් ලිපි අලුත් බැතිමතුන් වෙනුවෙන් පළ කරන්න සූදානම්. ඒ පිළිබදව මුලින්ම දැනුවත් වෙන්න මෙම ෆේස්බුක් පිටුවට LIKE කරන්න.
https://www.facebook.com/LordGaneshaDevotees/


ඔබ දැනටමත් ගණ දෙවියෙක්ගේ බැතිමතෙක් හෝ අලුත් බැතිමතෙක් නම් මෙම ලිපිය ඔබේ Facebook යාලුවන්ට දැනගන්න සැලසීම ඔබේ යුතුකමක්. ඒ සදහා ඔබට සතයක මුදලක් හෝ වැයවෙන්නේ නැහැ. ගණ දෙවියන් ගොඩක්ම කැමතියි උන්වහන්සේගේ නාමය තවත් අයට දැනගන්න ලබාදෙනවාට. මේ ලිපිය ඔබ තව කෙනෙක්ට බලන්න සලස්වනවා කියන්නේ ගණ දෙවියන් ගැන තව කෙනෙක්ට කියලා දෙනවා වගේ  වැඩක්. ඒ නිසා පහතින් තියෙන Sharing is Caring යටතේ ඇති F අකුර ක්ලික් කොට Facebook එකේ යාලුවෝ අතර මෙම ලිපිය බෙදාගන්න පුලුවන් ඔබට. නොසලකා හරින්න එපා.
Older posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET