SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ
ඔබ දැනටමත් ආදරණිය ගණ දෙවියන්ගේ බැතිමතෙකු නම් දන්නවා ගණ දෙවියන් හුගක් කැමතියි උන්වහන්සේ ප්‍රශංසා කරනවට. ඔබට පුලුවන් නම් ගණ දෙවියන්ව ප්‍රශංසා කරන්න සෑම විටම පාහේ උන්වහන්සේ හුගක් සතුටු වේවි.



මම ගණ දෙවියන් වන්දනාමාන කරන්න ගත් අවුරුදු 3ක කාලය තුල ගණ දෙවියන්ගෙන් පිහිට ලැබුණු වාර අනන්තයි. ඔබටත් එය එසේම වෙන්න ඇති. මෙම වෙබ් අඩවිය ඔස්සේ ගණ දෙවියන් ඔබට පිහිට වුනු අවස්ථා හා ගණ දෙවියන් පිළිබදව අත්දැකීම් බෙදාහදා ගන්න අවස්ථාව සලසනවා. දහසකටත් අධික ගණ දෙවි බැතිමතුන්ට එය දැනගන්න ලැබිම තුලින් ඔබ ගණ දෙවියන්ව ප්‍රශංසාවට ලක් කිරිම ගොඩක් හොද දෙයක්. ඔබ සතුවත් ගණ දෙවියන්ගේ අත්දැකීම් ඇත්නම් https://www.facebook.com/groups/SriGanesha.net/ වෙතට ගොස් Join Group බොත්තම ඔබා ගණ දෙවි අත්දැකීම් එහි සටහන් කරන්න. ඒ සියල්ලම අප මෙම වෙබ් අඩවියේ බෙදාහදා ගැනීමට සූදානම්. මෙය නොසලකා හරින්න එපා.

මේ විදියට ගණ දෙවියන්ගේ පිහිට ලැබී ඒ සතුට බෙදාගත් ගයේෂා රත්නායක බැතිමතියගේ අත්දැකීම් මෙම ලිපිය ඔස්සේ පළ කරනවා.  ඇය ගණ දෙවියන් පිළිබදව ෆේස්බුක් ගෘප් එකෙහි සදහන් කළ සටහන පහත පරිදියි.

"ඕම් ගනේෂාය නමහා..!
මට මගේ LordGanesha තමයි මගේ life එකේ තියන හැම සතුටක්ම මට ලබා දුන්නේ.. මම් කොහේ ගියත් ඒක කියන්නේ ගොඩක් සතුටින් වගේ ම ආඩම්බරෙන්.. ගන දෙවියෝ කවදාවත් අපිට දෙයක් දීලා අපෙනුත් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තම කිවුවොත් අපේ ගනේෂ එයාගේ devoteeලට පිහිට වුනෙත්, help කරෙත් අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී; හරියට තමන්ගෙම දරුවෙක්ට අම්මා, තාත්තා පිහිට වෙනවා වගෙයි. අපේ ගන දෙවියෝ ඒ තරමට ම අපිට ආදරෙයි.
ඇත්තට ම ගන දෙවියෝ කවදාවත් තමන්ගෙ බැතිමතුන් උදවුවක් ඉල්ලුවොත් අහක බලන්නේ නෑ. හැමදාමත් අපේ ගනේෂ්ගේ සතුට වුණේ අපේ සතුට. ගන දෙවියෝ තමන්ගේ බැතිමතුන්ට දෙයක් දුන්නම ඒ දේ ලබන බැතිමතුන් දිහා බලලා මගේ ගන දෙවියෝ ඊට වඩා ලොකු සතුටක් ලබනවා..

☆ගන දෙවියන්ගේ ආදරේ අපිට කවදාවත් කියලා ඉවර කරන්න බෑ.. මේ හැම දේකටම ඔයාට ගොඩාක් පින් ගන දෙවියනේ.. මගේ හොඳම යාලුවා!හැම වෙලාවෙ ම මගේ ළඟින් ම ඉන්න ගන දෙවියන් ව මං මාව විශ්වාස කරනවාටත් වඩා ගොඩාක් විශ්වාස කරනවා..
ගන දෙවි පිහිටයි ඔයාලා හැමෝටම
LordGanesh bless you all
OM GANESHAYA NAMAHA..
🌸🌸මේ තියෙන්නේ මගේ LordGaneshගෙන් මට ලැබුණු හොඳම තෑගි අතරින් අංශු මාත්රයක්.. ගොඩාක් පින් මගේ රත්තරන් ගන දෙවියනී. 🌸🌸






ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසි රට. හින්දු ආගම බහුලව අදහන රටක් වන ඉන්දියාව තුල ගණ දෙවියන්ට සුවිශේෂි තැනක් හිමිවෙනවා. ඔබත් ඉන්දියාවෙහි සංචාරය කිරිමට ඉන්නවනම් අපේ ආදරණීය ගණ දෙවියන්ව වන්දනාමාන කිරිම සදහා බොහෝ කෝවිල් පවතිනවා.

අමතර කරුණු -
ඔබත් ගණ දෙවියන්ගේ සැබෑ බැතිමතෙකු නම් මෙම Facebook Group එකට සම්බන්ධ වෙන්න. ලින්ක් එකට ගොස් Join Group ඔබන්න. https://www.facebook.com/groups/SriGanesha.net/

 SriGanesha.net වෙබ් අඩවිය ඔස්සේ මෙම ලිපියෙන් මම දැනුවත් කරන්නේ ඉන්දියාව තුල වඩාත්ම වැදගත් හා ප්‍රසිද්ධියට පත් ව ඇති ගණ දෙවි කෝවිල් පිළිබදවයි . 




ශ්‍රී සිද්ධි විනායක් කෝවිල - මුම්බායි නගරය.

ඉන්දියාවේ පිහිටා තිබෙන ජනප්‍රියම ගණ දෙවි කෝවිල් වලින් එකක් ලෙස මෙම ශ්‍රී සිද්ධි විනායක කෝවලි හැදින්විය හැකියි. මෙය මහරාෂ්ට්‍රා ප්‍රාන්තයේම තිබෙන ප්‍රකට කෝවිල් වලින් එකක්. බැතිමතුන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය පවතින මෙම කෝවිලට ගණේෂ් චතුර්ති උත්සවය පවතින කාලය තුලදී යෑමට හැකිනම් බොහෝම වටින බවටයි පැවසෙන්නේ.




ශ්‍රිමන්ත් ඩග්ඩුෂෙත් කෝවිල - පූනේ.

ශ්‍රිමන්ත් ඩග්ඩුෂෙත්  හල්වායි ගණපති දේවාලය මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ප්‍රසිද්ධම ගණපති දේවාලය ලෙස හැදින්විය හැකියි. පූනේ නගරයෙහි පිහිටා තිබෙන මෙම ගණ දෙවි කෝවිලෙහි පවතින රත්‍රන් පැහැති ගණ දෙවි පිළිමය හේතුවෙන් මෙම ගණ දෙවි කෝවිල ඉන්දියාව පුරාම ප්‍රකට වන කෝවිලක් බවට පත්වෙනවා.





කනිපකම් විනායක කෝවිල - චිතෝර්.

කනිපකම් විනායක කෝවිල හෙවත් ශ්‍රී වරසිධි විනායක ස්වාමි කෝවිල ලෙස හදුන්වන මෙම කෝවිල ඉන්දියාවේ පවතින පැරණිම කෝවිල් වලින් එකක් ලෙස සැලකෙනවා. ආන්ද්‍රා ප්‍රදේශයේ චිතෝර් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. ප්‍රසිද්ධ තිරුපති නුවර සිට කිලෝමිටර් 75ක් දුරකින් ශ්‍රී වරසිධි විනායක ස්වාමි කෝවිල පිහිටා තිබෙනවා.





දොඩ්ඩ ගණදෙවි කෝවිල - බැංග්ලෝර් නුවර.

බැංග්ලෝර් නුවර පිහටා ඇති ප්‍රසිද්ධම ගණ දෙවි කෝවිලක් ලෙස දොඩ්ඩ ගණදෙවි කෝවිල හදුන්වනු ලබනවා. මෙහි වැඩ වසන ගණ දෙවි පිළිමය අඩි 18ක උසක් හා අඩි 16ක පළලකින් යුක්තයි. බොහෝ විදේශිකයින්ගේ ආකර්ෂණයට පාත්‍රවන කෝවිලක් ලෙස මෙය හදුන්වනු ලබනවා.


ශ්‍රි මහා ගණපති දේවාලය - කොට්ටක්කාර.

කේරලයේ තියෙන වැදගත්ම ගණ දෙවි කෝවිල ලෙස මෙය හදුන්වනු ලබයි.  මෙහි ගණ දෙවි කෝවිලට අමතරව ශිව දෙවියන් , පාර්වති දෙවගන , මුරුගන් දෙවියන් , අයියප්පාන් දෙවියන් හා නාගරාජවරුන් උදසොද වෙනම කෝවිල් පිහටා තිබෙනවා.





කර්පක විනායකර් කෝවිල - තිරුපත්තූර්.

තමිල් නාඩු හි තිරුපත්තුර් හි පිහිටා ඇති මෙම කර්පක විනායකර් කෝවිල පිල්ලෙයාර් පට්ටි ලෙසත් හදුන්වනවා. ගලින් කරන ලද ගණ දෙවි ප්‍රතිමාවක් මෙහි සතුයි.  මේ නිසාම මෙම ගණ දෙවි කෝවිල ඉන්දියාව තුල ප්‍රකට වෙනවා.





ඉඩගුන්ජි හි ගණේෂා කෝවිල - ඉඩගුන්ජි.

කර්නටකා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම කෝවිලට වසරකට මිලියනයක බැතිමතුන් පැමිණිම විශේෂත්වයක්.





උච්චි පිල්ලෙයාර් කෝවිල -ට්‍රිචි.

මෙම ගණ දෙවි කෝවිල පිහිටා ඇත්තේ තමිල්නාඩු හි ට්‍රිචි වල Rockfort (කන්දක) ඉහල කෙළවරෙහියි.ගල් කැටයම් ආශ්‍ර යෙන් සිදු කර තිබිම හේතුවෙන් මෙම කෝවිල වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.





අෂ්ට විනායක කෝවිල - පූනේ.

මහරාෂ්ට්‍රා ප්‍රාන්තයේ විවිධ තැන් වල පිහිටා ඇති මෙම කෝවිල් ගණ දෙවියන්ගේ  කෝවිල් 8ක් නිරුපණය කරනවා. අෂ්ටවිනායක මොරේෂ්වර් කෝවිල, සිද්ධිවිනායක් කෝවිල, බල්ලලේෂ්වර් කෝවිල, වරදවිනායක් කෝවිල, චිත්‍රාමනි කෝවිල, ගිරිජත්මජ් කෝවිල ,විග්නහාර් කෝවිල හා මහගණපති කෝවිලයි.

බැතිමතුන් විසින් මෙම කෝවිල් 8ම වන්දනා මාන කරනු ලබන අතර මෙය ඉතාමත්ම වැදගත් කෝවිල් 8ක් ලෙස හදුන්වනවා.





ඉදිරි ලිපි මගින් තවත් මෙම කෝවිල් පිළිබදව වැඩි විස්තර ඔබට ගෙන ඒමට මම අදහස් කර සිටින්නෙමි. මෙම ලිපිය අනෙකුත් ගණ දෙවි බැතිමතුන්ට දැන ගැනීම පිණිස Facebook හා අනෙකුත් සමාජ ජාල ඔස්සේ Share කිරිම පහත ඇති buttons ඔස්සේ සිදු කළ හැක. ඔබ සැබෑ ගණ දෙවි බැතිමතෙකු ලෙස තව කෙනෙකුට ගණ දෙවියන් පිළිබදව දැන ගැනීම උදෙසා Share කිරිම සිදු කරන ලෙස ඉල්ලා සිටිමි. ඒ වගේම මිට අමතරව ඔබගේ අදහස් හා ඔබ දන්න තොරතුරු වෙතොත් මෙහි comment කරන්න.
තොරතුරු උපුටා ගැනීම
http://www.walkthroughindia.com/festivals/religion/the-most-famous-and-important-lord-ganesha-temples-in-india/ ඇසුරින්.

ආදරණීය ගණ දෙවියන්ගේ අභිෂේක මංගල්‍ය කියලා හදුන්වන්නේ ගණදෙවියන් ස්නානය කරවන මංගල්‍යය යි.
මේ සදහා තල තෙල් ,තැඹිලී වතුර, කිරි, කහ වතුර පළතුරැ යුෂ, රෝස වතුර(මල් දැමු පැන්) මී පැණී යොදා ගන්නවා.

මතක තබා ගන්න බැතිමතුනි ආදරණීය ගණදෙවියන් ස්නානය කරවන්න ගන්න පැන් ඉතාම පිරිසිදු පැන් විය යුතුයි .එම පැන් සත් වරක් පෙරා ගන්න. පිරිසිදු බදුන් වලට දමා ගන්න.ඔබට හැකියාවක් තිබෙනවානම් පියවරෙන් පියවර මේ සෑම දෙයකින්ම ආදරණීය ගණදෙවියන් ස්නානය කරන්නත් පුළුවන්.

නමුත් ඔබට තිබෙන්නේ කහ වතුර ටිකක් පමණයි නම් බැති සිතින් ඔබට හැතියාව තිබෙන ද්‍රව්‍ය යොදාගෙන ආදරණීය ගණදෙවියන් ස්නානය කරවන්න. පවුලේ හැම දෙනාම එකතුවෙලා සහයෝගයෙන් ඉතාම ආදරෙන් බැති සිතින් ආදරණීය ගණදෙවියන්ගේ ස්නාන මංගල්‍ය හෙවත් අභිෂේක මංගල්‍යය කරන්න.

ආදරණීය ගණදෙවියන්ගේ මුල් මන්ත්‍රය කියමින් හැම දෙනාම ඉතාම ගෞරවයෙන් මෙම කාර්යය කරන්න. ආදරණීය ගනදෙවියන්ගේ පිළිමයේ පිස දමා සදුන් තෙල් ගල්වා සුවද දුම් අල්වා පුජාසනයේ තබන්න.

ආදරණීය ගණදෙවියන් හරිම කැමතියි තිලක තියන්න.කුංකුමම් නොමැති නම් පිරිසිදු කස්තුරි කහ සමග සදුන් ගලගා තිලකයක් තබන්න.කහ පාට මලින් මල් මාලයක් දමන්න ආදරණීය ගණදෙවියන් කහ පාටට හරිම කැමති ඒ වගේම මල් මාල දාලා සරසනවට හරිම කැමති .

ආදරණීය ගණදෙවියන්ගේ ආදරය දිනා ගන්න මල් මාල දාන්න ආදරණීය බැතිමතුනී.





ආදරණීය ගණදෙවියන් ස්නානය කරවු පැන් පැළයකට දමන්න.‍ඔබ දන්නවාද බැතිමතුනී ආදරණීය ගණදෙවියන් ස්නානය කර වු පැන් ඔබේ නිවසට ඉසින්න. බෝග වගාවන් වලට ඉසින්න.ආදරණීය ගණදෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි. පුජාසනයේන් ඉවත් කරන මල් විසිකරන්න එපා. ඔබේ නිවසේ වහලයට දමන්න.

ආදරණීය ගණදෙවියන්ගේ ආදරණීය බැතිමතුන් සැම දෙනාටම ආදරණීය ගණදෙවියන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!!!!!

විශේෂ ස්තුතිය / සටහන උපුටාගැනීම - සෙව්ශාලි තෙන්නකෝන් ගෙන්.
ඡායාරූප උපුටාගැනීම - https://www.facebook.com/LoveylLlordGanesha/ පිටුව.



Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET