ගණදෙවියන් වන්දනාමාන කරන අලුත් බැතිමතුන්ට උපදෙස් 5ක්.

By 1:03 AM

මම ගණ දෙවියන් වන්දනාමාන කරන්නේ මිට වසර 3කට විතර කලින් ඉදන්. දිනපතාම පාහේ ගණදෙවියන් වන්දනා කරමින් වැඩකටයුතු අරඹන මට බොහෝ ප්‍රශ්න වලට විසදුම් වගේම ජිවිතය සතුටින් ගතකරන්න ගණදෙවියන්ගෙන් ලැබුණු දේ අපමණයි.

මාගේ පෞද්ගලික අත්දැකීම් හා ගණදෙවියන් පිළිබදව මෙතෙක් ඉගෙන ගත් දේවල් අනුව මෙම ලිපිය ලියන්න මා කල්පනා කළා.


හොද වැඩ කරන්න. පිං අනුමෝදන් කරන්න.

ඔබ බෞද්ධයෙක් ද? එහෙම නම් ඔබ මුලින්ම සිදු කළ යුත්තේ දෙවියන් වන්දනාමාන කරන්න කලින් බුදුරජාණන්වහන්සේට වන්දනාමාන කිරිම. පසුවයි ගණදෙවියන් වන්දනාමාන කිරිම සිදුකළ යුත්තේ. නිවසේ ඔබ පූජාසනය හදන විට මුලින්ම බුදුරජාණන්වහන්සේගේ පූජාසනය උඩින් හදන්න. පසුව දෙවියන් සදහා වන පූජාසනය.



අප බෞද්ධයින් විදියට දන්නවා , දෙවියන්ට පිං අනුමෝදන් කිරිම සිදුකළ යුතු දෙයක්. ඒ නිසා හම්බෙන හැම වෙලේම හොද වැඩ (පිං වැඩ) කරන්න. පසුව හිතන්න මේ සියලුම පිං ගණදෙවියන්ගේ ආයුෂ,වර්ණ සැප, බල, ප්‍රඥා වර්ධනයට හේතු වෙත්වා. උන්වහන්සේට පිං අනුමෝදන් වෙත්වා කියලා. ඒ වගේම ගණදෙවියන් ප්‍රමුඛ සියලුම දෙවි දේවතාවන්ටත් පිං අනුමෝදන් වෙත්වා කියලා හිතන්න.

පිරිසිදු බව. 

මනුෂ්‍යයන් විදියට අපි කවුරුත් කැමතියි පිරිසිදුවට ඉන්න. හැම අවුරුද්දකම සිංහල දෙමල අලුත් අවුරුද්ද එද්දි ගෙදර වෙනදටත් වඩා පිරිසිදු කරනවා. මොකද නෑදෑ හිතමිතුරන් වැඩියෙන් ඉන්නේ. හිතන්න මෙහෙම දෙයක්. ඔබට අවස්ථාව ලැබෙනවා ලංකාවේ ඉන්න ප්‍රභූ පුද්ගලයෙක් බැහැ දකින්න යන්න. ඔබ නිවසට ඉන්න විදියට ඇදගෙන යනවද? කොහෙත්ම නෑ. පුලුවන් හැම විදියට ම ලස්සනම ඇදුම් අරගෙන පිරිසිදු වෙලා තමයි යන්නේ. එහෙම නැත්නම් කෑමක් හදන් යනවනම් පිරිසිදුම හා වටිනාම කෑමක් තමයි ගෙනියන්න උත්සාහ කරන්නේ.

ඉතින් පොඩ්ඩක් හිතන්න. ඔබ දන්නවාද? ගණ දෙවියන් කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන් අතර දෙවියන්. ඉතාමත්ම ප්‍රභලම දෙවි කෙනෙක්. උන්වහන්සේ ව වන්දනා මාන කරන්න කලින් අපි කොහොම පිරිසිදුව ඉන්න ඕනද. ඒ නිසා ගණ දෙවියන් වන්දනාමාන කරන බැතිමතෙකු වශයෙන් පිරිසිදුකම ඉතාමත්ම වැදගත්.
  • ඔබ වනද්නාමාන කරන්න ප්‍රථම පූජාසනය හොදින්ම පිරිසිදු කරන්න.
  • හදුන්කූරු තබන බදුන, මල් වට්ටිය , පහන සියල්ල දිනපතාම පිරිසිදු කරන්න.
  • ගණදෙවියන් වැදිමට පෙර ඔබ මුහුණ සොදා (හැකිනම් ස්නානය හෝ ඇග සෝදා) , උදෑසනම නම් දත් මැද හොදින්ම පිරිසිදු විය යුතුයි.

උදව් බලාගෙන වදින්න එපා.

අපේ රටේ අය ගොඩක් දේවල් සිදුකරන්නේ ප්‍රතිඋපකාරයක් හෝ තවත් දෙයක් බලාපොරොත්තුවෙන්. සල්ලි ලැබෙයි කියලා බලාගෙන හරි කරදර නැතිවෙන්න ඕන නිසා විතරක් ගණ දෙවියන් වන්දනාමාන කරන්න එපා. දෙවියන් කියන්නේ ගොඩක් ප්‍රභල කෙනෙක්. උන්වහන්සේලාට පුලුවන් අපේ සිතුවිලි බලන්න. ඒ විතරක්ම නෙමේ හැම දවසකම එක එක දේවල් ඉල්ලන්න එපා.

භක්තියෙන් ආදරෙයන් ශ්‍රද්ධාවෙන් ගණ දෙවියන් වන්දනා මාන කරන්න. ඔබ නිවැරදි ව ගණ දෙවියන් වන්දනා මාන කරන්න. ඔබට කරදයක් වෙන්න තියෙනවනම් , බාධා තියෙනවනම් ඒවා සියල්ලම පාහේ නැතිවෙන හැටි ඔබ නොහිතන විදියට ඔබට පිහිට ලැබෙන හැටි ඔබටම අත්විදින්න ලැබේවි. අවුරුදු 3කට කිට්ටුව දිනපතාම පාහේ ගණ දෙවියන් වන්දනාමාන කරන කෙනෙක් විදියට මට ලැබුණු අත්දැකීම් බොහෝමයි. ඒ සියල්ලටම ගණ දෙවියන්ට පිං සිදු වෙන්න ඕන.

අපේ අය ගොඩක් කරන්නේ . දවසක් දෙකක් දෙවියන් වැදලා තියෙන හැම දේම ඉල්ලනවා. උනේ නැති වුණාම හොදටම දෙවියන් බනිනවා. ඔබත් එහෙම කෙනෙක් නම් දෙවියන් වන්දනාමාන කිරිම ඔබට ගැලපෙන්නේ නෑ.

භක්තිය හා විශ්වාසය.

භක්තිය හා විශ්වාසය නැතිව (හිතේ වෙන දෙයක් තියාගෙන) ගණ දෙවියන් වන්දනාමාන කරන්න එපා.

සමහර කෙනෙක් මෙහෙම හිතන්න පුලුවන්. ඕව නෙමේ අපේ උනන්දුවයි , උත්සාහයයි විතරයි ඕන. ඕව වැඩක් නෑ කියලා. අනිවාර්යයෙන්ම උනන්දුවයි , උත්සාහයයි අත්‍යව්‍යශයි. හැබැයි හිතන්න ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් විභාගයකට පාඩම් කරලා විභාගයට මුහුණ දෙන්න යනවා. ඒ වෙලේදි පාඩම් කරපුවා එක පාරටම අමතක වෙලා. දැන් මොකද්ද ඔබේ පිළිතුර ? උනන්දුවයි උත්සාහයයි තිබුණනේ.? ඒ නිසා සාර්ථක වෙන්න නම් උනන්දුව , උත්සාහය , අධිෂ්ඨානය , කැපකිරිම් මේ හැමදේම වගේම තවත් දේවල් අපිට ජිවිතේදි අවශ්‍ය වෙනවා. ආගමික ආශිර්වාදය කියන දෙය ඉන් ගොඩක් වැදගත්.

නිතරම භක්තියෙන් විශ්වාසයෙන් වගේම ආදරයෙන් ගණ දෙවියන් වන්දනාමාන කරන්න. දිව්‍ය ලෝකේ ඉන්න ප්‍රබලම දෙවි කෙනක්. සියලු දෙවියන්ගෙත් දෙවිවරයා ලෙස ගණ දෙවියන් හදුන්වනු ලබනවා. ඒ වගේ දෙවි කෙනෙක් ට අප තුල කොතරම් භක්තියක් ඇති වෙන්න ඕනද …

වේලාව වෙන් කරගන්න.

ඔව් ඔබ ගොඩක්ම කාර්යයබහුල කෙනෙක් වෙන්න ඇති. හැබැයි එහෙම කියලා ඔබ උදේට මුහුණ සොදලා දත් මදින එක නොකර ඉන්නේ නෑ නේද? කීයට රස්සාවට යන්න තිබ්බත් , ඒ දේ කරලනේ යන්නේ. ඒකට හේතුව ඒ දේවල් අපේ ජිවිතේ අත්‍යවශ්‍ය ජිවිතේ කොටසක් විම. ඉතින් ඔබ ගණදෙවියන් වන්දනාමාන කරන්න අලුතින් එකතුවුණ කෙනෙක් නම් දවස හරියට සැලසුම් කරගන්න. උදෑසන ඇහැරිලා මුහුණ සොදා,දත් මැද පිරිසිදුව බෞද්ධයෙකු නම් බුදුන්වහන්සේට වන්දනාමාන කර පසුව ගණදෙවියන් වන්දනාමාන කරන්න. පූජා ආසන පිරිසිදු කරන්න උදේ වේලාව මදි ද? ඉතින් ඔබට පුලුවන්නේ ඊට කලින් දවසේ විනාඩි කිහිපයක් අරන් ඒ සියල්ල පිරිසිදු කර තියෙන්නේ.


මට ගොඩක් අවස්ථාවල උදෑසනින්ම ගෙදරින් දුර බැහැර ගමනකට පිටත් වෙන්න වෙන අවස්ථාවල මම කරන්නේ අඩුම තරමේ නැගිටින්න ඕන වෙලාවට (හිතන්න මට උදේ 5ට ඇහැරලා ඒ ගමනට සූදානම් වුනොතින් ඇති කියලා) කලින් නැගිටිනවා (උදේ 4.30ට නැගිටලා පිරිසිදු වි) පස්සේ 5 වෙනතුරු වන්දනාමාන කිරිම සිදු කරනවා.

දවසකට ඔබ නොදැනුවත්වම හෝ දැනුවත්ව කොච්චර කාලයක් කා දමනවද? ඒ වෙලාවට ඔබේ කාර්යය බහුලත්වය මතක් වුනේ නෑ නේද? ඒ නිසා දෙවියන් වන්දනාමාන කරද්දි කාර්යය බහුලත්වය ගැන හිතන්නේ නැතිව ඒ සදහා කාලය වෙන් කරගන්න.

උදේම බුදුන් වැදලා , ගණදෙවියන් වැදලා දවස පටන් ගද්දි බලන්නකෝ හිතට දැනෙන සතුට. අපි නොදැනුවත්වම කරන හැම වැඩේම සාර්ථක වෙන හැටි ඔබම අත්විදින්න.

ඒ නිසා ඔබ අලුත් බැතිමතෙකු විදියට විශ්වාසයෙන් යුතුව ආදරයෙන් ගණ දෙවියන් වන්දනාමාන කරන්න. ආපහු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. දවසේ එක කොටසක් විදියට මේ වැඩකටයුතු කරන්න.
අවුරුදු 3කට කිට්ටු වෙන්න ගණදෙවියන් වන්දනාමාන කරන මට ලැබුණු අත්දැකීම් බොහෝමයි. සමහර සිද්ධින් වලට හිතාගන්නවත් බැරි පිහිටක් ලැබුණු අවස්ථා බොහෝමයි. ඒ සියල්ලම පිටුපස ඉන්නේ ගණදෙවියන් බව හොදටම විශ්වාසයි.

 මෙම ලිපියෙන් මම උත්සාහ කළේ මෙම කාලය තුල මම පෞද්ගලිකව අනුගමනය කල හා ඉගෙන ගත් කරුණු 5ක් ඔස්සේ ගණ දෙවියන් ට අලුතින් වන්දනා මාන කරන බැතිමතුන්ට උපදෙස් කිහිපයක් ලබාදෙන්නයි. මිට අමතරව බොහෝ කරුණු පවතින අතර ඔබ දන්න කරුණු ඇත්නම් මෙහි comment කිරිම සිදු කළ හැකියි.

ඉදිරි ලිපි වලදි තවත් බොහෝ දේවල් අපි කතා කරමු.

ඡායාරූප - අන්තර්ජාලය හා අප ෆේස්බුක් පිටුවේ බැතිමතුන් විසින් එවන ලද ඡායාරූප ඇසුරින්.

You Might Also Like

0 comments