මොකද්ද මේ ගනේෂ් චතුර්ති උත්සවය? එය සමරන්නේ කොහොමද?

By 2:00 PM

ආදරණිය ගණ දෙවියන් වන්දනාමාන කරන ඔබ සමහරවිට ‘Ganesh Chaturthi’ ගනේෂ් චතුර්ති පිළිබදව අහලා ඇති. ඒ වගේම ඒ පිළිබදව අවබෝධයක් නැති අලුත් බැතිමතුන් බොහෝ පිරිසක්ද ඉන්න බව අපි දන්නවා. මේ ලිපිය වෙන්වන්නේ ගණ දෙවියන්ට ආදරය කරන ඔබ සියලු දෙනා වෙනුවෙන්මයි.


මොකද්ද මේ ගනේෂ් චතුර්ති උත්සවය.

අපේ ආදරණිය ගණ දෙවියන්ගේ උපන්දිනය වාර්ෂිකව සැමරිම ලොවපුරා ගණදෙවි බැතිමතුන් විසින් සිදුකරන දෙයක්. ගණ දෙවියන්ගේ උපත සැමරිම අරමුණු කොට පවත්වන උත්සවය ‘ගනේෂ් චතුර්ති’ ලෙස හදුන්වනවා. මෙය විනායක චතුර්ති, ගනේෂා චතුර්ති වැනි නම් වලින්ද හදුන්වනු ලබනවා. ඉන්දියාවේ හින්දු බැතිමතුන් විසින් මෙය වාර්ෂිකව පවත්වන උත්සවයක් බවට ප්‍රසිද්ධයි. ශිව දෙවියන්ගේ හා පාර්වති දෙවගනගේ වැඩිමල් පුත්‍රයා වන ගනේෂ්ගේ උපත වෙනුවෙන් සමරන මෙම උත්සවය දින 10ක් පුරාවටම පැවැත්වෙනවා.

ගණ දෙවියන්ගේ උපත.

ගණ දෙවියන්ගේ උපත පිළිබදව ප්‍රසිද්ධ කතා දෙකක් පවතින අතර එක් කතාවක් අප වෙබ් අඩවිය ඔස්සේ මිට පෙර ලිපියක පළ කරනු ලැබුවා. ඔබට පුලුවන් එම ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න.

ගණ දෙවියන්ගේ උපත පිළිබදව පළ කල ලිපිය මෙතැනින්.

දෙවැනි කතාව වන්නේ , ශිව දෙවියන්ගේ හා පාර්වති දෙවගනගේ ඉල්ලිම මත ගණ දෙවියන් ව මැවිම සිදුවුන බවයි. වාර්ෂිකව මෙම උත්සවය පැවැත්වෙන දිනය හින්දු කැලැන්ඩරයට අනුව සිදුවෙන අතර අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය තුලයි මෙය පැවැත්විම සිදුවන්නේ. ඉන්දියාවේ හින්දු බැතිමතුන් සියල්ලම පාහේ ගණ දෙවියන් වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විම සිදුකරනවා. පවුලේ සමාජිකයින් සමග එකතු වි ගෙදර හෝ පොදු ස්ථානයක (කෝවිලේදි) සැමරිම සිදුකරනවා.

ගනේෂ් චතුර්ති උත්සවය පවත්වන අයුරු.


ගනේෂ් චතුර්ති උත්සවයට මාසයකට විතර කලින්. මූර්ති නිර්මාණය කරන පිරිස් විසින් ගණදෙවියන්ගේ ප්‍රතිමාවන් නිර්මාණය කිරිම සිදුකරනවා. ඉන්දියාවේ නගරවල නිර්මාණය වන මෙම ප්‍රතිමා ඉතාමත්ම අලංකාර ඒවා වෙනවා. තාවකාලික මණ්ඩප වල තමයි මේවා ඉදිකරනු ලබන්නේ.



මල්මාලා සහ විදුලි බල්බ වලින් ආලෝකමත් වන අතර ආදරණිය ගණ දෙවි ප්‍රතිමා වෙනුවෙන් පළතුරු හා මල් පූජා කිරිමද බැතිමතුන් විසින් සිදුකරනවා. සවස් යාමයේ පූජාවෙන් පසුව නිවැසියන් විසින් පූජා කරනු ලබන ප්‍රසාද එකිනෙකා අතර බෙදාගැනීම සිදුකරනවා.

නිවසේදි ගනේෂ් චතුර්ති උත්සවය පවත්වන ආකාරය.

කලින් සදහන් කළ ආකාරයට ඉන්දියාවේ හින්දු බැතිමතුන් මෙම උත්සවය ඉහළින් සමරන අතර නිවසේදි ඔවුන් විසින් මෙය සමරන්නේ මෙන්න මේ විදියටයි. මැටි වලින් ගණ දෙවියන්ගේ පිළිමයක් නිවසට ගෙන ඒම හෝ සෑදිම සිදුකරනවා. උන්වහන්සේට පූජා කිරිම සදහා බොහෝ පූජාවන් (නයිවෙද්‍යයම් ලෙසයි ඔවුන් මේවා හදුන්වන්නේ) සාදනු ලබනවා. පැණි රස බොහෝමයක් ගණ දෙවියන්ට පූජා කිරිම මෙම දිනයේදි සිදුකරනු ලබනවා. ඒ අතරින් මෝදක විශේෂයි. ගණ දෙවියන්ගේ ප්‍රියතම පැණි රස ආහාරය ලෙස තමයි මෝදක හදුන්වනු ලබන්නේ. මිට අමතරව කරන්ජි , ලඩ්ඩු , බාෆි , පේදා , වඩේ , කඩල හා ආප්පද ආහාර අතර වෙනවා.



ඒ වගේම ගණ දෙවියන්ගේ අභිෂේක මංගල්‍යය(ස්නාන පූජාව) ද සිදුකිරිම බැතිමතුන් විසින් නිවසේදි සිදුකරනවා. මේ සදහා පිරිසිදු ජලය සමග මලද් භාවිත කිරිම සිදුවෙනවා.



පහන් පත්තු කර අාර්ති පැවැත්විම මිට පසුව සිදුකරනවා. විවිධ බජං හා මන්ත්‍ර ගණ දෙවියන් වෙනුවෙන් ගායනා කිරිමද මෙම කාලය තුල සිදුවෙනවා. මෙම පූජාවන් අතරතුර ගණ දෙවියන් නිවසට වැඩම විම තුලින් බැතිමතුන්ට සෞභාග්‍ය හා වාසනාව ලැබෙන බවට තද විශ්වාසයක් හින්දු බැතිමතුන් සතු වෙනවා.

ගනේෂ් චතුර්ති උත්සවය අවසානය.

ගනේෂ් චතුර්ති උත්සවය අවසාන සිදුවන දිනයේදි ප්‍රතිමාව විශාල ජලය ඇති තැනකට (ගගකට වැනි) වැඩම කොට වතුරෙන් ගිල්විම සිදුකරනු ලබනවා. විශාල පෙරහැරක් වගේ උත්සවයකිනුයි මේ විදියට ගණ දෙවියන්ව වැඩම කිරිම සිදුකරන්නේ.


 

අපි මෙය සමරන්නේ කොහොමද?

ඔබ ගණ දෙවියන්ගේ සැබැ බැතිමතෙක් නම්. උදව් ඉල්ලන්න විතරක් බලාගෙන දෙවියන් වදින කෙනෙක් නෙමෙයි නම් මේ දවස ඔබට ගොඩක්ම වැදගත් දවසක්. හිතන්න මෙහෙම ඔබ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන කෙනාගේ උපන්දිනය දවස ගැන. සමහරවිට ඒ ඔබේ පුතාගේ දුවගේ උපන්දිනය වෙන්න පුලුවන් , අම්මගේ තාත්තගේ උපන්දිනය වෙන්න පුලුවන්. කොයි විදියටද ඔබ සමරන්න ඉන්නේ. ගොඩක් හොදට , කල්තියාම ලෑස්ති වෙලා නේද?

ඒ වගේම සැබෑ බැතිමතුන්ට ගණ දෙවියන් කියන්නේ සුවිශේෂි චරිතයක්. කොච්චර කාර්යයබහුල වුනත් , ලෝකයේ ගණ දෙවියන් වන්දනාමාන කරන ප්‍රසිද්ධ චරිත මේ දිනය ගණ දෙවියන් වෙනුවෙන් යොදවනවා. ඔබට වැඩිය ඔවුන්ට බොහෝවිට හැම විනාඩියක්ම වැදගත්. ඒත් ඔවුන් මේ දිනය  ගණ දෙවියන් වෙනුවෙන් කාලය යොමුකරන්න අමතක කරන්නේ නැහැ (පහතින් දැක්වෙන්නේ පසුගිය අවුරුදු වල ගණ දෙවියන්ගේ උපන්දිනය සමරන විට ලෝකයේ ප්‍රසිද්ධ චරිත ගත්තු ඡායාරූප කිහිපයක්)









ඔබට පුලුවන් මේ දිනයේදි සහස්‍රනාම් (ගණ දෙවියන්ගේ නම් දහසක් කියන පූජාව) පූජාව හෝ 108 පූජාව කරන්න. අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් කරන්න බලන්න. මොකද ගණ දෙවියන් ගොඩක්ම ආසයි තමන්ව ප්‍රශංසා කරනවට. ඒ වගේද උපන්දිනය දවසේ උන්වහන්සේව අපි හැමෝම ප්‍රශංසා කරන විට දැනෙන සතුට. මිට අමතරව ඔබට නිවසේදිම අභිෂේක මංගල්‍යය (ස්නාන පූජාව) කරන්නත් පුලුවන්. පහත ලින්ක් එකට ගිහින් වැඩිදුර විස්තර දැනගන්න.

ගණ දෙවියන්ගේ අභිෂේක මංගල්‍යය පිළිබදවූ ලිපිය.

ඒ වගේම ගණ දෙවියන්ගේ උපන්දිනය වෙනුවෙන් මෝදක සෑදිම ඉන්දියාවේ අනිවාර්යයෙන්ම කරන දෙයක්. කෙසේ හෝ ගනේෂ් චතුර්ති දවසේදි පූජා කරන දේවල් අතර ගණ දෙවියන්ට ම සාදන මෝදක හදන්නත් අමතක කරන්න එපා.

නිවසේදිම මෝදක සාදන ආකාරය ගැන දැනගන්න මෙතැනින්.

විශේෂම දෙය

විශේෂම දෙය විදියට මම දකින්නේ , අපි හැමෝම එකතුවෙලා මෙම දවසේදි ගණ දෙවියන් වෙනුවෙන් පිං වැඩ සිදුකරමු. මොකද ලංකාවේ බැතිමතුන් (විශේෂයෙන්ම සිංහල බැතිමතුන්) තමයි ගණ දෙවියන්ට වැඩියෙන්ම පිං අනුමෝදන් කරන කටයුතු සිදුකරන්නේ. ඒ නිසා ඉන්දියාව පුරා ගනේෂ් චතුර්ති  උත්සවය සැමරුවත් පිං අනුමෝදන් කරන වැඩ කටයුත්ත අපිට විතරයි කරන්න පුලුවන්. ඔයාට පුලුවන් විදියට කොහොම හරි මේ දවසේදි පිං වැඩක් කරලා. ඒ පින ගණ දෙවියන්ට අනුමෝදන් කරන්න. 




මේ දවසේදි වැඩි හරියක් කාලය ආදරණිය ගණ දෙවියන් වෙනුවෙන් ගත කරන්න. ඔබේ නගරයේ තියෙන කෝවිලට ගිහින් අහන්න මේ පූජාව පැවැත්වෙන වේලාව වගේම ගෙනියන්න ඕන දේවල්. ඒ දෙවලුත් මතක ඇතිව රැගෙන ගිහින් ආදරණිය ගණදෙවියන් එක්ක මේ දවස ගත කරන්න. ඔබ මේ දවසේදි ගණ දෙවියන් වෙනුවෙන් සිදුකරන සියලු දේවල් ගණ දෙවිදුන් - Lord Ganesha  පිටුවට එවන්න. වෝල් එකට හෝ message එකක් ලෙස ඡායාරූප අප්ලෝඩ් කරලා අපිට එවන්න. ගණ දෙවියන්ගේ බැතිමතුන් විදියට ඔයා කරපු ඒ දෙවල් මුලු ලෝකයටම පෙන්වන්න ගණ දෙවිදුන් - Lord Ganesha පිටුව ලෑස්තියි. මෙච්චර වටිනා ලිපියක් කියෙව්ව ඔබ ගණ දෙවියන්ගේ සැබැ බැතිමතුන්ගෙන් කෙනෙක්. ඔබ දන්නවනේ ගණ දෙවියන් උන්වහන්සේ ගැන කට්ටියට කියනවට කැමැතියි කියලා. ඔබ සැබෑ බැතිමතෙකු නම් මෙම ලිපිය යාලුවන් අතර SHARE කරන්න. පහතින් තියෙන Sharing is Caring එක ලග ඇති F අකුර තේරිම තුලින් Facebook එකේ පහසුවෙන්ම මේ ලිපිය SHARE කරන්න ඔබට පුලුවන්. නොසලකා හරින්න එපා, ඔබ ගණ දෙවියන්ගේ සැබෑම බැතිමතෙක් නම්.

මේ දවස ආදරණිය ගණ දෙවියන් එක්ක ගත කරන්න ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරන ගමන් කලින්ම අපි අපේ ආදරණිය ගණ දෙවියන්ට සුභම සුභ උපන්දිනයක ට ආසිරි ප්‍රාර්ථනය කරනවා.

You Might Also Like

0 comments