SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන මා හට ළගදිම අත්දැකීමට ලැබුණු ගණ දෙවි අත්දැකීමක් ඔබ සමග බෙදාගන්නට මම සිතුවෙමි.

ගණ දෙවියන්වන අවුරුදු 4කට ආසන්න කාලයක් සිට වන්දනාමාන කරන බැතිමතෙක් ලෙස ගණ දෙවියන්ගෙන් බොහෝ උපකාර , ආශිර්වාද මාහට ලැබි තිබෙනවා. හැකි සෑම විටම ගණ දෙවියන්ට පිං අනුමෝදනා කිරිමට හේතුවන කටයුතු මම සිදුකරන අතර අන්තර්ජාලය ඔස්සේ ගණදෙවියන් පිළිබදව අලුතින් දැනගන්නට කැමති බැතිමතුන්ට මෙන්ම ගණදෙවියන්ගේ බැතිමතුන්ට නොමිලේම මම දන්න තොරතුරු මෙන්ම ඔවුන්ගේ ගණදෙවි අත්දැකීම්, පූජාසන ඡායාරූප ඇතුලු බොහෝ දේ ලෝකයටම පෙන්වන්න කටයුතු කරනවා.

මේ ගණ දෙවි අත්දැකීම මට අත්විදින්න ලැබුනේ පසුගිය සෙනසුරාදා (05) දවසේදියි. එදින මාහට විභාගයක් සදහා පෙනිසිටිමට තිබූ අතර සුපුරුදු පරිදි පාඩම් වැඩ කටයුතු කොට ඒ සදහා මුහුන දීමට ගියෙමි. එහිදි අනෙකුත් ප්‍ර‍ශ්න අතර ගණිතමය ගැටලු 3ක් ද විය. එය විසදන ආකාරයේ සිද්ධාන්තය මා දන්නා නමුත් මෙහිදි එය තරමක් සංකීර්ණ ගණිත ගැටලුවක් බැවින් එය විසදිම තරමක් දුෂ්කර විය. තුන් හතර වතාවකට වැඩි අවස්ථාවක්ම මෙය උත්සාහ කළද පිළිතුර නිවැරදිව නොලැබුණු බව මට වැටහුණි.

පසුව මම ගණදෙවියන් සිහිකොට මේ සදහා මාහට උපකාර කරන ලෙසත් මෙය සාදාගැනීමට නොහැකි වුනොතින් එය මාගේ අධ්‍යයන කටයුතු වල සාමාර්ථ කෙරෙහිද බලපාන බව සිහිපත් කරෙමි. පසුව නැවත සුපුරුදු ලෙස ගණිතමය ගැටලු 3 එකින් එක සෑදිමට ගත් අතර පුදුමයක් මෙන් ඒ සියල්ලම එක විටම නිවැරදි පිළිතුරු ලැබෙන ලෙස සාදාගැනීමට හැකිවිය.

නිවසට පැමිණ පසුව මම ගණදෙවියන්ට ස්තූති කිරිම සුපුරුදු ලෙසම සිදු කළේය.

ගණ දෙවියන් වන්දනාමාන කරන මම අනුගමනය කරන පිළිවෙත් වලින් කිහිපයක්.(ඔබටත් මේවා අනුගමනය කළ හැක.)

  • දිනපතාම (බැරිම හේතුවකට හැර) උදෑසන බුදුපහන තබා බුදුරජානන් වහන්සේට වන්දනා කොට පසුව ගණදෙවියන් ඇතුලු සියලු දෙවියන්ට පිංදෙමි. 
  • දිනපතාම ගණදෙවියන්ට ගාථා කියා වන්දනාමාන කරමි. 
  • පාඩම් වැඩ කටයුතු සිදු කරමි 
  • (ඔබ පාඩම් නොකොට ගණදෙවියන්ගෙන් ඉල්ලුවා කියා කිසිවක් ලැබෙන්නේ නැත. දෙවියන් අපිට උදව් කිරිමට නම් අප එයට උනන්දු වි සිටිය යුතුමය). 
  •  දුප්පත් ළමුන්ට අධ්‍යාපන කටයුතු සදහා අත්‍යවශ්‍ය වන පොත්පත් මිලදි ගෙන ලබාදෙමි. පසුව ගණදෙවියන්ට පිං අනුමෝදන් කරමි. 
  • ප්‍ර‍ශ්න පත්‍ර‍ය ලිවිමට පෙර ‘ඕම් ගනේෂාය නමහං’ පාඨය තෙවරක් සිතින් කියා ඕම් ලකුණ ප්‍ර‍ශ්න පත්‍රයේ සටහන් කළෙමි. 

ඔබ සතුව පවතින ගණ දෙවි අත්දැකීම් www.facebook.com/LordGaneshaDevotees ෆේස්බුක් පිටුවට එවන්න.



ශානක හා සමාධි යුවල ගණදෙවියන්ගේ හොදම බැතිමතුන් දෙදෙනක්. ගණ දෙවියන්ගෙන් ගොඩක් උපකාර මේ දෙන්නට ලැබිලා තියෙනව වගේම ගණ දෙවියන් වෙනුවෙන් නිතරම පුද පූජා , පිං අනුමෝදන් කිරිම් ඇතුලු ගොඩක් දේ කරනව මේ දෙන්න. මේ දෙන්නට අත්විදින්න ලැබුණු  ගණ දෙවි අත්දැකිමක් අපිට එව්වා. එය පහතින් සදහන් වෙනවා.

"මගෙ උපන්දිනය තිබුනෙ පෙබරවාරි 09. මං ළග තිබුනෙ කතරගමින් ගත්ත පුංචි ගණ දෙවි පිලිමයක්. කතරගම තිබුන ලස්සනම ගණ දෙවි පිලිමය ගන්න එදා අපි අතෙ ගොඩක් සල්ලි තිබුනෙ නෑ. එත් මායි මගෙ මහත්තය දෙන්න හරි අසවෙන් හිටියෙ එ ලස්සනම පිලිමයට.

මගෙ මහත්තය මට උපන්දිනයට එ වගෙම ගණ දෙවි පිලිමයක් අරන් දෙන්න මුලු මිනුවන්ගොඩයි , ගම්පහයි හොයල තියෙනව,එත් හම්බෙල නෑ. මගෙ මහත්තය ගණ දෙවියන්ට කියල තියෙනව එ වගෙම පිලිමයක් හොයල දෙන්න අතෙ තියෙන මුදල් වලට හරියන්නත් එක්ක කියල. 09 වැනිදා දවල් වෙද්දි මගෙ මහත්තයට එ ගණ දෙවි පිලිමයම හිතගන්නවත් බැරි වටිනකමකට හම්බෙල.මහත්තය මට ගෙනත් දුන්න,මන් හරි අසවෙන් මගෙ ජිවිතෙට ලැබුන වටිනම තෑග්ග භාරගත්ත.

අපි දෙන්නට ගොඩක් සතුටුයි.ගණ දෙවියො අපි දෙන්නටම පිහිට උනා ගණ දෙවියො වදින්න අරන් ටික දවසට අපි දෙන්නට ගොඩක් පිහිට ලැබුන ඒවත් මම ලබාදෙන්නම්.

 මෙ තමා මගෙ මහත්තය මට ගෙනත් දුන්න ගන ඩෙවි පිලිමය. මන් පුන්චි පබලු මාලයකුත් හදල ගන දෙවියන්ට දැම්මා."


Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET