ගණ දෙවි අත්දැකීම්
ඔබ දැනටමත් ආදරණිය ගණ දෙවියන්ගේ බැතිමතෙකු නම් දන්නවා ගණ දෙවියන් හුගක් කැමතියි උන්වහන්සේ ප්රශංසා කරනවට. ඔබට පුලුවන් නම් ගණ දෙවියන්ව ප්රශංසා කරන්න සෑම විටම පාහේ උන්වහන්සේ හුගක් සතුටු වේවි.
මම ගණ දෙවියන් වන්දනාමාන කරන්න ගත් අවුරුදු 3ක කාලය තුල ගණ දෙවියන්ගෙන් පිහිට ලැබුණු වාර අනන්තයි. ඔබටත් එය එසේම වෙන්න ඇති. මෙම වෙබ් අඩවිය ඔස්සේ ගණ දෙවියන් ඔබට පිහිට වුනු අවස්ථා හා ගණ දෙවියන් පිළිබදව අත්දැකීම් බෙදාහදා ගන්න අවස්ථාව සලසනවා. දහසකටත් අධික ගණ දෙවි බැතිමතුන්ට එය දැනගන්න ලැබිම තුලින් ඔබ ගණ දෙවියන්ව ප්රශංසාවට ලක් කිරිම ගොඩක් හොද දෙයක්. ඔබ සතුවත් ගණ දෙවියන්ගේ අත්දැකීම් ඇත්නම් https://www.facebook.com/groups/SriGanesha.net/ වෙතට ගොස් Join Group බොත්තම ඔබා ගණ දෙවි අත්දැකීම් එහි සටහන් කරන්න. ඒ සියල්ලම අප මෙම වෙබ් අඩවියේ බෙදාහදා ගැනීමට සූදානම්. මෙය නොසලකා හරින්න එපා.
මේ විදියට ගණ දෙවියන්ගේ පිහිට ලැබී ඒ සතුට බෙදාගත් ගයේෂා රත්නායක බැතිමතියගේ අත්දැකීම් මෙම ලිපිය ඔස්සේ පළ කරනවා. ඇය ගණ දෙවියන් පිළිබදව ෆේස්බුක් ගෘප් එකෙහි සදහන් කළ සටහන පහත පරිදියි.
"ඕම් ගනේෂාය නමහා..!
මට මගේ LordGanesha තමයි මගේ life එකේ තියන හැම සතුටක්ම මට ලබා දුන්නේ.. මම් කොහේ ගියත් ඒක කියන්නේ ගොඩක් සතුටින් වගේ ම ආඩම්බරෙන්.. ගන දෙවියෝ කවදාවත් අපිට දෙයක් දීලා අපෙනුත් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තම කිවුවොත් අපේ ගනේෂ එයාගේ devoteeලට පිහිට වුනෙත්, help කරෙත් අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී; හරියට තමන්ගෙම දරුවෙක්ට අම්මා, තාත්තා පිහිට වෙනවා වගෙයි. අපේ ගන දෙවියෝ ඒ තරමට ම අපිට ආදරෙයි.
ඇත්තට ම ගන දෙවියෝ කවදාවත් තමන්ගෙ බැතිමතුන් උදවුවක් ඉල්ලුවොත් අහක බලන්නේ නෑ. හැමදාමත් අපේ ගනේෂ්ගේ සතුට වුණේ අපේ සතුට. ගන දෙවියෝ තමන්ගේ බැතිමතුන්ට දෙයක් දුන්නම ඒ දේ ලබන බැතිමතුන් දිහා බලලා මගේ ගන දෙවියෝ ඊට වඩා ලොකු සතුටක් ලබනවා..
☆ගන දෙවියන්ගේ ආදරේ අපිට කවදාවත් කියලා ඉවර කරන්න බෑ.. මේ හැම දේකටම ඔයාට ගොඩාක් පින් ගන දෙවියනේ.. මගේ හොඳම යාලුවා!හැම වෙලාවෙ ම මගේ ළඟින් ම ඉන්න ගන දෙවියන් ව මං මාව විශ්වාස කරනවාටත් වඩා ගොඩාක් විශ්වාස කරනවා..
ගන දෙවි පිහිටයි ඔයාලා හැමෝටම
LordGanesh bless you all
OM GANESHAYA NAMAHA..
🌸🌸මේ තියෙන්නේ මගේ LordGaneshගෙන් මට ලැබුණු හොඳම තෑගි අතරින් අංශු මාත්රයක්.. ගොඩාක් පින් මගේ රත්තරන් ගන දෙවියනී. 🌸🌸
0 comments