SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ

අපේ ආදරණියම ගණ දෙවියන් ආසම ආහාරයක් තමයි මෝදක. ගණ දෙවියන් සදහා මෝදක සාදා පූජා කිරිම ඉන්දියාවේ අනිවාර්යයෙන්ම දැකිය හැකි ක්‍රියාවක්. ඔයත් මේ වෙද්දි ගණ දෙවියන්ගේ බැතිමතෙක් නම් අනිවාර්යයෙන්ම එක වතාවක් හෝ ගණ දෙවියන්ට මෝදක පූජා කරන්න අමතක කරන්න එපා. බලමු එහෙනම් කොහොමද මෝදක ගෙදරදිම සාදාගන්නේ කියලා.

🔅
 මෝදක පූජාව 🔆

💢_පළමු පියවර_💢
මුලින්ම පිරවුම සකසා ගනිමු.
පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය;
  • සිහින්ව ගාගත් පොල් කෝප්ප 02
  • සූරාගත් හකුරු කෝප්ප 01
  • එනසාල් කුඩු තේ හැඳි 01
  • ගිතෙල් තේ හැඳි 02ක් පමණ
  • කුඩු කරගත් කජුමද අවශ්‍ය පමණ 
  • ලුණු තේ හැඳි බාගයක් පමණ

පිරවුම හදමු.
01) පළමුව බඳුනක් ලිප තබා මඳ රස්නය සහිතව රත් වීමට හරින්න..
02) ඉන්පසු එයට ගිතෙල් තේ හැඳි 02ක් පමණ එකතු කරන්න..
03) රත් වූ ගිතෙල් වලට කජු මද එක්කර බැදෙන්නට හරින්න..
04) එය රන් පැහැ වන විට එයට හකුරු එකතු කරන්න. හකුරු එකතු කළ පසු හොඳින් හැඳි ගාන්න. එවිට හකුරු දියවෙන්නට පටන්ගන්නවා..
05) හකුරු දියවෙන්නට හැර විනාඩි කිහිපයකින් ගාගත් පොල් එකතු කර හොඳින් කලවම් කරන්න..
06) ඒ සමඟම මිශ්‍රණයට එනසාල් කුඩු සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න..
07) දැන් මෙම මිශ්‍රණය තවත් විනාඩි 03 ක් පමණ හැඳි ගාමින් එය මදක් තෙත සහිතවම ලිපෙන් බාගෙන නිවෙන්නට තබන්න..
දැන් පිරවුම සකසාගෙන අවසන්.. ඊලඟට පිටි මිශ්‍රණය සාදමු..
💢_දෙවන පියවර_💢
පිටි මිශ්‍රනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  • සුදු කැකුළු හාල් පිටි කෝප්ප 01
  • වතුර කෝප්ප 01
  • ගිතෙල් තේ හැඳි 01
  • ලුණු ස්වල්පයක්

මිශ්‍රණය හදන්නේ මෙහෙමයි..
01) බඳුනක් ලිප තබා එයට වතුර කෝප්ප 01ක්, ගිතෙල් තේ හැඳි 01ක් සහ ලුණු ස්වල්පයක් එකතු කර රත් වෙන්නට තබන්න..
02) වතුර හොඳින් නටන විට ලිපේ රස්නය අඩු කර එයට හාල් පිටි ටික එකතු කරන්න. මෙම පියවරේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. හාල් පිටි ටික එකතු කරපු ගමන් හොඳින් මිශ්‍ර කරන්න. කැටි ගහෙන්න දෙන්න එපා. විනාඩියකට පමණ පසු ලිප නිවා මෙම බඳුන ලිපෙන් ඉවත් කර දිගටම හොඳින් මිශ්‍ර කරන්න. අතේ නොඇලෙන පරිදි මෙම මිශ්‍රණය තිබිය යුතුයි..
03) හොඳින් මිශ්‍ර වූවාට පසුව විනාඩි 10ක් පමණ තබන්න..
04) විනාඩි 10කට පමණ පසු මදක් උණුසුම්ව තිබියදීම මෙම පිටි මිශ්‍රණය ගිතෙල් ස්වල්පයක් තවරපු පිරිසිදු ලෑල්ලක් මතට දමා අතින් හොඳින් මිශ්‍ර කරන්න..
05) දැන් එම මිශ්‍රණයෙන් ටික ටික අරගෙන කුඩා බෝල සාදාගන්න. (හරියට අපි පොල් රොටී හදනවා වගේ) මේ කියපු රෙසපි එකට කුඩා බෝල 10-11ක් පමණ හදන්න පුලුවන්..
06) දැන් එම බෝල එකින් එක ගෙන අතේ තබා රවුම් ආකාරයට අත්ල මත වඩවගන්න..
07) සකසාගත් එම පිටි රවුම මැදින් පිරවුමෙන් ටිකක් තබා මල්ලක් ආකාරයට එකතු වන පරිදි ඇඟිලි තුඩු වලින් සකස් කරගන්න..
08) මෙලෙස සියලුම බෝල වලට පිරවුම එකතු කරමින් මෝදක හැඩය හදාගන්න..
09) සියළුම මෝදක සාදා අවසන් වූ පසු ස්ටීමරය භාවිතයෙන් මෙම මෝදක විනාඩි 10ක් පමණ ස්ටීම් කරන්න..
මෝදක හදන්න අමාරු නෑ.. හරිම පහසුයි.. ඔයාලත් අනිවාර්යෙන්ම චතුර්ති පූජාවට මෝදක හදල ගණදෙවියන්ට පූජා කරන්න.. ගණ දෙවියන් පුදුම විදියට සතුටු වේවී..

මතක තියාගන්න කලින් මෝදක හදලා නැත්නම් පූජාවට කලින් දවසක හදලා බලන්න.. එතකොට පූජාව දවසට ඔයාට රසම රස මෝදක හදලා ගණදෙවියන්ට පූජා කරන්න පුළුවන්..
ඔබ සැමට ගණදෙවි පිහිටයි..!!
උපුටාගැනීම
Shri Ganeshaya Dheemahi Page
Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET