About

මම ගැන.

මම ගණ දෙවියන් පිළිබදව වන්දනාමාන කරන්න ගත්තේ 2012 සිටයි. බෞද්ධයෙකු ලෙස පුංචි කාලේදි නුවණට අධිපති දෙවියන් ගණදෙවියන් ලෙස අසා තිබුනත් නිවැරදිව වන්දනාමාන කිරිමක් සිදුකර නැහැ. මගේ පියාණන් ආසිරි වනිගරත්න මහතාගේ දේශන වලට සහභාගි වන අතර එතුමන් විසින් ගණ දෙවියන් පිළිබදව මුල්ම වකවානුවේ ඉගැන්විමට ආරම්භ කළ අවධියේදි පියා මිලදි ගත් පොත් පත් හා එම දේශන වලට සහභාගි වි ගණ දෙවියන් වන්දනාමාන කිරිම මම ආරම්භ කළෙමි.

එදා පටන් අද වනතුරුම ගණදෙවියන් වන්දනාමාන කිරිම හා පිදිම ජිවිතයේ එක කොටසක් ලෙස සිදුකරන අතර Facebook හි ගණ දෙවියන් උදෙසා සිංහලෙන් ඇරඹි මුල්ම Facebook පිටුවක් වන (http://www.fb.com/LordGaneshaDevotees) ආරම්භ කරනු ලැබුවේද ගණ දෙවියන් පිළිබදව ඇති ඉමහත් භක්තිය හා ආදරය නිසාවෙනි.

ඉන් තවත් එක් පියවරක් ඉදිරියට තබමින් 2015 ඔක්තෝබර් 19 ගණ දෙවියන් උදෙසාම වෙන් වූ ප්‍රථම සිංහල වෙබ් අඩවිය මෙලෙසින් අන්තර්ජාලයට එක් කිරිමට ලැබිම මා භාග්‍යයක් කොට සලකමි.ගණ දෙවියන් වන්දනාමාන කරන වේලාවකදී මාගේ හිතට නැගුණු මෙම අදහස ගණ දෙවියන් විසින්  මාහට දුන් පණිවිඩයක් යැයි මම සිතමි.


වෙබ් අඩවිය ගැන.

ගණ දෙවියන් පිළිබදව මා සතු අත්දැකීම් , දන්නාදේ , ගණ දෙවියන්ගේ ලස්සන ඡායාරූප , විඩියෝ පළ කිරිමට මෙන්ම බැතිමතුන් වශයෙන් ඔබ විසින් සිදුකරනු ලබන ගණ දෙවි පූජා , අත්දැකිම් ආදිය පළ කිරිමටද මෙම වෙබ් අඩවිය විවෘත ව ඇත. මෙය පෞද්ගලික වෙබ් අඩවියක් නොවන අතර ගණ දෙවියන් පිළිබදව ඉගෙන ගැනීමට කැමති , භක්තිය ඇති නව බැතිමතුන් ට ගණ දෙවියන් පිළිබදව සිංහලෙන්ම අන්තර්ජාලයේන් දැනගැනිමට ඉඩ ප්‍රස්ථාව සලසන්නකි.

මෙම වෙබ් අඩවිය කිසිදු ආකාරයෙන් මුදල් හෙවිම සදහා ආරම්භ කරන ලද්දක් නොවන අතර විශේෂයෙන්ම අලුත් ගණ දෙවි බැතිමතුන්ට සිංහලෙන් අන්තර්ජාලයේ තොරතුරු ලබාදිමට කරන එක් ප්‍රයත්නයක් වගේම දැනටමත් සිටින ගණ දෙවි බැතිමතුන්ට ඔවුන්ගේ අදහස් , පූජා ඡායාරූප ,අත්දැකිම් ආදිය අන්තර්ජාල ප්‍රජාව වෙත ළගාකරන වේදිකාවකි.

ඔබට සම්බන්ධ විමට.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් ඔබගේ අත්දැකීම් , පූජාවන්හි ඡායාරූප මෙන්ම මෙම වෙබ් අඩවිය පිළිබදව අදහස් පහත Facebook පිටුවට ගොස් Message එකක් ලෙස එවන මෙන් ඉල්ලා සිටිමි.

https://www.facebook.com/LordGaneshaDevotees


ස්තූතිය.

ගණ දෙවියන් නිවැරදිව වන්දනා කරන ආකාරය ඇතුලුව බොහෝ දේ අපට තවමත් උගන්වන ආසිරි වනිගරත්න මහතාට ස්තූති වන්ත වන්නෙමි.