SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ




අපි ගොඩක් ආදරය කරන දෙවි කෙනෙක් තමයි ගණ දෙවියන් කියන්නේ. ඔයා මේ ලිපිය කියවන්න ආරම්භ කරල කියන්නේ ඔයත් මේ වෙද්දි ගණ දෙවියන් වදින කෙනෙක් වෙන නිසා. සමහර විට ඔයා ගණ දෙවියන් වදින්න අලුත් වෙන්න පුලුවන්, එහෙම නැත්නම් පැරණි බැතිමතෙක් වෙන්නත් පුලුවන්. ඒ කොහොම වෙතත් අපි හැමෝටම වැදගත්ම දිනයක් තමයි ගණ දෙවියන්ගේ උපන්දිනය කියන එක.

 ගණ දෙවියන්ගේ උපන්දිනය පාදක කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය ගනේෂ් චතුර්ති උත්සවය කියල තමයි හදුන්වන්නේ. ඉන්දියාවේ මෙය ඉතාමත්ම ඉහලින් සමරනවා. මෙම ගනේෂ් චතුර්ති උත්සවය පිළිබදව මම කලින් ලියපු දිර්ඝ ලිපිය මේ වන විටත් ඔයා කියවල නැත්නම් පහත ලින්ක් එකෙන් ගිහින් කියවන්න.

http://www.sriganesha.net/2016/09/what-is-ganesh-chaturthi-and-how-it-is.html

ගනේෂ් චතුර්ති හෙවත් ගණ දෙවියන්ගේ උපන්දිනය ගනේෂ් චතුර්ති දිනය. ගොඩක් දෙනෙක් අහනවා කොහොමද මෙය සැමරිය යුත්තේ කියල. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? හිතන්න කොහොමද ඔයා ආදරය කරන කෙනෙක්ගේ උපන්දින උත්සවය සංවිධානය කරන්න ලැබුනොතින් ඔයා එය කරන්නේ. උදාහරණයක් විදියට ඔයාගේ දෙමව්පියන්ගේ , නැත්නම් දුවගේ පුතාගේ එහෙම නැත්නම් සැමියාගේ / බිරිදගේ. ඒවගේ උපන්දින උත්සවයක් සංවිධානය කරද්දි පුලුවන් උපරිමෙන්ම ඔයා සංවිධානය කරනව නේද? ඉතින් එහෙමනම් ගණදෙවියන්ගේ උපන්දිනය කියන්නේ අපි ඊටත් වඩා උපරිමෙන් ආදරෙන් සැමරිය යුතු එකක්. ගණ දෙවියන්ගේ කියන්නේ මේ ලෝකේ සියලුම දෙවිවරුන්ගේ (ඔයා දන්න කතරගම , විෂ්ණු , ලක්ෂ්මි ඇතුලු නම සදහන් කර නැති සියලුම දෙවි දේවතාවන්) ප්‍රධානියා තමයි ගණ දෙවියන්. ඉතින් හිතන්නකෝ ගණ දෙවියන්ට තියෙන තැන. ඒ වගේ කෙනෙක්ගේ උපන්දිනය සමරන්න ඔයාට ලැබෙනව කියන්නේ ඉතාමත්ම වටින දෙයක්. ඒ වගේම දෙව්ලොව සෑම කෙනෙක්ගේම ආදරයට පාත්‍රවුනු දෙවි කෙනෙක් තමයි අපේ ආදරණීය ගණ දෙවියන්.


 නිවසේදි පූජාව සිදුකරන අයුරු. 



රොෂානා ගෝමස් බැතිමතිය ගියවර සිදුකළ පූජාවේ ඡායාරූපයක්. 


 ගණ දෙවියන්ගේ උපන්දිනය සමරන  දවසේ ඔයා නිර්මාංශ වි සිටිම ගොඩක් වැදගත්. ඔයාට පුලුවන් නම් ඊට පෙර දිනයේ හෝ ඒ සතියම වුනත් නිර්මාංශ වෙලා ඉන්න ඒක ගොඩක් ම වැදගත් දෙයක්.  උදෑසනම අවදි වෙලා , (ඔයා බෞද්ධ කෙනෙක් නම් බුදු පහන තියලා ඒ වතාවත් කරල) ගණ දෙවියන්ගේ උපන්දිනය සමරන්න සූදානම් වෙන්න.




නිවසේ දී පූජාවට අවශ්‍ය දේ.


  • ගණ දෙවියන් කැමතිම ආහාර - මෝදක, ලඩ්ඩු , කඩල , වඩේ
  • (මීට අමතරව ඔබ කැමති ආහාරයක් තියන්න පුලුවන්. හැබැයි ඒ සියල්ල නිර්මාංශ විය යුතුයි. බිත්තර අඩංගු වුනු කිසිම දෙයක් තියන්න එපා)
  • ගණ දෙවියන් ප්‍රිය කරන පළතුරු - කෙසෙල් , අඹ , දෙලුම් මිට අමතරව තවත් කැමති පළතුරු තියන්න.
  • රතු පාට මල්.
  • ස්නාන පූජාව සදහා ද්‍රව්‍ය.
  • පහනක්.
  • සුවද දුම්.
  • පැන්.
  • පොල් ගෙඩියක්.
  • 108 හෝ 1000 පූජාව සදහා පැණිරස හෝ මල් හෝ ඔබ පූජාකරන දේවල්.


නිවසේ දී පූජාව සිදු කරන අයුරු.

මුලින්ම ගණ දෙවියන් උදෙසා ස්නාන පූජාව සිදුකරන එක ගොඩක්ම වැදගත් දෙයක්. මෙය ආරම්බ කිරිමට පෙර ඔබ ස්නානය කරගෙන පිරිසිදුව ඉන්න. කොහොමද ඒක කරන්නේ.

ස්නාන පූජාවට අවශ්‍ය දෑ.

 ඔබ නිතරම වන්දනාමාන කරන ගණ දෙවි ප්‍රතිමාව. (නෑවිමට සුදුසු ගණ දෙවි ප්‍රතිමාවක්)

පෙරාගත් ජලය , කිරි, කහ වතුර , මුදවපු කිරි , දෙහි යුෂ , සහල් පිටි දිය කල ජලය , ගිතෙල් , සුවද පැන් (මෙයින් සියල්ලම ගන්න අපහසු නම් ඔබට හැකි පරිදි ලබාගන්න. හැබැයි සියල්ලම පිරිසිදු ඒවා විම වැදගත්) පූජාසනය ළගට යන්න.

ස්නාන පූජාව සිදුකරන අයුරු.

  • මූල මන්ත්‍රය තුන්වතාවක් කියන්න. පසුව ඔයා මේ කරන්න යන ස්නාන පූජාව ගැන ආදරණීය ගණ දෙවියන්ට ඔයාගේ වචන වලින් කියන්න. මෙන්න මේ වගේ.
    මගේ ආදරණීය ගණ දෙවියනි අද ඔබේ උපන්දිනය. මුලින්ම ස්නාන පූජාව සිදුකරන්නයි මම සූදානම් වන්නේ. මෙම ස්ථානයට වඩින්න ආදරණිය ගණ දෙවියනි .
  •  පසුව ඔබ සූදානම් කරගත් ඉහත දෑ අඩංගු භාජන සහිත තැනට ගණ දෙවි ප්‍රතිමාව රැගෙන යන්න. එහෙම නැත්නම් පූජාසනයේදි සිදුකළ හැකි නම් එතැනදි මෙම ස්නාන පූජාව කරන්නත් පුලුවන්.
  • ගණ දෙවි පිළිමය බේසම තුල තබන්න.
  • පසුව මුලින්ම පෙරාගත් වතුරින් ප්‍රතිමාව ස්නානය කරන්න. (ඒ කරන ගමන් ඔයාට පුලුවන් ආදරණීය ගණ දෙවියන්ට කතාකරන්න. ) හැම තැනටම වතුර වැටෙන පිරිදි ප්‍රතිමාව පිරිමදිමින් ස්නානය කරවිම සිදුකරන්න.
  • පසුව කහ වතුරින් ප්‍රතිමාව ස්නානය කරවන්න. ඊළගට සහල් පිටි දිය කළ ජලයෙන් ප්‍රතිමාව ස්නානය කරවන්න.
  • පසුව කිරි වලින් ප්‍රතිමාව ස්නානය කරවන්න.
  • පසුව දෙහි යුෂ වලින් ප්‍රතිමාව ස්නානය කරවන්න.
  • ඊළගට මුදවපු කිරි වලින් ස්නානය කරවන්න. දැන් වතුර වලින් නැවත ස්නානය කරවන්න.
  • ඊළගට මිපැණි වලින් ස්නානය කරවන්න.
  • ගනේෂ් චතුර්ති දවසේදි ඉන්දියාවේ නම් පංචමිත්‍ර කියල දෙයක් සාදනවා (කිරි ,මුදවපු කිරි, මිපැණි , ගිතෙල් හා සීනි එකතු කරලා හදපු මිශ්‍රණයක්). එයිනුත් ස්නානය කරවන්න ඔබට පුලුවන්.
  • පසුව වතුරින් නැවත් ස්නානය කරවන්න. මේ සියල්ල කරන අතරතුර අනවශ්‍ය ජලය / යුෂ ආදිය බේසමෙන් ඉවත්කරමින් පිරිසිදු බව රැකගනිමින් මෙය සිදුකිරිම වැදගත්.
  • පසුව බේසමෙන් ප්‍රතිමාව එළියට රැගෙන ඉතාමත් පිරිසිදු තුවායකින් හෝ ටිෂු එකකින් තෙත මාත්තු කරන්න.


  • පසුව ඔබගේ පූජාසනයට ගණ දෙවි ප්‍රතිමාව වැඩමකරන්න.


මෙම පූජාව සිදුකරන අතරතුර ගණ දෙවියන්ගේ මන්ත්‍ර ඇතුලත් ස්තෝත්‍ර පසුබිමින් වාදනය කරන්නත් ඔබට පුලුවන්.


නිමේෂ් ප්‍රනාන්දු බැතිමති විසින් ගියවර කළ පූජාවේ ඡායාරූපයක්. 


දැන් ස්නාන පූජාව අවසන්.
  • ඊළගට ඔබ කළ යුත්තේ ගණ දෙවියන් සදහා පහන පත්තු කරන්න.
  • සුවද දුම් පූජා කරන්න. මල් පූජා කරන්න.
  • ඊළගට ගණ දෙවියන් කැමතිම ආහාරයක් තමයි මෝදක කියන්නේ. මෝදක නිවසේදිම හදන්න ඔබට පුලුවන්. මෝදක පූජා කරන්න.
  • පසුව ඔයා විසින් හදපු තවත් ආහාර (ලඩ්ඩු ., කඩල ආදිය) පූජා කරන්න. පළතුරු පූජා කරන්න.
  • පොල් ගෙඩියක් දෙකට කපල දෙබෑ දෙක ගණ දෙවි ප්‍රතිමාව දෙපස තියන්න.
  • දැන් ගණ දෙවියන්ට කියන්න. ආදරණිය ගණ දෙවියනි අද ඔයාගේ උපන්දිනය. ඒක සමරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ වහන්සේ මෙම පූජාසනයට වඩින්න කියල ගෞරවයෙන් ආරාධනා කරන්න. පසුව 108 හෝ 1000 පූජාව සිදුකරන්න.


මෙම ලිපියෙන් මම බලාපොරොත්තු  වුනේ නිවසේදි ගණ දෙවියන්ගේ උපන්දිනය මෙවර සැමරිය යුත්තේ කොහොමද කියල අලුත් බැතිමතුන්ට අදහසක් දෙන එක.

ගනේෂ් චතුර්ති පිලිබදව මම ලියපු දිර්ඝ ලිපිය  අනිවාර්යෙන්ම කියවන්න පහතින් ලින්ක් එකට ගිහින්.

http://www.sriganesha.net/2016/09/what-is-ganesh-chaturthi-and-how-it-is.html

ඒ වගේම  මෙම ලිපිය අවසානයේ ඔයාට දකින්න ලැබෙන 'F' අකුර ඔබලා ඔයාගේ Facebook ඒකේ මිතුරන්ටත් මෙම ලිපිය SHARE කරන්න. ගණ දෙවියන් ගැන අනික් අයට කියන එක ගොඩක් වැදගත්. නොසලකා හරින්න එපා. මොකද මෙහෙම share කරන්න ඔයාට වියදමක් යන්නේ නැ.
Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET