ගණ දෙවියන් නිවැරදිව වන්දනාමාන කිරිම අරඹමු.
ගණ දෙවියන් අලුතින් වන්දනාමාන කරන්න ගොඩක් බැතිමතුන් කැමැත්තෙන් සිටිනවා. බොහෝ දෙනෙක් අපේ ෆේස්බුක් පිටුවට මේ ගැන අසමින් messages එවන බැවින් මෙම ලිපිය ඔවුන් සියලු දෙනා වෙනුවෙන්ම සටහන් කරන්න කල්පනා කළා.
ගණ දෙවියන් වන්දනාමාන කිරිම ආරම්භ කරන්නේ කෙසේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් පුංචි පුංචි කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන්න කැමැතියි. මුලින්ම ඔබ කල්පනා කරලා බලන්න ගණ දෙවියන් වන්දනාමාන කරන්න ඔබට හිතුනේ ඇයි කියලා? එහා ගෙදර අය වන්දනාමාන කරන්න ගත්ත නිසාද? නැත්නම් ඉක්මණින්ම සල්ලි හොයාගන්න,රැකියාවක් ගන්න පුලුවන් වෙනවා කියල හිතුනද , කවුරු හරි කීවද? ඇත්තෙන්ම ඔබට එහෙම අදහසක් තියාගෙන ගණ දෙවියන් වන්දනාමාන කරන්න හිතුනනම් , ඒ කියන්නේ මොකක් හරි වාසියක් බලාගෙන ගණ දෙවියන් වන්දනාමාන කරන්න හිතුනනම් මේ ලිපිය කියවන එකෙන් තේරුමක් නෑ.
දෙවියන් කියන්නේ අපේ සේවකයින් නොවන බව ලංකාවේ බොහෝ දෙනෙක් දන්නේ නෑ. බහුතරයක් සිංහල ජනතාව දෙවියන් වන්දනාමාන කරන්නේ
- අසනීපයක් උනාම , රුකියාවක් හොයාගන්න ඕන උනාම , විභාගයක් ලංවුනාම.
මේ වගේ අවස්ථාවල දී ඉක්මණින්ම ගමේ තියෙන දේවාලෙට හෝ ප්‍රසිද්ධ දේවාලෙකට ගිහින් , පළතුරු වට්ටියක් පූජා කරන එක තමයි ගොඩක් අය කරන්නේ. කපු මහත්තයාට ගොඩක් සල්ලි දීලා යාතිකා කරගත්තම දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියලයි බහුතරය හිතාගෙන ඉන්නේ. ඒ වගේම බාර හාර වෙනවා ඒ මොහොතවල් වලදි. මොකක් හෝ වාසනාවකට කාර්යය සාර්ථක වුනොතින් ආයේ දෙවියන්ව මතක් වෙන්නේ නෑ. ආයේ මතක් වෙන්නේ මාස ගානකින් තවත් ප්‍රශ්නයක් එද්දි..
එහෙම නැත්නම් කාර්යය සාර්ථක නොවුනම දෙවියන්ට බනිනවා. මෙච්චර සල්ලි වියදම් කරලත් වැඩක් වුනේ නෑ කියමින්.
99 % සිංහල අය දෙවියන් ව මතක් වෙන ආකාරය තමයි ඉහතින් මම සදහන් කළේ. කතාව ඇත්ත කියලා බොහෝ දෙනෙකුට වැටහෙනවා ඇති.
මතක තබාගන්න
දෙවියන් කියන්නේ මිනිස්සුන්ට වඩා උසස් පිරිසක්. උන්වහන්සේලාට මුදල් වලින් වැඩක් නැහැ. ඒ වගේම උදව්වලට විතරක් දෙවියන් මතක් වෙන මිනිස්සුන්ට දෙවියන්ගෙන් පිහිට ලැබෙන්නෙත් නෑ.
ඔබ ගණ දෙවියන් වන්දනාමාන කිරිමට සුදුසුද?
දෙවියන් කියන්නේ උසස් පිරිසක්. ආවට ගියාට දෙවියන් වන්දනාමාන කරන පිරිස්වලට පිහිට ලැබීම සිදුවන්නේ නෑ. ගණ දෙවියන් පමණක් නෙමෙයි , ගණ දෙවියන් ප්රමුඛ සියලු දෙවි දේවතාවන් වන්දනාමාන කරන්න වගේම නිසි පිහිට අඛණ්ඩව ඔබට ලැබෙන්නේ මෙන්න මේ වගේ ගතිගුණ වලින් හෙබි වුනොතින්. (මම අත්දෑකිම් වලින්ම ඉගෙන ගත් දෙයක් තමයි මේ)
- ඔබ දෙවියන් වන්දනාමාන කරන්නේ උදව්වක් ගන්න බලාගෙන නම්, වාසියක් ගන්න බලාගෙන නම් ඔබට දෙවියන්ගෙන් නිසි පිහිට ලැබෙන්නේ නැහැ.
- දවසට විනාඩි 10ක් වත් ගණ දෙවියන් ප්රමුඛ දේව මණ්ඩලය උදෙසා ඔබට ගත කරන්න බැරිනම් දෙවියන් ඔබට පිහිට වෙයිද.
- අනික් අයට සතුරුකම් කරන , කොඩිවින හූනියම් කරන කෙනෙක් නම් ඔබ දෙවියන්ගේ පිහිට ලැබීම සිදුවන්නේ නැහැ.
- නිතර නිතර ප්‍රාර්ථනා විතරක් දෙවියන්ගෙන් ඉල්ලන්න ඉන්න කෙනෙක් නම් ඔබ , දෙවියන් ඔබ දිහා බලන්නේ නැහැ. මතක තබාගන්න දෙවියන් කියන්නේ සේවකයින් නෙමේ.
- යම්කිසි දෙයක් ඉටුනොවූ විට දෙවියන්ට බනින්න , ගෞරව කරන්න දන්නේ නැතිනම් ඔබ දිහා කිසිදු දෙවි කෙනෙක් බලන්නේ නැහැ.
ඉහතින් මම සදහන් කළේ පුංචිම කරුණු කිහිපයක් පමණයි. ඔබ සතුව මේ ගතිගුන තියනවද නැද්ද කියලා ඔබ මුලින්ම ගණ දෙවියන් වන්දනාමාන කරද්දිම උන්වහන්සේට වැටහෙනවා. ඒ නිසා දෙවියන්ව රවට්ටන්න හදන්න බැහැ. මම මෙහෙම කියන්නේ මම දැකලා තියෙනවා ඉහත කාණ්ඩ වලට අයත් පුද්ගලයින් ඔවුන්ට දෙවි පිහිට ලැබීම සිදුවන්නේ නැති බවත් දැකලා තියෙනවා.
අපි හැමෝම පෘථග්ජන මිනිස්සු නිසා සුලු සුලු වැරදි වෙන්න පුලුවන්. ඒක ගැටලුවක් නැහැ. හැම වෙලේම තමන්ට හැකි උපරිමෙන් හොදට ජිවත් වෙන්න උත්සාහ කරන්න බලන්න.
වන්දනාමාන කිරිම ආරම්භ කරන ආකාරය
- ගණ දෙවි රූපයක් (පිළිමයක් ගැනීමට මුදල් අපහසු ඇත්නම්) හෝ ගණ දෙවි පිළිමයක්.
- පිරිසිදු පූජාසනයක්.
- ගණ දෙවි පිළිමය තැබිය යුත්තේ පිරිසිදුම තැනකයි. (අපිරිසිදු තැනක පූජාසනය හැදුවොතනි් ගොඩක් කරදර වෙන්න පුලුවන් බව මම පෞද්ගලිකවම අත්දැකලා තියෙන දෙයක්.)
- රතු මල් / කහ මල් මෙන්ම සුවද මල් (රතු හා කහ මල් වලට ගණ දෙවියන් ගොඩක්ම කැමතියි)
- සුවද කුරූ.
- ඔබට පුලුවන්නම් හකුරු මිශ්‍ර කරපු කිරිබතක් සාදා එයද පූජාසනයේ තබන්න.
ඔබ මුලින්ම ගණ දෙවියන් වන්දනාමාන කිරිම ආරම්භ කරන්න ප්‍රථම ඔබ බෞද්ධයෙකු නම් බුදුපහන තියලා වතාවත් සිදුකිරිම සිදුවිය යුතුයි. පසුව ඒ කළාවූ පිං ගණ දෙවියන් ප්රමුඛව සියලු දෙවි දේවතාවන්ට අනුමෝදන් කරන්න.
- පසුව ඔබ සකස් කරගත්ත ගණ දෙවි පූජාසනයේ පහන් හා සුවදකුරු පත්තු කරන්න. සුවද මල් පූජා කරන්න.
- පහතින් සදහන් වන මූල මන්ත්‍රය (ගාථාව) තුන්වරක් කියන්න.
ගණ දෙවියන් වන්දනාමාන කරද්දි අපි මුලින්ම කියන මන්ත්‍රය තමයි මූල මන්ත්‍රය කියන්නේ. ගණ දෙවියන්ගේ අවධානය ලබාගැනීමේද මෙම මන්ත්‍රය ගොඩක් වැදගත්.
පසුව ඔබ කර ඇති පිං කටයුතු වලින් කිිහිපයක් මතක් කරන්න. ඒ වගේම මෙතෙක් කර ඇති සියලු පිං ගණ දෙවියන්ට අනුමෝදන් වේවායි සිතන්න.
දිනපතා මේ විදියට ගණ දෙවියන් වන්දනාමාන කිරිම සිදුකරන්න. ගණ දෙවියන්ට පුද පූජා පවත්වන ආකාරය ඇතුලු අනෙක් දේවල් ටිකින් ටික ඉගෙන ගන්න. ඔබ මුලින්ම ගණ දෙවියන් සමග සම්බන්ධය ගොඩනගා ගැනිම වැදගත්.
ගොඩක් අය හිතන්නේ කපු මහත්තයට සල්ලි දුන්නම දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියල. නෑ එහෙම කවදාවත් වෙන්නේ නෑ. ඔබ සෑම විටම පිං කටයුතු කරන්න ඕන. පිං කරන්න සල්ලි අවශ්‍ය නැහැ. සල්ලි නැති ගොඩක් අය පිං කරන්නේ තමන්ට පුලුවන් දේවල්වලින්. ඔබේ දැනුම තව කෙනෙක්ට නොමිලේ ලබාදීමත් පිනක්ම තමයි. මේ සියලු පිං ගණ දෙවියන්ට අනුමෝදන් කරන්න. උන්වහන්සේ ප්රමුඛ සියලු දෙවි දේවතාවන්ට මේ පිං අනුමෝදන් වෙත්වා යැයි සිතන්න.
දිනපතා මේ විදියට ගණ දෙවියන් වන්දනාමාන කිරිම සිදුකරන්න. ගණ දෙවියන්ට පුද පූජා පවත්වන ආකාරය ඇතුලු අනෙක් දේවල් ටිකින් ටික ඉගෙන ගන්න. ඔබ මුලින්ම ගණ දෙවියන් සමග සම්බන්ධය ගොඩනගා ගැනිම වැදගත්.
පහත ලිපියත් කියවන්න. (පහත මාතෘකාව උඩ ක්ලික් කරන්න)
ගණ දෙවියන් වන්දනාමාන කරන අලුත් බැතිමතුන්ට උපදෙස් 5ක්.
පිං කිරිම.ගොඩක් අය හිතන්නේ කපු මහත්තයට සල්ලි දුන්නම දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියල. නෑ එහෙම කවදාවත් වෙන්නේ නෑ. ඔබ සෑම විටම පිං කටයුතු කරන්න ඕන. පිං කරන්න සල්ලි අවශ්‍ය නැහැ. සල්ලි නැති ගොඩක් අය පිං කරන්නේ තමන්ට පුලුවන් දේවල්වලින්. ඔබේ දැනුම තව කෙනෙක්ට නොමිලේ ලබාදීමත් පිනක්ම තමයි. මේ සියලු පිං ගණ දෙවියන්ට අනුමෝදන් කරන්න. උන්වහන්සේ ප්රමුඛ සියලු දෙවි දේවතාවන්ට මේ පිං අනුමෝදන් වෙත්වා යැයි සිතන්න.
වේලාව
උදෑසන ඔබට හැකි වෙලාවක පහන තැබීම සිදුකිරිම ගොඩක් සුදුසුයි.(දවල් වෙන්න කලින් සිදුකිරිම ගොඩක් හොදයි).
ඔබට සවස් වරුවෙත් (5-6 අතර වගේ) මේ ආකාරයටම වන්දනාමාන කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
රැකියාවක නිරතවෙනම් සවස් වරුවේ හැකියාවක් නැත්නම් කමක් නැහැ. ඒ වගේම හැමවෙල්ම හකුරු මිශ්‍ර කිරිබතක් සෑදිම අවශ්‍ය නැහැ.
නිර්මාංශ විම.
මුලින්ම ඔබ ගණ දෙවියන් වන්දනාමාන කරන්න ආරම්භ කරන දවසට පෙර දවසේ සිටම නිර්මාංශ වෙන්න හැකියාව ඇතන්ම් ගොඩක් හොදයි. එහෙම නැත්නම් ආරම්භ කරපු දවසේ හෝ දවසම නිර්මාංශ වෙන්න. බිත්තර මිශ්‍ර ආහාරයක් හෝ ආහාරයට ගන්න එපා.
මගේ අත්දැකීම්.
ගණ දෙවියන් වන්දනාමාන කිරිම මම ආරම්භ කළේ 2012 - 2013 කාලය තුල. වසර 4කට ආසන්න කාලයක් ගණ දෙවියන් වන්දනාමාන කිරිම සිදුකරනවා. අද වෙනතුරු සෑම දවසක්ම , මොන වැඩේ තිබ්බත් උදෑසන බුදුන් වැද අනතුරුව ගණ දෙවියන් වන්දනාමාන කිරිම මා සිදුකරනවා.
මට ලැබුණු පිහිට අත්දැකීම් සදහන් කිරිමට දවසක් වත් මදිවේවි. ගොඩක්ම වෙලාවට පුදුම හිතෙන , විය හැකි සම්භාවිතාව අඩුම දේ පවා ගණ දෙවියන්ගේ පිහිටෙන් සිදුවුනා. ගණ දෙවියන් ජීවමානමයි.
මෙම වෙබ් අඩවියේ ඇති අත්දැකීම් කොටසට යෑමෙන් මාගේ මෙන්ම බැතිමතුන්ගේ අත්දැකීම් කොටසක් ඔබට බලාගත හැකියි. (http://www.sriganesha.net/search/label/Experience)
ඉල්ලීම් කීරිම.
ඔබ ගණ දෙවියන් වන්දනාමාන කරන්න පටන්ගද්දිම ඉල්ලිම් ඉල්ලන්න , ප්‍රාර්ථනා කරන්න යන්න එපා. මතක තියාගන්න ගණ දෙවියන් කියන්නේ සේවකයෙක් නෙමේ.
දිනපතාම ගණ දෙවියන්ට මේ විදියට වන්දනාමාන කටයුතු සිදුකරන්න. ගණ දෙවියන් පිළිබදව වෙළද පොල තුල අන්තර්ජාලයේ බොහෝ ලිපි පොත්පත් තියෙනවා. ඒවා කියවන්න. ඔබට පුලුවන් ඔබේ ෆේස්බුක් ගිණුමට ඇතුලත් වි පහත ලින්ක් එක ක්ලික් කරන්න පසුව එම ගෘප් එකට සම්බන්ධ වි ඔබට ඇති අනෙකුත් ගැටලු විසදාගන්න පුලුවන්
ඉදිරියේදි තවත් බොහෝ වැදගත් ලිපි අලුත් බැතිමතුන් වෙනුවෙන් පළ කරන්න සූදානම්. ඒ පිළිබදව මුලින්ම දැනුවත් වෙන්න මෙම ෆේස්බුක් පිටුවට LIKE කරන්න.
https://www.facebook.com/LordGaneshaDevotees/
https://www.facebook.com/LordGaneshaDevotees/
ඔබ දැනටමත් ගණ දෙවියෙක්ගේ බැතිමතෙක් හෝ අලුත් බැතිමතෙක් නම් මෙම ලිපිය ඔබේ Facebook යාලුවන්ට දැනගන්න සැලසීම ඔබේ යුතුකමක්. ඒ සදහා ඔබට සතයක මුදලක් හෝ වැයවෙන්නේ නැහැ. ගණ දෙවියන් ගොඩක්ම කැමතියි උන්වහන්සේගේ නාමය තවත් අයට දැනගන්න ලබාදෙනවාට. මේ ලිපිය ඔබ තව කෙනෙක්ට බලන්න සලස්වනවා කියන්නේ ගණ දෙවියන් ගැන තව කෙනෙක්ට කියලා දෙනවා වගේ වැඩක්. ඒ නිසා පහතින් තියෙන Sharing is Caring යටතේ ඇති F අකුර ක්ලික් කොට facebook එකේ යාලුවෝ අතර මෙම ලිපිය බෙදාගන්න පුලුවන් ඔබට. නොසලකා හරින්න එපා.
0 comments