SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ




අපි හැමෝම ආදරය කරන දෙවිවරු අතරින් ගණ දෙවියන් අපිට ගොඩක් විශේෂයි. ලංකාවේ කෙනෙක් නම් ඔයා මුලින්ම අකුරු කියවන දවසේ ගණ දෙවියන්ගේ ආශිර්වාදය ගත්ත බව දන්නවා ඇති. ඒ වගේම පුංචි කාලේදි අපි අහනවා මුලින්ම නුවණට අධිපති දෙවියන් ගණ දෙවියන් බව. ඔයා මොන ආගම අනුගමනය කළත් දෙවියන් වන්දනාමාන කරන්න ඒක ගැටලුවක් කරගන්න එපා.

Facebook ඔස්සේ .

අද වන විට ගණ දෙවියන් වන්දනාමාන කරන බොහෝ සිංහල බැතිමතුන් පිරිසක් සිටිනවා. උදව් උපකාර , මොණර කොළ වලින් තොරව භක්තියෙන් ආදරයෙන් ගණ දෙවියන් වන්දනාමාන කරන පිරිස බොහෝමයක්ම අද වන විට සිටිනවා. ඒ වගේම මේ විදියට ගණ දෙවියන් වන්දනාමාන කරන්න අලුතින් ආස පිරිසකුත් සිටිනවා. මේ අය සදහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විමට ශ්‍රී ලංකාවේ බැතිමතුන් උදෙසා ආරම්භ වූ මුල්ම ෆේස්බුක් පිටු අතර මුලින්ම සිටින පිටුවක් තමයි ගණ දෙවිදුන් - Lord Ganesha පිටුව. දිනපතාම අලුතින් එක්කෙනකු හෝ මෙම පිටුව සමග අලුතින් එකතුවන අතර , මෙහි ගණ දෙවියන් පිළිබද ඡායාරූප , බැතිමතුන්ගේ පූජාසන, පූජා අවස්ථාවන් ඇතුලු බොහෝ දේ ෆේස්බුක් හි සිටින ඔබ වෙනුවෙන්ම ගෙන එනවා. මිට අමතරව ගණ දෙවියන් වන්දනාමාන කිරිම සම්බන්ධව ඔබ අලුත් කෙනෙක් නම් ඔබට එන ගැටලු නිරාකරනය කරගන්න වැනිදේ සාකච්ඡාමය ස්වරූපයෙන් සිදුකිරිමට ගණ දෙවිදුන් - Lord Ganesha ගෘප් එක තිබෙනවා. ඔබ දැනටමත් මෙහි සාමාජිකයෙකු නොවේනම් ඔයාට පුලුවන් මේ ලින්ක් එකෙන් ගිහින් මෙම ගෘප් එකට සම්බන්ධ වෙන්න.

වෙබ් අඩවියක් ඔස්සේ



2015 වර්ෂයේදි තවත් සුවිශේෂි සිදුවිමක් සිදුවෙනවා. ආදරණිය ගණ දෙවියන්ගේ බැතිමතුන් උදෙසාම මා විසින් වෙබ් අඩවියක් එළිදක්වනු ලැබීම එම සිදුවිමයි. මෙහිදි ගණ දෙවියන් පිළිබදව සිංහල බසින්ම ලිපි, බැතිමතුන්ගේ අත්දැකීම් ඇතුලු බොහෝ දේ සිංහල බසින්ම නොමිලේම ඔයාට දැනගන්න අවකාශ සැලැස්වීමයි මෙහි අරමුණ. මේ අදහස මට ඇත්තටම ඔලුවට එකතු කළේ ආදරණීය ගණ දෙවියන්. www.sriganesha.net ලෙස පවත්වාගෙන යන එම වෙබ් අඩවිය සිංහල බසින් ගණ දෙවියන් උදෙසාම වෙනුවෙන් ප්‍රථම හා එකම වෙබ් අඩවිය බවට පත්වෙනවා.

මෙම වෙබ් අවඩිය සදහා 2016- 2017 ඔක්තෝබර් දක්වා මූල්‍යමය අනුග්‍රහය  නිශාන්ත හා ෆැලන් බැතිමතුන් යුවල විසින් ලබාදුන් අතර ඔවුන්වත් ආදරයෙන් මතක් කළ යුතුමයි.

ස්මාර්ට්ෆෝන් එක ඔස්සේ.



ආදරණිය ගණ දෙවියන් වන්දනාමාන කරන ලාංකිය බැතිමතුන්ට ගණ දෙවියන් සමග නිරතුරුවම සම්බන්ධ විමට තවත් මාර්ගයක් තිබුනොතින් හොදයි යන අදහසත් සමග ඒ සදහා විවිධ මාර්ග කල්පනා කරනු ලැබුවා. ජංගම දුරකනය කියන එක අද පාසල් යන දරුවාගේ ඉදන් වැඩිහිටියන් දක්වා සීඝ්‍රයෙන් ප්‍රචලිත වි ඇති බව ඔබ අපි කවුරුත් දන්න දෙයක්. බස් එකක ගියත් , නිවසින් බැහැරවුනත් මේ දේ අපි හැමෝම ළග තියෙනවා. ඒ අනුව ආදරණිය ගණ දෙවියන් ඔබට ජංගම දුරකතනය ඔස්සේ සමීප කරවීමයි මීළග අරමුණ වුනේ.

මේ සදහා කාලය, ශ්‍රමය , මුදල් ඇතුලු බොහෝ දේ කැප කිරිමට සිදුවුන බවත් නිහතමානීව මතක් කළ යුතුයි (තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ කෙනෙකුට මේ පිලිබදව අවබෝධය ඇති). ඒත් ඒ සියල්ල සිදුකළේ ආදරණීය ගණ දෙවියන් වෙනුවෙන්මයි.  ඒ අනුව ගණ දෙවියන් උදෙසා නිර්මාණය වුනු ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක අද දවෙස්දි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික (විශේෂයෙන්ම සිංහල බැතිමතුන්) බැතිමතුන් උදෙසා මෙලෙස එළි දක්වනු ලබන බව සතුටින් දැනුම් දෙමි.


ඔබත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් භාවිතා කරනවානම් මෙම ඇප් එක නොමිලේම ඔයාට ලබාගත හැකියි. මෙහි කිසිදු දැන්වීමක් හෝ අන්තර්ගත කර නැති අතර මෙමගින් සතයක මුදලක් හෝ නැවත අපහට ලැබෙන්නේ නැත. මෙහි අන්තර්ගතය


මෙහි මූලිකව කොටස් 3ක් පවති
★ Worship
★ Mantras
★ Articles


★ Worship




මෙම කොටසේ ගණ දෙවියන්ගේ ලස්සනම ලස්සන රූපයක් ඔබට දැකගන්න ලැබෙනවා ඇති. මෙහි ඇති
එබිම තුලින් ඔබට මූල මන්ත්‍රයට සවන්දිම සිදුකළ හැක.


බොත්තම එබිම තුලින් ඔබට මෙම මූල මන්ත්‍රය මදකට නැවැත්වීම සිදුකළ හැක. නැවත සවන්දීමට Play බොත්තම එබිය යුතුය.

බොත්තම එබීම තුලින් මෙම මන්ත්‍ර වාදනය නැවැත්වීම සිදුකළ හැක.


ගණ දෙවියන්ගේ රූපය බලාගෙනම උන්වහන්සේ සමග සම්බන්ධ විම මෙමගින් ඔබට සිදුකළ හැක.

★ Mantras
කොටස යටතේ ගණ දෙවියන්ගේ බැතිමතුන් ලෙස ඔබ නිරතුරුවම භාවිතා කරන , භාවිතා කළ යුතු ස්තෝත්‍ර හා මන්ත්‍ර අඩංගු වේ. සිංහල බසින්ම නිවැරදි අක්ෂර වින්‍යාසය සහිතව ස්තෝත්‍ර හා මන්ත්‍ර සදහන් කර තිබේ. ඉදිරියේදි තවත්  ස්තෝත්‍ර හා මන්ත්‍ර ඔබගේ ඉල්ලීම මත අඩංගු කරනු ලබයි.



වාහනයක , නිවසින් බැහැරව ඕනෑම තැනක සිටියත් ගණ දෙවියන් සමග සම්බන්ධ විමට මෙය කදීම මාර්ගයකි.



★ Articles

කොටස ඔස්සේ www.sriganesha.net වෙබ් අඩවියේ සදහන් වන ලිපි ඔබට කියවිය හැක. මේ සදහා ඔබේ ජංගම දුරකතනයේ WiFi හෝ අන්තර්ජාල පහසුකම සක්‍රිය කළ යුතුයි.


ඔබේ සහය


ඔබ දැනටමත් ගණ දෙවියන්ගේ ආදරණීය බැතිමෙතකු/ බැතිමතියක නම් ඔබෙන් අවශ්‍ය පුංචි දෙයයි. මේ සදහා ඔබට වැය වෙන්නේ මුදල් නෙමේ, ඔබේ වටිනා කාලයෙන් තත්ත්පර 120 ක් වගේ කාලයක්. කරන්න තියෙන්නේ පහලින් තියෙන Sharing Caring කොටසින් F අකුර ක්ලික් කරලා මේ ලිපිය ඔයාගේ ෆේ්ස්බුක් මිතුරු මිතුරියන් අතර SHARE කරන්න.




දෙවැනි දේ තමයි මෙම ඇප් එක හැකිතාක් ඔබ දන්න ගණ දෙවියන් වන්දනාමාන කරන , ගණ දෙවියන් වන්දනාමාන කරන්න කැමැත්තෙන් ඉන්න අයට අදුන්වලා දෙන්න. පහත තියෙන ලින්ක් එක හෝ Google Play එකට ගිහින් Ganadevidun කියලා ටයිප් කිරිම තුලින් මෙම ඇප් එක හොයාගෙන Install කරගන්න පුලුවන්.


http://bit.ly/ganadevidunapp

ඇප් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරන්න  - http://bit.ly/ganadevidunapp


මේ සහය ඔබ අනිවාර්යයෙන්ම සිදුකරාවි කියලා විශ්වාස කරනවා. මොකද මෙය පුද්ගලික කටයුත්තක් නෙමේ, ආදරණිය ගණ දෙවියන් වෙනුවෙන්ම වෙන්වුනු කටයුත්තක්. ඔබ මෙම ඇප් එක තව අයට දැනුවත් කරනව කියන්නේ තව බැතිමතුන්ව ගණ දෙවියන්ට ආකර්ශණය වැඩිකරනවා වගේ දෙයක්. ආදරණීය ගණදෙවියන් එවැනි දේට කැමති බව ඔබ හොදටම දන්නවනේ. මේ ඇප් එකේ අඩුපාඩු බොහෝමයක් තියෙන්න පුලුවන්. මොකද ඉතා කෙටි කාලයකින් තමයි මෙය නිර්මාණය වුනේ. මෙහි අඩුපාඩු අලුත් අදහස් මෙහි comment එකක් විදියට හෝ ගෘප් එකට ඇතුලත් කරන්න. හැකි ඉක්මණින් ඒවාට විසදුම් දෙන්න අපි සූදානම්.

Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET