ගණ දෙවි බැතිමතුන් නිතර අහන ප්‍රශ්න.

By 11:56 AM

ගණ දෙවි බැතිමතුන් නිතර අහන ප්‍රශ්න.




ගොඩ කාලෙකින් අලුත් ලිපියක් ලියන්න හිතුවා. කාල වේලාව මදිකම නිසා පසුගිය කාලය තුල ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. Facebook page එකට ගොඩ දෙනෙක් අලුත් බැතිමතුන් විවිධ ප්‍රශ්න අහල එවනවා. ඉතින් මේ ඉදිරියේදිත් ඒ වගේ ප්‍රශ්න තියෙන වගේම අලුතින් ගණ දෙවියන් වන්දනාමාන කරන්න ඉන්න බැතිමතුන් උදෙසාම ලියනු ලබන ලිපියක්.

1. ගණ දෙවියන් යනු කවුරුන්ද?

ගණ දෙවියන්ව ඔබ පොඩි කාලේ ඉදන් අහල තියෙන දෙවි කෙනෙක්. විශේෂයෙන්ම නුවණට අධිපති කියල ගණ දෙවියන් හදුන්වන බව ඔබ පුංචි කාලේ ඉදන්ම දන්නවනේ. ගණ දෙවියන් කියන්නේ දේවතා මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් ලෙස හදුන්වන දෙවියන්. ඒ වගේම හින්දු ආගමේදි මුලින්ම වන්දනාමාන කරන්නෙත් ගණ දෙවියන්ට. ඔබ දැනටමත්  වෙනත් දෙවි කෙනෙක් වන්දනාමාන කරනවනම් ගණ දෙවියන් වන්දනාමාන කරන එකත් අරඹන්න. මිනිස්සුන්ගේ වගේ දෙවියන් අතර තරගයක් නැහැ. ගණ දෙවියන්ට හැම දෙවි කෙනෙක්ම ආදරෙයි.

වැඩි විස්තර දැනගන්න අපි විසින් පළ කරනු ලිපියක් පහත ලින්ක් එක ඔබලා ඔබට දැනගන්න පුලුවන්.

කියවන්න - උතුම් ශ්‍රී ගණ දෙවියන්

2. ගණ දෙවියන් වන්දනාමාන කරන්නේ කොහොමද?

මේක නිතරම අහන ප්‍රශ්නයක්. ගණ දෙවියන් වදින්න කලින් ඇත්තටම ඔබේ චේතනාව මොකද්ද කියන එක ඔබම කල්පනා කරල බලන්න. ඔබට ඕන සල්ලි නම්, උදව් ගන්න නම් ඒ දේ බලාගෙන දෙවියන් වදින්න එපා. බහුතර සිංහල  මිනිස්සු (99 %ක්ම) දෙවියන් වදින්නේ උදව්වක් ගන්න. මතක තියාගන්න දෙවියන් කියන්නේ මැජික් කරන අයට නෙමේ. ඒ නිසා ඔබ ඇත්තටම ගණ දෙවියන් වදින හේතුව කල්පනා කරල බලන්න. ළග ගෙදර අය වදින්න පටන් ගත්තු නිසාද? නැත්නම් කාටහරි හරි ගියපු නිසාද කියල.

ඔබ තුල ඇත්ත වශයෙන්ම භක්තියක් ආදරයක් ඇතිවෙලා දෙවියන් වදින්න අරඹනවනම් විතරයි ඔබට ඕනැම දෙවි කෙනෙකුගෙන් පිහිට ලැබෙන්නේ.

මේ ගැන මම ලියපු දීර්ඝ සටහනක් තියෙනවා. ඒක කියවන්න පහත ලින්ක් එක ඔබලා.

කියවන්න - ගණ දෙවියන් වන්දනාමාන කිරිම ආරම්භ කරන්නේ කෙසේද?

3. ගණ දෙවියන් වදින්න කලින් ඔබ අනුගමනය කළ යුතු පිලිවෙත්  මොනවාද?

ඕනෑම දෙවි කෙනෙක් පිහිට වෙන්නේ හොද ගුණ ධර්ම , ගතිගුණ තියෙන අයට. ඔබ අනුන්ට කරදරයක් වෙන, සමාජයට අයහපතක් වෙන දෙයක් කරනවනම් , දෙවියන්ගේ පිහිට ලැබීම ගැන හිතින් අත් ඇර ගන්න. මුලින්ම ඔබ හොද ගුණ ධර්ම වලින් හෙබි කෙනෙක් විය යුතුයි. මේකෙන් අදහස් කරන්නේ නෑ 100 % පව් වලින් වැලකෙන්න කියන එක. පුංචි හෝ නොදැනුවත් ව දේවල් අපි අතින් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඔබ හිතාමතා නරක වැඩ , පව් වැඩ කරන එක නැවැත්විය යුතුයි.

ඔබ බෞද්ධ කෙනෙක් නම් , බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරිම අවශ්‍යයි. මුලින්ම මුල් තැන දිය යුත්තේ බුදුදහමට. ඒත් ගොඩක් බෞද්ධ අය කරන්නේ බුදුදහම අමතක කරල දෙවියන් වදින වැඩේ විතරක් කරන එක. ඔබ දන්නවනේ , දෙවියන් පවා බුදුන්වහන්සේ ට වන්දනාමාන කර ඇති බවට පොත්පත් වල සදහන් වෙනවා. ඒ නිසා ඔබ මුලින්ම ගෙදර බුදුපහණ තියන එක කරන්න. පසුව ගණ දෙවියන්ට පහන පත්තු කරන්න පුලුවන්. ඒ වගේම මතක තියාගන්න බුදුපහණ තියෙන ආසනය , ගණ දෙවි පූජාසනයට වඩා උඩින් තිබිම අනිවාර්යයි.

පිරිසිදුකම - ගොඩක්ම වැදගත්. දෙවියන්ට වැදගත්ම දෙයක් තමයි පිරිසිදුකම. පූජාසනය පිරිසිදු තැනක තියන්න. ඒ වගේම ඔබත් වන්දනාමාන කරන්න කලින් පිරිසිදු වී ඉන්න ඕන.

4. ගණ දෙවියන් වදින වෙලාව කීයද?

මේක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. මගේ පෞද්ගලික අදහස නම් ගණ දෙවියන් සෑම මොහොතේම අපිත් එක්ක ඉන්න දෙවි කෙනෙක්. නිශ්චිත වෙලාවකට විතරක් පෙනි ඉන්න දෙවි කෙනෙක් නෙමේ. ඒ නිසා නිශ්චිතම වෙලාවක් කියන එක නම් මම අනුමත කරන්නේ නැහැ. කෙසේ නමුත් පාන්දර 4 වගේ ඉදන් උදෑසන 9 වගේ කාලය තුල ඔබට හැකි වෙලාවක වන්දනාමාන කරන එක සුදුසුයි. ඒ වගේම සවස් වරුවේ වන්දනාමාන කරන කෙනෙක් නම් හවස 6 ඉදන් 8 වගේ කාලය තුල සුදුසුයි යන්නයි මගේ අදහස.

5. ගණ දෙවියන් වදින්න දිශාවක් තියෙනවද?
නැගෙනහිර දිශාවට මුහුණ හැරවීම වඩාත් සුභයි.

6. මට මල් තියන්න වෙන්නේ නැහැ. ඒක කමක් නැද්ද?

ඔබ ඉන්නේ ඔබේම නිවහනක නම් මල් පැලයක් හදාගන්න එක අපහසු නෑනේ. ඇත්තටම ඔබ තුල භක්තිය තියෙනවම් ඔබට පුලුවන් මල් පැලයක් හදාගෙන සාත්තු කරන්න. ඒ මල් ආදරණීය ගණ දෙවියන්ට තියන්න. හැබැයි ඔබ ඉන්නේ බෝඩිමක වගේනම් සමහරවිට මල් හොයන්න අපහසු වේවි. ගැටලුවක් නෑ.

7. මොකද්ද මේ  ගණ දෙවි 108 පූජාව කියන්නේ ?

අපි ඕනෑම කෙනෙක් කැමති අපිව ප්‍රශංසා කරනවනම්. ඒ වගේමයි දෙවියනුත්. ආදරණීය ගණදෙවියන්ව ප්‍රශංසා කරන්න අපිට පුලුවන්. ගණ දෙවියන්ට කියන නම් 108ක් වගේම 1000 කුත් තියෙනවා. 108 පූජාවේදි අපි කරන්නේ ගණ දෙවියන්ට උන්වහන්සේගේ උතුම් ගුණ 108 කියමින් ප්‍රශංසා කරන එක.

කොහොමද ඒක කරන්නේ?

ඔබ ගණ දෙවි 108 පූජාව කරන්න නම් අවම වශයෙන් හොදින් ගණදෙවියන්ව මාස 03ක් හෝ වන්දනාමාන කිරිම වැදගත්. මෙහිදි අපි කරන්නේ 108ක් වෙන්න පැණිරස ආහාරයක් (බිත්තර වලින් තොරවිය යුතුයි) , එහෙමත් නැත්නම් පෑන් පොත් වගේ දේවල් වලින් 108ක් මිලදිගෙන. එක් එක් ප්‍රශංසා ගාථාව කියමින් ඒ එක එකක් දෙවියන්ට පූජා කිරිම. පසුව ඔබ ඒ පූජා කළ දේ අනිත් අය අතර බෙදාදිලා ගණ දෙවියන්ට පිං පමුනුවන්න පුලුවන්. එහෙම නැත්නම් ඔබට මල් 108 ක් වුනත් පූජා කළ හැකියි. මේ මන්ත්‍ර 108  අඩංගු පොත් වෙලද පොලේ තියෙනවා. හෙයාල බලන්න. මේ පිළිබදව දිර්ඝ ලිපියක් ඉදිරියේදි ලියන්නම්.

8. ගණ දෙවියන් ට හැමදාම වදින්න ඕනද ?

මේ ප්‍රශ්නය ගොඩක් දෙනෙක් අහන දෙයක්. ඇත්තටම ඔබ භක්තියකින් වදින කෙනෙක් නම් ඔබට මෙහෙම ප්‍රශ්නයක් එන්න බෑ. මොකද ඔබ ආදරයෙන් භක්තියෙන් වදිනවනම් ඔබ කොහොමරි හැමදාම වදිනවා.

9. මට හැමදාම වදින්න වෙලාවක් නෑනේ. මොකද කරන්නේ ?

මේකත් හුගක් දෙනෙක් අහන දෙයක්. ඇත්තටම වෙලාවක් නෑ කියල දෙයක් නෑ. මොහොතක් හිතන්න ඔබට කොච්චර වැඩ රාජකාර තිබ්බත් ඔබ දවල් ට ,උදේට හෝ රෑට නොකා ඉන්නවද? නෑනේ. අනිවාර්යෙයන්ම එ් සදහා කාලය යොදවනවා. ඒ නිසා ඔබට මොන වැඩේ තිබ්බත් උනන්දුව ආසාව තියෙනවනම් ඒ සදහා කාලය වෙන් කරගත හැකි. උදාහරණයක් විදියට මේ සටහන ලියන මම සදුද දවසේදි නිවසින් යන්නේ පාන්දර 4-5 අතර. හැබැයි මම දෙවියන් වදින්න ටිකක් කලින් නැගිටල ලෑස්තිවෙනවා.

10. ගණ දෙවියන් ට වැඩියෙන් පූජා කළ යුතු ආහාර මොනවාද ?

ගණ දෙවියන් ගොඩක් ම කැමති දෙලුම් වලට. ඔබට පුලුවන් පිරිසිදු දෙලුම් ගෙඩියක් වෙළදසැලකින් ලබාගන්න. එ් වගේමයි හකුරු මිශ්‍ර කිරිබත් ගණ දෙවියන් කැමතිම දෙයක්.  ඒ වගේම ලඩ්ඩු , මෝදක වගේ පැණරස දේවල් වඩාත් කැමැතියි. YouTube එකට ගිහින් ඔබට පුලුවන් මේ කෑම වලට අදාල කෑම වට්ටෝරු නොමිලේම බලාගන්න. මීට අමතරව කෙසෙල් , පොල් වගේ දේවලුත් පූජා කරන්න.ඒ වගේම  බිත්තර අඩංගු නොවන පැණිරස දේවල් ද ඔබට ගණ දෙවියන් වෙනුවෙන් පූජාකළ හැකියි.

11. මට ගණ දෙවි පිළිමයක් නැහැ . කාඩ් එකකට තමයි වදින්නේ. කමක් නැද්ද?

ඔබට ගණ දෙවි පිළිමයක් ගන්න මුදල් අපහසුකම් තියෙනවනම් ගැටලුවක් නැහැ. දිනපතාම ගණ දෙවියන්ට ආදරෙන් වදින්න. පසුව ගණ දෙවියන්ට කියන්න ඔබට පිළිමයක් ගන්න අවශ්‍ය මුදල් ටිකක් ලබාදෙන්න කියල. එහෙම කියල නිකන් ඉදල හරියන්නේ නෑ. මහන්සිවෙන්න. ඔබ නිවැරදි නම් දෙවියන් ඔබට අවශ්‍ය මුදල ඉක්මණින්ම හිතන්නේ වත් නැතිවිදියට ලබාදේවි.

12. කෝ ගණදෙවියන්ගෙන් දේවල් ඉල්ලුවට මුකුත් තාම ලැබුනේ නෑනේ. ඇයි ඒ?

අපේ සිංහල මිනිස්සු කියන්නේ හරිම කම්මැලි ජාතියක්. සමාවෙන්න කණගාටුවෙන් හරි කියන්න ඕන. දෙවියන්ගෙන් දේවල් ඉල්ලුව පලියට , දේවාලේට ගිහින් පළතුරු වට්ටියක් පූජාකරපු පලියට හෝ කපු මහත්තයට රුපියල් 1000 දුන්න කියල දෙවියෝ පිහිට වෙනවා කියල හිතාගෙන ඉන්න ජාතියක්. මේකට මුලික හේතුව දෙවියන් වදින්නේ උදව් ගන්න. එහෙම නැත්නම් කරදරයක් වුනාම විතරයි.

ඔබ නිවැරදිව භක්තියෙන් වදිනවනම් ඔබට ඉල්ලන්න කලින් දෙවියන් අවශ්‍ය දේ ලබාදෙනවා. මම ඒක අත්දැකපුම දෙයක්. ඒ වගේම අවශ්‍යම දෙයක් විතරයි දෙවියන්ගෙන් ඉල්ලිය යුත්තේ. එහෙම කියල ගෙදරට වෙලා කම්මැලිකමේ ඉදලා හරියන්නේ නෑ. ඒ සදහා මහන්සිවෙන්න.

ඊට පස්සේ ගණ දෙවියන්ටයි දෙවිවරුන්ටයි Facebook එකේ බැනලා දාන්න එපා.

13. ඔයාට ඒ වගේ අත්දැකිම් තියෙනවද ?

මම දැනට අවුරුදු 5ක් වෙනවා ගණ දෙවියන් වදින්න අරගෙන. මට ලැබුනු පිහිට අත්දැකීම් ගැන නම් කියන්න වචන නෑ. මේ වෙබ් පිටුව , පේජ් එක,ගෘප් එක ඇප් එක මේ හැම දේම ඔබට මම සතයක්වත් ගන්නේ නැතිව දැනුම ලබල දෙන්නේ දෙවියන්ට මම විසින් කළ හැකි ප්‍රශංසාවක් ලෙස. ඒතරමට මට දේවල් ගණ දෙවියන්ගෙන් ලැබිල තියෙනවා. ආරක්ෂාව පිහිට. ඒ වගේම කොහොමවත් වෙන්නේ නැති දේවල් පවා වෙනස් වුනු අවස්ථා තියෙනවා.

මම කියන්නේ ඔබ තව කෙනෙක් කියන පලියට දෙවියන් වදින්න එපා. ඔබම අත්දැකල බලන්න. මම උසස්පෙළට ගණිත අංශය හදාරලා දැන් ඉංජිනේරුවරයෙක් විදියට සේවය කරන කෙනෙක්.කෙනෙක් කීව පලියට දේවල් විශ්වාස කරන්නවත් , මිථ්‍ය  දේවල් විශ්වාස කරන්නවත් මම පුරුදුවුනු කෙනෙක් නෙමේ. මම අත්දැකීම් තුලිනුයි අත්වින්දේ ගණ දෙවියන් ඉන්නවා කියන එක.

14. ගණ දෙවියන්ට කියන ගාථා මොනවද?

ගණ දෙවියන් වන්දනාමාන කිරිම ඇරඹිය යුත්තේ මූල මන්ත්‍රය කියල. පසුව අනිත් ගාථා කිව හැකියි. ඔබ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් භාවිත කරනවනම් මේ ඇප් එක නොමිලේම ගන්න. මෙහි ගාථා අඩංගුයි.

http://bit.ly/ganadevidunapp

15. මොකද්ද ගනේෂ් චතුර්ති කියන්නේ ?

ගනේෂ් චතුර්ති කියන්නේ ගණ දෙවියන්ගේ උපන්දිනය දවස සැමරිම. මෙය ඉන්දියාවේ සෑම වසරකම සිදුකරනවා. 2018 වසරේ මෙය යෙදි තිබෙන්නේ සැප්තැම්බර් 12 වෙනිදා. ඒ දවසට පුලුවන් ඔබට ගණ දෙවියන් වෙනුවෙන් වෙනදටත් වැඩිය පුද පූජා , ප්‍රශංසා කරන්න.  වැඩි විස්තර පහතින් කියවන්න පුලුවන්

කියවන්න - ගනේෂ් චතුර්ති යනු කුමක්ද ?

දිනපතාම ගණ දෙවියන්ට මේ විදියට වන්දනාමාන කටයුතු සිදුකරන්න. ගණ දෙවියන් පිළිබදව වෙළද පොල තුල අන්තර්ජාලයේ බොහෝ ලිපි පොත්පත් තියෙනවා. ඒවා කියවන්න. ඔබට පුලුවන් ඔබේ ෆේස්බුක් ගිණුමට ඇතුලත් වි පහත ලින්ක් එක ක්ලික් කරන්න පසුව එම ගෘප් එකට සම්බන්ධ වි ඔබට ඇති අනෙකුත් ගැටලු විසදාගන්න පුලුවන්
ඉදිරියේදි තවත් බොහෝ වැදගත් ලිපි අලුත් බැතිමතුන් වෙනුවෙන් පළ කරන්න සූදානම්. ඒ පිළිබදව මුලින්ම දැනුවත් වෙන්න මෙම ෆේස්බුක් පිටුවට LIKE කරන්න.
https://www.facebook.com/LordGaneshaDevotees/


ඔබ දැනටමත් ගණ දෙවියෙක්ගේ බැතිමතෙක් හෝ අලුත් බැතිමතෙක් නම් මෙම ලිපිය ඔබේ Facebook යාලුවන්ට දැනගන්න සැලසීම ඔබේ යුතුකමක්. ඒ සදහා ඔබට සතයක මුදලක් හෝ වැයවෙන්නේ නැහැ. ගණ දෙවියන් ගොඩක්ම කැමතියි උන්වහන්සේගේ නාමය තවත් අයට දැනගන්න ලබාදෙනවාට. මේ ලිපිය ඔබ තව කෙනෙක්ට බලන්න සලස්වනවා කියන්නේ ගණ දෙවියන් ගැන තව කෙනෙක්ට කියලා දෙනවා වගේ  වැඩක්. ඒ නිසා පහතින් තියෙන Sharing is Caring යටතේ ඇති F අකුර ක්ලික් කොට Facebook එකේ යාලුවෝ අතර මෙම ලිපිය බෙදාගන්න පුලුවන් ඔබට. නොසලකා හරින්න එපා.

You Might Also Like

0 comments