ගණ දෙවියන්ගේ උත්පත්තිය

By 12:30 AM

ගණ දෙවියන්ගේ උප්පත්තිය පිළිබදව විවිධ කතා පවතින අතර මේ කියන්න යන්නේ ඒ වගේ තියෙන ප්‍රසිද්ධ කතාවක් පිළිබදව.



 ගණ දෙවියන්ගේ මව ලෙස සැලකෙන පාර්වති දේවිය (ශිව දෙවියන්ගේ භාර්යයාව) ස්නානය සදහා සූදානම් වෙද්දි ඇයගේ කාමරයේ ආරක්ෂාවට කෙනෙක්ව තියන්න ඕන වෙලා තිබ්බා. මේ සදහා ඇයගේ ශරීරයෙන් සදුන් ගස් වලින් ලස්සනම ලස්සන පුත්‍රයෙක්ව ඇය නිර්මාණය කරනු ලැබුවා. පාර්වති දේවිය ස්නානය කරනතුරු දොර ළග ආරක්ෂාව සදහා මේ පුත්‍රයාට වගකීම පවරා දෙමිනුයි ඔහුව නිර්මාණය කළේ.

ශිව දෙවියන් නැවත එද්දි , තම භාර්යයාවගේ ( කුටිරය ආරක්ෂාවට ඉන්න) කාමරය අසල හිටගෙන ඉන්න මෙම පුත්‍රයාව දැක්කා. ශිව දෙවියන් කාමරයට ඇතුල් වෙන්න යද්දි මේ පුත්‍රයා එය වැලැක්වූවා. (ශිව දෙවියන් දන්නේ නෑනේ මේ කවුද, මොකටද ඉන්නේ කියලා).

පස්සේ ශිව දෙවියන් ඇහුවා. ඔබ කවුද? ඇයි මෙහෙම මාර්ගය අවහිර කරන්නේ කියලා.

පස්සේ මේ පුත්‍රයා කීවා. මගේ අම්මගේ කුටිරයට ඇතුල් වෙන්න කාටවත්ම තහනම් කියලා.

පස්සේ ශිව දෙවියන් කිව්වා. අයින් වෙන්න , මගේ භාර්යයාවගේ කාමරයට ඇතුල් වෙන්න මට අයිතියක් තියෙනවා.

මේ කොහොම කීවත් ආරක්ෂාවට හිටපු මේ පුත්‍රයා අයින් වුනේ නැහැ.

ශිව දෙවියන් දන්නේ නැහැනේ ,මේ ඔහුගේ ම පුත්‍රයෙකු බවට. මාර්ගය අවහිර කරන නිසා තරහ ආපු ශිව දෙවියන් මේ පුත්‍රයාගේ ඔලුව වෙන් කරනු ලැබුවා.

පාර්වතී දේවිය ස්නානය කරලා නැවත එද්දි පුත්‍රයා මියගිහින් ඉන්නවා දැකලා ගොඩක් දුකට පත්වුණා. තරහකුත් ආවා. ඇය කියා සිටියේ නැවත කෙසේ හෝ තමන්ගේ පුතණුවන්ට පණ දෙන ලෙසටයි. නැවත හිස ගෙන එන්න ශිව දෙවියන් ඔහුගේ හමුදාව පිටත් කරලා යැව්වා. මුලින්ම දකින සතෙකුගේ හිසක් ගෙන එන ලෙසට අන කළා කියලාත් සදහන් වෙනවා. හමුදාවට හමුව ඇත්තේ අලියෙකුගේ හිසක්. එය නැවත ශිව දෙවියන්ට ගෙන එන්නට හමුදාව කටයුතු කළා.


නැවත ජිවය දෙන්නට මේ හිස පුත්‍රයාට සවි කරනවත් එක්කම මහා බ්‍රහ්මයාගේ ඉල්ලිම් අතර එකක් වුනේ සියලු දෙවි වරුන්ට වන්දනා මාන කරන්න කලින් මෙම පුත්‍රයාට වන්දනාමාන කළ යුතුයි යන්නයි. මේ සදහා එකගවූ ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා මැදිහත්ව අලියාගේ හිස සවිකරමින් නැවත ජිවය ලබාදෙන්නට කටයුතු කළා. මෙම පුත්‍රයා තමයි අපි කවුරුත් දන්න ගණ දෙවියන්.

මේ නිසාම සියලු දෙවියන්ට කලින් අදත් හැමෝම ගණ දෙවියන්ට මුලින්ම වන්දනා මාන කරන්නේ.

ගණ දෙවියන්ගේ උත්පත්තින් පිළිබදව විවිධ කතා පවතින අතර මින් ඔබට ගෙන ආවේ එකක්.

උපුටාගැනීම -http://www.english-for-students.com/Lord-Ganesha.html ඇසුරින්.

You Might Also Like

0 comments