SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ
විස්තර එව්වේ - දිනිති නිමාෂා බැතිමතිය



ගණ දෙවියන්ට තියෙන්නේ ඇත් මූනක් සහ දේව ශරීරයක්. ඉතින් මේ ඇත් මූණ ලැබුන හැටි ගැන තමා මේ කතාව.
ගණ දෙවියන්ගේ මල්ලි තමා කතරගම දෙවියන්. කතරගම දෙවියන් ගොඩාක් ලස්සන දෙවිකෙනෙක්...
ඉතින් තරුණ වයසට ඒමත් සමගම කතරගම දෙවියන් කතරගම කන්ද තම වාස භූමිය කරගෙන වාසය කරන්නට වුනා. ඉතින් තම යහළු දෙවියන් එක්ක දිනක් මොහු සංචාරයේ යෙදෙන්නට වුනා. ඔන්න ඔහොම කට්ටියම මැණික් ගග දිගේ ඇවිදගෙන ආවා. එහෙම එද්දී දේව පිරිසට සුන්දර දර්ශනයක් නෙත ගැටුනා. දේවතාවියන් පිරිසක් මැණික් ගගේ බැස දියකෙලින ආකාරය. තරුණවියේ පසුවූ සියළුම දේවතාවියන් ඉතාමත් දැකුම්කළු දර්ශනයක් බවට පත්වුනා. ඉතින් උසුළු විසුළු කරමින් දිය කෙලින මේ සුර ලදුන් දිහා තරුණ දේව ගැටයන් ඇසිපිය නොහෙලා බලන් හිටියා.
ඔය කට්ටිය දිය කෙලිය තැන අද හදුන්වන්නේ සෙල්ල කතරගම කියලා. අද නම් මේ ස්ථානය එදා වගේ නෑ..වෙනස් වෙලා
ඉතින් ඔන්න කතරගම දෙවියනුත් මේ කාන්තාවන් දිහා මන්මත් සිතින් බලා සිටියා. මේ අය අතුරින් එක් දේවියක් දිහා කන්ද කුමරුගේ නෙත හොරැහින්ම වෙන් වුනා. ඔහු ඈ දෙස අන් අයට වඩා විමසිල්ලෙන් බැලුවා. නීල වර්ණ වරලස, කාන්තිමත් නෙත් දෙක, සුන්දර රූ සපුව කතරගම දෙවියන්ගේ නෙත් නිතැතින්ම ඇයට වශී වුනා. මේ සුන්දර දේව කන්‍යාවිය වෙන කවුරුවත් නෙමේ අපි දන්නා වල්ලි අම්මා යි. ඒ වන විට තරුණ වියේ පසු වූ ඇය අතිශයින්ම සුරලදක් සේ දිස්වුනා.
ඉතින් මේ දේවදූතිය කෙරේ කතරගම දෙවියන්ගේ සිතේ ආදරයක් ඇතිවුනා. හිතේ ඇතිවුන මේ ආදරයත් එක්ක කතරගම දෙවියන් දේව මාලිගයට යන්න පිටත් වුනා. කාලයත් එක්ක කන්ද කුමාරයාගේ හිතේ ආදරය කෙමෙන් වැඩි වන්නට වුනා. ඉතින් වල්ලි මාතාවට තමාගේ හිතේ තිබෙන ආදරය ප්‍රකාශ කලත් ඇය ඒක ප්‍රතික්ෂේප කලා. හිතේ ඇති වෙච්ච ආදරය ගැන දුක් වෙවී කතරගම දෙවියන් කාලය ගත කලා. කතරගම දෙවියන් හට වුවමනා වුනා වල්ලි අම්මාට තමා කෙරේ පැහිදීමක් ඇති වන යමක් කිරීමට. මේ ගැන කල්පනා කරන අතරතුරේදී ඔහුට තම සොහොයුරා මතක් වුනා. ඒ කියන්නේ ගණ දෙවියන්. ග‍ණේෂ් ට තිබුණා අනෙක් දෙවියන්ට වඩා සූක්ෂමව දුරදක්නා සිතිමේ නුවණක්. ඔන්න ඉතින් කතරගම දෙවියන් තමාගේ ගැටළුව තම අයියාට ඉදිරිපත් කලා. අයියා මලෝ අතරේ දුරස් බවක් නෑනේ. මලිලීගේ කතාව අසා ගණ දෙවිදුන් සිනාසෙන්නට වුනා.


“මල්ලී ඇය ඔබ හට ආදරය නැතුවා නොවේ..ඒත් කාන්තාවන් එකහෙලා තම ආදරය දැක්වීමට මැලි වෙනවා....මම දිනක් ගග අසබඩ සිටිද්දී මට ඇහුනා වල්ලි උඹ ගැන මොනවදෝ අනික් එවුන් එක්ක කතා කරනවා. උඹ ඇයට උඹේ දස්කම් පෙන්නපන්..එවිට ඇගේ හිත ඔබ කෙරේ බැදේවි....“ ගනේෂ් කියන්නට වුනා.
“ඉතින් අයියන්ඩි කියන්න මා කුමක් කරම්ද කියා“ කතරගම දෙවියන් හටද නොඉවසිලිය.
ගණ දෙවිදුන් ටිකක් වේලා කල්පනා කරන්නට වුනා.
“මුරුගන් (කතරගම දෙවියන්)! අපි මේ සදහා මේ වගේ දෙයක් කරමු...වල්ලි ඊලග කුජදා අනික් එවුන් හා දිය කෙලින්නට සෙල්ල කතරගමට එනවා..සුපුරුදු පරිදි.“
“ඔව් ඔව් ඉතින් ඉතින්“
“වල්ලි දිය නාන වෙලාවට අපි යමු එතනට. එතනදී මම ඇත් වේශයක් මවාගෙන ගං ඉවුරට එන්නම්... මට බයේ උන් හිස් ලූලූ අත දුවන්න ගනී. එතකොට මම වල්ලි පස්සේ පන්නන්නම්. මට බයේ වල්ලි දුවද්දී උඹ ඇවිත් ඒකිව මගෙන් බේරා ගනින්. වල්ලි උඹේ වීර ක්‍රියාව දැකලා නිසැකවම උඹට බහ දෙනු ඇත“
“හොද අදහසක් අයියණ්ඩි“ කතරගම දෙවියන් සතුටින් පිනා යමින් කීය.
ඉතින් ඔන්න කතිකාකරගත් පරිදි එම දිනයට කතරගම දෙවියන් හා ගණ දෙවියන් සෙල්ල කතරගම බලා පිටත් වුනා. වල්ලි අම්මා පැමිණෙන තෙක් ඔවුන් ගසකට මුවා වී බලා සිටියා. ටික වේලාවකින් දේව කන්‍යාවියෝ පිරිස දිය කෙලීමට ගං ඉවුරට පැමිනුනා.
“මල්ලී ! මම දැන් යනවා වල්ලිව බය කරන්න. උඹ කතා කරගත්තා වගේ ක්‍රියා කරන්න. මේකත් මතක තියා ගන්න. වැඩේ ඉවර වූ වහාම මෙන්න මේ පැන් කෙන්ඩියෙන් පැන් ටිකක් මගේ ඇගට ගසන්න. ඉර බැස යන්න කලින් පැන් ටිකක් ඉහින්න නම් අමතක කරන්න එපා.“ කියමින් ගණ දෙවියන් කතරගම දෙවියන් අත මන රන් පැන් කෙන්ඩියක් තැබුවා.
ගණ දෙවියන් බියකරු ඇත් වේශයක් මවා ගෙන ගං ඉවුරට ඇදෙන්නට වුනා. ගග දෙසට එන හස්තියා දුටු සුර ලියන් ඔබ මොබ අත දුවන්නට වුනා. ගණ දෙවිදුන් වල්ලි අම්මා පිටුපස පන්නන්නට වුනා. තමා පිටුපස එන දැවැන්ත හස්තියා දුටු ඇය වේගයෙන් දිවයන්නට වුනා. නමුත් ගණ දෙවියන් ඇයට කිට්ටු කලා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කතරගම දෙවියන් වහා පැන හස්තියා මෙල්ල කර වල්ලි අම්මාව ගණේෂ්ගෙන් බේරා ගත්තා.


ඇතාට බයේ සිටි වල්ලි සිහිසුන් නැති තත්වයේ පසුවුනා. වහා තම අත රැදි පැන් කෙන්ඩියෙන් ජලය අතට ගත් කතරගම දෙවියන් වල්ලි අම්මාගේ මුහුණට පැන් ඉස්සා. ඉන්පසු ඇය නැවත යථා තත්වයට පත්වුනා. කතරගම දෙවියන් වල්ලිව ආදරෙන් තමාට ලං කර ගත්තා. ආදරයෙන් වැලදගෙන සිටි කතරගම දෙවියන් හට තම සොයුරාගේ ඉල්ලීම අමතක වුනා. වල්ලි අම්මා සමග පෙම් බස් දෙඩූ ඔහුට සවස් වෙද්දී තමයි පැන් කෙන්ඩිය මතක් වුනේ. ඔහු හනික කලබලෙන් ගණ දෙවියන් සොයා ගියා(ඇතාව). හනික පැන් කෙන්ඩියෙන් පැන් ඉහින්න හැදුවත් වල්ලි අම්මාට පැන් ඉස්ස නිසා පැන් කෙන්ඩියේ පැන් තිබුනේ ඉතාම ස්වල්පයයි. ඔහු හනික එම පැන් ටික ගණේෂ්ගේ ශරීරයට ඉසිනු ලැබුවා. ඒත් සමගම ඉර බැසයන්නට වූ හෙයින් ගණේෂ් ගේ ශරීරය පමණක් යලි යථාතත්වයට පැමිණියා. ගණ දෙවියන්ගේ මුහුණ ඇත් මුහුණක් බවට මේ හේතුව නිසා පත්වුනා. එදා ඉදලා ගණ දෙවියන් ඇත් මුහුණක් ඇති දේව ශරීරයක් ඇති දෙවි කෙනෙක් වුනා. නමුත් ඔහුගේ නුවණ නම් දිනෙන් දින මෝරන්නට වුනා.



එදා ගණ දෙවි නුවණින් කතරගම දෙවියන් වල්ලි අම්මා තමා කෙරේ ඈදා ගත්තා. පසු කලෙක ඔවුන් දෙදෙනා විවාහ වී කතරගම කන්ද වාසභූමිය කරගෙන ජීවත් වුනා. මොන දේ වුනත් ගණේෂ් හා මුරුගන් අතරේ තිබුන සහෝදර ප්‍රේමයට නම් අඩුවක් වුනේ නෑ....
(උපුටාගැනීමකි)




සැකසුම - දිනිති නිමාෂා ප්‍රභාෂ්වරි

මෙම ලිපිය Wikipedia විශ්වකෝෂය ඇසුරින් පරිවර්තනය කර සකස් කර ඇත.
උතුම් ශ්‍රී ගණ දෙවියන් හින්දු දෙවියන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු වන අතර “ගණපති” සහ “විනායක” යන නම් වලින්ද හැඳින්වේ. ගණ දෙවියන්ගේ අනුරූ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් සහ නේපාලයෙන් හමු වී ඇත. හින්දු ජනයා ඉතා හක්තියෙන් යුතුව ගණ දෙවියන් නමස්කාර කරන අතර ජෛන සහ බෞද්ධ බැතිමතුන්ද උතුම් ගණ දෙවියන්ට නමස්කාර පුද පුජා පවත්වයි.
ගණ දෙවියන් වහන්සේ ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වනුයේ අලියෙකුගේ හා සමාන හිසෙනි. ගණ දෙවියන් වහන්සේ මිනිසුන්ගේ කරදර බාදක ඉවත් කර දෙන දෙවි කෙනෙකු වන අතර කලාව සහ විද්‍යාවටත් නුවණ සහ ප්‍රඥාවටත් අධිපති දෙවියන් වහන්සේ ලෙස සැලකෙයි. බොහෝ පුද පූජා සහ උත්සව ආරම්භ කරනුයේ ගණ දෙවියන් නමස්කාර කිරීමෙනි. යම්කිසි ලිවීම් කටයුතු කිරීම් වලදී ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගන්නේ උන් වහන්සේ ඉගෙනීමටත් සාහිත්‍යයටත් අධිපති දෙවියන් වන නිසාවෙනි. ගණ දෙවියන්ගේ උපත, දක්ෂතාවයන් සහ උන්වහන්සේගේ දක්ෂ මූර්ති ශිල්පයත් සමහර පුරාවෘත්ත කතා වල සඳහන් වෙයි.





ගණ දෙවිඳුන් ක්‍රි.පූ. 4 සහ ක්‍රි.පූ. 5 වන සියවස් වලදී පමණ කාලවලදී උත්කර්ෂවත් දෙවිකෙනෙකු ලෙස පිළිබිඹු වී ඇත. නව(9) වන සියවසයේදී “සමන්ත්‍රා සංස්කෘතිය”(හින්දු නිකායකි) අනුව ගණ දෙවියන් වහන්සේ ප්‍රධාන දෙවියන් වහන්සේලා පස්දෙනා අතර රූපාත්මකව අන්තර්ගත විය. “ගණපත්ය” නම් නිකායක භක්තිකයන් පිරිසක් ගණ දෙවියන්ව අතිශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු ලෙස වැඳුම් පිදුම් කර ඇත. ප්‍රමුඛ ධර්ම ග්‍රන්ථ වන “ගණේෂ පුරාණ”, “මුද්ගල පුරාණ” සහ “ගණපති අතර්වශිර්ස” නම් ග්‍රන්ථ ගණ දෙවියන් උදෙසා සම්ර්පිත ග්‍රන්ථ වෙයි.



ගණ දෙවියන් වහන්සේ විරුදාවලි කිහිපයකින් හැඳින්වෙන අතර “ගණපති” සහ “විඝ්නේෂ්වර” යන නම් ඉතා ප්‍රසිද්ධ නාමයන් වෙයි. උන්වහසේට ගෞරවයක් එක් කිරීම සඳහා නාමයට මුලින් “ශ්‍රී” යන පදය යෙදෙයි.
සංස්කෘත සමාසයන්ට අනුව “ගණ” යන පදයෙන් අදහස් වනුයේ, සමුහයක්, කණ්ඩායමක් හෝ නියත පද්දතියක් වන අතර “ඒෂ” යන්නෙන් සමිදුන් හෝ උතුම් දක්ෂයා යන තේරුම දෙයි. එබැවින් ගණ දෙවියන් ඉන්දියාවේ “ගණේෂ” යන නාමයෙන් හැඳින්වෙයි. ගණ දෙවියන් තම පියාණන් වූ ශිව දෙවියන් වහන්සේගේ පරිවාර ජනයාගෙන් කොටසකින් ජන සමුහයා සංවිධානය කල නිසාවෙන්ද “ගණ” යන නාමය ගණ දෙවියන් සමග බැදී පවතී. ඇතැම් කර්තෘවරුන් පහදා දෙන ආකාරයට “උත්තම ගණ දෙවියන්” යන්නෙහි අර්ථය “උත්තම ධාරකයා” හෝ “උත්තම ගණ නිමැවුම්කරුවාණන්” (යම් මුලිකාංග නිමැවීම වැනි) යන අර්ථයන් වෙයි.
“විනායක” යන නාමය පුරාණ සහ බෞද්ධ තන්ත්‍ර වලදී ගණ දෙවියන් සඳහා භාවිතා කල ප්‍රසිද්ධ නාමයකි. මහාරාෂ්ට්‍රයේ ගණ දෙවියන් උදෙසා දේවාල අටකින් සමන්විත “අශ්ටවිනායක” නම් දේවාලය නිසා මෙම නාමය ගණ දෙවියන් උදෙසා නමස්කාර පුර්වකව යොදා ගන්නා ලදී. “විග්නේෂ” සහ “විග්නේශ්වර” යන නාමයන් ගණ දෙවියන් උදෙසා භාවිතා කරන්නේ විශේෂයෙන් හින්දු ජනයාගේ කරදර බාධක ඉවත් කර දෙන උතුම් දෙවියන් වහන්සේ නිසාවෙනි.
දමිල හෂාවෙන් ගණ දෙවියන් වහන්සේට ප්‍රමුඛ නාමයක් වන “පිල්ලෛ” සහ පිල්ලයාර්” යන නම් වලින් හඳුන්වනු ලැබේ. ඇනිටා රයිනා තාපන් සඳහන් කරන ආකාරයට පිල්ලෛයර් යන නමෙහි පිල්ලෙ යන මුලික පදයෙන් අදහස් වන්නේ “හස්තියෙකුගේ තරුණ කාලය” වන අතර පාලි භාෂාවෙන් “පිල්ලක” යන නමෙන් “තරුණ හස්තියා” යන අරුත දෙයි.
බුරුම බසෙන් ගණ දෙවියන් වහන්සේ “මහා පෙඉන්නේ” යන නාමයෙන් හඳුන්වනු ලබන අතර එය පාලි භාෂාවේ මහා විනයාකර යන නාමයෙන් ව්‍යුත්පන්න වී ඇත. තායිලන්තයේ ගණ දෙවියන් වහන්සේ “ප්‍ර ෆිකනෙට්” යන නාමයෙන් බොහෝ දෙනා හඳුන්වයි. ඉහතදී හැඳින්වූ නම් වලින් අදටත් ඉන්දුනීසියාවේ, තායිලන්තයේ, කාම්බෝජයේ සහ වියට්නාමයේ වැසියන් ගණ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ප්‍රධාන දෙවියෙකු ලෙසින් මහත් භක්තියෙන් යුතුව වන්දනාමාන කරයි. එසේ ගණ දෙවියන් වහන්සේට ඔවුන් වන්දනාමාන පුද සත්කාර කරනුයේ 7 වන සහ 8 වන සියවස් වල පටන්ය. ඉන්දියාවේ නම් 5 වන සියවස සහ ඊටත් පෙර සිටය.



ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රදේශ වල බැතිමතුන් "උතුම් ශ්‍රී ගණ දෙවියෝ" , “උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්” , “උතුම් ශ්‍රී කතරගම දෙවියන්” සහ “උතුම් ශ්‍රී සුමන සමන් දෙවියන්” සහ අනෙකුත් දෙවිවරු සමග මහත් භක්තියෙන් යුතුව වන්දනා කරයි.
සියලු දෙනාට ගණදෙවි පිහිටයි 🙏🙏🙏

මෙම ලිපිය යාලුවන්ට බලන්න SHARE කරන්න පහත ඇති F අකුර ඔබන්න. 
Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET