SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ
ගොඩ දෙනෙක් අපේ Facebook පිටුවට පණිවිඩ එවල අහල තිබ්බා ගණ දෙවි පූජාවක් නිවසේදි පවත්වන්නේ කොහොමද කියල. තවත් සමහරු අහල තිබ්බා 108 පූජාව කියන්නේ මොකද්ද කියල. ඒ නිසා මම හිතුවා මගේ අත්දැකීම් එක්කම ලිපියක් ඔයාලා වෙනුවෙන් ලියන්න. ගණ දෙවි පූජාව පවත්වන්නේ කවදටද? අලුත් ව්‍යාපාරයක් ආරම්භයේදි , එහෙම නැත්නම් සෑම සුබ කාර්යයකම ආරම්භයේදිම වගේ ගණ දෙවියන් වන්දනාමාන කරන එක හින්දු ජනයාගේ පුරුද්දක්. ඒකට හේතුව තමයි ගණ දෙවියන් කියන්නේ දේව මණ්ඩලේ ප්‍රධානියා. ගණ දෙවියන්ට පූජාවක් කරමින් සාර්ථකත්වය ඉල්ලා සිටින අතර බාධා දුරුකරල දෙන මෙන් ඉල්ලා සිටිනවා. එයට හේතුව ගණ දෙවියන් කියන්නේ බැතිමතුන්ගේ බාධා දුරුකරල දෙන දෙවි කෙනෙක් නිසා. ගණ දෙවි පූජාවක් තියන්න හොද දවසක් තමයි සදුදා , ඒ වගේම ගණ දෙවියන්ගේ උපන්දිනය සමරන චතුර්ති දවසත් ගොඩක් වැදගත්. කෙසේ වෙතත් විශේෂම දවසක් කියල නෑ , ඔබට හැකි සෑම අවස්ථාවකම වගේම ඔබ කරන සෑම අලුත් වැඩකටම කලින් ගණ දෙවියන්ට පූජාවක් තියලා ආශිර්වාදය ඉල්ලන එක හොද දෙයක්.

ගණ දෙවි පූජාව තියන්න කලින්.

නිර්මාංශ වීම.

 ඔබ පූජාව තියෙන දවස පුරාම නිර්මාංශ විම ගොඩක් වැදගත්. ඔබට පුලුවන් නම් ඊට පෙර දවස පුරාම ත් නිරමාංශ ව සිටින්න , ඒක ගොඩක් වැදගත් දෙයක්.

පිරිසිදුකම.

පිරිසිදුකම ගොඩක් වැදගත් දෙයක්. දෙවියන්ට පූජාවක් පවත්වන්න කලින් හොදින් ස්නානාය කර හොදට පිරිසිදු වෙන්න. ඒ විතරක් නෙමේ ඔබේ ගණ දෙවි පූජාසනය හොදට පිරිසිදු කරන්න.

ගණ දෙවි පූජාවකට වැදගත් වෙන දේවල්.

ගණ දෙවි පූජාව ඔබ නිවසේ තියෙනවනම් ඔබට පුලුවන් පහත දේවල් ලෑස්ති කරගන්න. ගණ දෙවියන් ගොඩක්ම කැමති ආහාර වලින් එකක් හෝ පූජා කරන්න උත්සාහ කරන්න. පහතින් සදහන් වෙන්නේ ආහාර කිහිපයක්
  • උක් 
  • හකුරු මිශ්‍ර කිරිබත්. 
  • ලඩ්ඩු. 
  • දෙලුම්. 
  • වඩේ. 
  • පැණිරස ආහාර (බිත්තර අඩංගු නොවන)
  • රතු මල්.
මොකද්ද මේ 108 පූජාව  හා සහස්‍රනාම් පූජාව කියන්නේ?

 108 පූජාව හෝ සහස්‍රනාම් පූජාව අපි මෙහිදි සිදුකරනුයේ ගණ දෙවියන්ට නම් 108 ක් ගායනා කරමින් උන්වහන්සේව වර්නනා කිරිමක්. සහස්‍රනාම් පූජාවේදි සිදුකරන්නේ ගණ දෙවියන්ට නම් 1000 ක් කියමින් උන්වහන්සේ ප්‍රශංසා කිරිමක්.

108 පූජාව පවත්වන්නේ කොහොමද? 

  • මේ සදහා ඔබට මල් හෝ පැණිරස (බිත්තර රහිත) 108ක් තබාගත යුතුයි. 
  • පහනක්. 
  • හදුන්කූරු. 
  • ගණ දෙවි ප්‍රතිමාවක්. 
  • ගණ දෙවියන් වෙනුවෙන් පූජා කළ හැකි උන්වහන්සේ කැමතිම ආහාරයක් හෝ ආහාර කිහිපයක් (ඉහත ආහාර සදහන් කළ ඇත) 
  • පොල් ගෙඩියක්. 
  • ඔබට පළතුරු පූජා කිරිමට හැකිනම් පළතුරු. (කෙසෙල් ,අඹ, දෙලුම්, ඇපල්, මිදි, දොඩම් ,අන්නාසි ) පියවර.
  • මල්.
මුලින්ම ගණ දෙවියන් සදහා වන මූල මන්ත්‍රයි තුන්වරක් කියන්න. පසුව ගණ දෙවියන් සදහා පහන් , හදුන්කූරු පත්තු කරන්න. පසුව ගණ දෙවියන් දිහා හොදින් බලාගෙන මෙහෙම කියන්න.

 ‘ආදරණීය ගණ දෙවියනි , අපි ඔබ වහන්සේට වන්දනාමා කරන්නයි සූදානම් වන්නේ , ඔබ කැමතිම ආහාර පූජා කරන්නයි සූදානමින් ඉන්නේ. මෙම ස්ථානයට වැඩම කරන්න ආදරණීය ගණ දෙවියනි. ඒ වගේම ඔබ වහන්සේව ප්‍රශංසා කරන්නයි සූදානම් වන්නේ , ආදරණීය ගණ දෙවියනි මෙම ස්ථානයට වැඩම කරන්න. කියල ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලන්න.

මේ වචනම වෙන්න ඕන නෑ. පසුව ඔබට තියෙන්නේ මුලින්ම එක් මලක් හෝ පූජා කිරිමට ගත් පැණිරස 108 න් 1ක් ගන්න. ගණ දෙවියන්ට ප්‍රශංසා කරන පළමු මන්ත්‍රය කියන්න. පසුව එය පූජා කරන්න. මේ විදියට 108 මන්ත්‍ර කියන්න.

කොහෙන්ද මේ 108 හෝ 1000 ක් නම් සහිත මන්ත්‍ර හොයාගන්නේ?

වෙළදපොලෙහි තියෙනවා ගණ දෙවියන්ගේ 108 පූජාව සහිත පොතක්. එහි කතෘවරයා ගොඩක් මහන්සිවෙලා සිංහල බසින් තේරුම සහිතව නම් 108 ද සහිත පොතක් මුද්‍රණය කර තිබෙනවා. අපි ඒව scan කරල මෙහි පළ කරන එක හොද දෙයක් නෙමේ. ඔබට පුලුවන් ගණ දෙවියන් වෙනුවෙන් පුංචි මුදලක් වියදම් කරල පොතක් ගන්න. නැත්නම් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලගන්න. අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.

පසුව.

ඔබ 108 මන්ත්‍ර කිමෙන් පසුව ඔබට පුලුවන් ගණ දෙවියන් සදහා කියන අනෙක් ගාථා / මන්ත්‍ර කියන්න. පසුව විනාඩි 20කින් වගේ පසුව ඔබට පුලුවන් ඔබ පූජා කරපු ආහාර ඔබගේ අසල්වැසියන් සමග බෙදාගෙන ආහාරයට ගන්න





Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET